April 22, 2014

සයිබර් සිහින උළෙල 2014.

මුලින්ම කියන්න ඕනේ මං අවුරුදු උත්සවේට අවේ නෑ. නමුත් දසතින් ඇහුනු විස්තර කිරීම් හා බුකියේ සෙයාර් උන ෆොටෝ දිහා බලද්දී නම් අවුරුදු උත්සවේ ජයටම ගිය බවක් තමයි පෙනී යන්නේ. එන්න නොවිච්ච එක ගැන කනගාටුවත් හිතේ ති‍යාගෙනව ලියනවා පෝස්ට් එක.

දැන් ඉතිං මං ආපු නැති නිසා වැඩේට,කොයින්ද මට විස්තර. ගිය කිහිප දෙනෙක්ගෙන් අහලා දැන ගන්න හිතුනූ නිසා කිහිප දෙනෙක්ගෙන් අහලා බැළුවාම හැමෝගෙම පොදු මතේ තමා මේ පාර අවුරුදු උත්සවේ වෙනදාටත් වඩා බොහෝම සාර්තක විදියට කෙරී ඇති බව. ඒ ගැන නම් බොහෝම සංතෝසයි. මොකද මෙලෝ දෙයක් නොකෙරුවා උනත් පළවෙනිම අවුරුදු උත්සවේ සංවිදායක තුමෙක් තමා මාත්. ඒ වෙන කොට දැනුං තෝරුං නැති උනත් අනිත් උර දීල වැඩ කටයුතු කල අයියලා අක්කලා එක්ක මාත් උන්නා කියන සංතෝසේ හැමදාම මගේ හිතේ ‍තිබුනා. ඒ පටන් ගත්ත පටන් ගැනිල්ල හතර වෙනි වතාව වෙද්දි මේ වගේ තැනකට ගෙන ඒම ගැන සංවිදායක මන්ඩලේ සැට් එකට ස්තූති කරන්න ඕන.

දැන් ඉතිං ඔය වැඩේ යද්දී හැමදාමත් වගේ ඉල ඇදෙන සීන් කෝන් එහෙම වෙන්න ඇතිනේ. ෆොටෝ බලද්දිනම් ටිකක් ටිකක් ඒවා දැක්කා. අනේ ඉතිං දෑහිං බලන්න බැරි උනානේ. ඔය අතරේ සයිබර් උළෙලේ සිහින කුමරා වෙච්ච අපේ සිහින මලයලෑ ගෙවල් පැත්තේ ගියා අද. ගියේ ඉතිං හා හා පුරා කියලා ගත්තු මගේ අළුත්ම කැම් පැන්චා පාවිච්චි කරන විදිය ගැන කාරනා කාරනා දැන කියා ගන්න. අනේ ඉතිං ලෝබ කමක් නැතිව දන්න කියන සේරම මට කියලා දුන්න එකට සිහින මලේ උබට බොහෝම පිං. මෙන්න ඉතිං මගේ කැමරාවේ පොටෝව මුලින්ම.


ඒ වගේම කියන්න ඕනා මට මේ සදහා උදව් කල බොහෝ දෙනා මේ සයිබර් අවකාෂයෙන් මුන ගැසුනු අය. ඒ සියළු දෙනාටම බොහෝම ස්තූති. 

ඉතිං ඔහොම සිහින මලයාත් එක්ක කයියක් දා ගෙන ඉන්න වෙලාවේ නිකමට වගේ ඇහුවා " මලේ නැද්ද අවුරුදු උත්සවේ ෆොටෝ " කියලා. කියනකොටම දුන්නා හැටු හුට හමාරක් ෆොටෝ. දන්න කියන මූනු වගේම නොදන්න ගොඩක් අයත් මේ පාර සිහින උලෙලට ඇවිත් තිබුණා. ඉතිං ඒ අතරින් දන්න කියන අය ඉන්න පිංතූර කිහිපයක් දැක්කාම මටනම් ඉල ඇදෙන්න හිනා ගියා. මෙන්න පළවෙනි එක.


එහෙට හැරිලා මෙහෙට හැරිලා බැළුවා මොකාද බොලේ මේ මරු සිරා කියල. පස්සෙනී මීටරේට පත්තු උනේ මේ අපේ රණා අයියා ගොයියා කියා. හනේ ඉතිං ලණු අත අරින්න ගියාම මෙහෙමත් වෙනවා නෙවෙද ......... 


මෙව්වනම් මහ අසාධාරණ වැඩ. අර අගේ ඇති නළාවක් පිබ පිබ ඉදලා ඕනේ අයියා ඒක ටිකක් පිබින්න ඉල්ලුවාම ඒක නොදී වෙන මොකද්ද අට මගලක් දීලා.ඒක පිබ ගන්න බැරිව බලාපල්ලාකේ මූනත් එක්ක පරල වෙලා තියෙන හැටි. අර නලාව ඕනේ අයියාටත් ටිකක් පිබින්න දුන්නානම් ගෙවෙනවද කියහල්ලකෝ. ඒක හොදට පිබලා, ඕනේ අයියාට නොදී මේ යෝදයා හිනා වෙන කැත විතරක්. අනෙ අප්පේ ....................


කවුද බොලේ මේ අපේ හීන මලයට පිපිරෙන්නේ නැති බැළුමක් දුන්නේ. බලහල්ලකෝ අච්චර ලොකු වෙන්ඩ මේ යෝදයා කොහේ තියෙන හුලං ඒකට පිම්බද මන්දා. තව ටික වෙලාවක් පිම්බානම් හීන මලයා බැළුම ඇතුලේ. නැත්නම් හකු පැනලා. අර බෙල්ලේ එල්ලං ඉන්න විසිල් එක පිබ පිබ ඉන්නේ නැතිව මොන අහවල් එකකට මේ බැරි එව්වට පිබින්න ගියාද මන්දා ...................


අහන්ඩ බැරි එක වෙනම කථාවක්. ඒ උනාට වටිනවද අතේ තියෙන රබාන උදුරන් ගිහින් ප්ලාස්ටික් බේසං වල මූඩි අතට දෙන එක. මේ රටේ හැකියාවටත් තැනක් නෑ. හැකියාවක් ඇති කර ගන්නත් තැනක් නෑ. අමාරුවෙන් හරි රබං පද දෙක තුනක් ගැට ගහන්න දගලපු බනියා මලයට ඊගාව පාර මංම රබානක් ගෙනැල්ලා දෙන්නම්කෝ. ආයේ එක එකාලයේ අනම් මනම් නැතුව උබ ඒක පැත්තකට වෙලා පැළුවත් කමක් නෑ.


යකඩෝ මේ මේකද්ද හීන මලයාට කොරන්න හදලා තියෙන අපරාදේ. එක්කොත් මේක ගැන නොදන්න නිසා මුකුත්ම නොකියාම ඉන්නම්කෝ.

ප:ලි. හුදෙක් විනෝදය සදහා මෙම ඡායාරූප බාවිතා කල අතර යම් අපහසුතාවයක් යම් අයෙකු භාජනය වන්නේ නම් සමාව භාජනයේ ඇත.

April 9, 2014

උසස්වීම.

කමල් ගාමන්ට් එකක වැඩට යන්නේ ඇයි කියලා අපිට හිතා ගන්න බැරි උනා. මිනිහා කියන විදියට බයෝ සයන්ස් කරලා හෙන පොරක් වෙච්ච මිනිහෙක්. අපිනම් දැනන් උන්නේ නෑ ඔය කියපු හෙන පොරත්වය මොන වගේද කියලා. අපිත් එක්ක එකට වැඩ කරනකොට දුන්නු පොර ටෝක් වල හැටියට ඉතිං මිනිහා ඔය කියපු හෙන පොරක් වගේ ඇති කියලා අපි හිතිං හිතා ගත්තා.

අපිට ලැබුණු රාජකාරිය අපි අකුරට කලා. ඒකත් ඉතිං අපිට අනුවනේ කියන්නේ. දන්නෝ දනිති ඒවත්. අපි ඒ විදියට වැඩ නොකලානම් ඔය කමලට අපිට වඩා ඉදරියට යන්න පුළුන් නොවෙන්නත් තිබ්බා. කොහොමින් කොහොමින් හරි මිනිහා අපේ ලොක්කා උනා කියමුකෝ. ඔන්න දැන් තමයි කථාව පටන් ගන්නේ.

ඔය අස්සේ එතෙන්ට පාත් උනා ඔය අතාක් පාතක් තියෙනවද දන්නෙත් නැති, නටන්න පුළුවන් වන්නම් සේරම නටා ගත්ත, මේලෝක වැඩක් හරියට කර ගන්න බැරි, හැබැයි එක වැඩක් හරියටම කර ගන්න පළුවන් ස්ත්‍රී පරානයක්. අපි ඉතිං නිලූකා කියමුකෝ එයාට. ආපු දවස් වල නම් බොහෝම හොදට උන්නා. ඒත් ඉතිං කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටනේ.

නිලූකට ඕන උනා කොහෙම හරි මෙතන වැඩ කරන අයගෙන් අඩුවෙන්ම වැඩ කරන පුද්ගලයා වීමට. මොකද මෙතන යන වැඩ පිළිවල එක්ක නිලූකට වැඩ කරන්න අමාරුයි. කරන්න තියෙන හොදම දේ තමා කොම හරි ලොක්කෙක් අල්ලගෙන මොන ගේමක් ගහලා හරි ඒකිගේ වැඩේ කර ගන්න එක. අන්තිමට ඉතිං අර හය හතර නොතේරෙන, බොහෝම උගත්, නැනවත්, ගුනවත්, සීලා චාර ඔහොම ඔහොම ගොඩක් ඒව තියන කමලව තමා දැලේ දා ගත්තේ.

දැන් තමයි සීන් කෝන් එකේ පටන් ගැම්ම. අපිට කමක් නෑ උන් මොන මංගල්ලයක් කර ගත්තත්. ඒක් ඉතිං වැඩ කරන වෙලාවට අපි කන්ඩායමක් විදියට වැඩ කලේ නැත්නම් එතැන වැඩ කරන්න අමාරුයි. නමුත් අර කියපු දැලේ දා ගැනිල්ලත් එක්ක කමල් ගේ පෙන්නන් උන්නු චරිතේ දිය වෙලා යන්න මහ ලොකු කාලයක් ගියේ නෑ. අනික මිනිහා දැන් අනිත් අයට වඩා උසස් හින්දත්, ලොක්කන්ට ගොට්ට අල්ලන් ඉන්න නිසාත් මිනිහාට ඕනම දෙයක් කරන්න හැකියාව තිබුණා. නමුත් මොන ටෝක් දීලා තිබ්බත් අන්තිමට මුළු ආයතනේම දැන ගත්තා සතාගේ හැටි.

ඔන්න ඕකයි කමල්ගේ සරලම කථාව. මිනිහා කියන විදියට මිනිහාට මෙහෙම ඉන්න ඕනේ මිනිහෙක් නෙමේ. මොකද හොදට ඉගෙන ගෙන තියනවා. අනික බයෝ සයන්ස් කරපු එකා. අනික් ඉතිං කියලා තිබුණු විදියට සමාජ අත්දැකීම් අතින් මිනිහා අපට වඩා හරි ඉදිරියෙන් උණ්නේ. ඒක කොච්චරද කියනවා නම් දවසක් ඔය ලොකු ලොක්කෝ ඉන්න තැනක පොඩි තේරවිල්ලක් ගැන ගැතාවක් ගිහින් තිබුණා. මිනිහාගෙන් තේරවිල්ල අහපුවාම ඇත්තටම ඉතිං මිනිහාගේ තියෙන මහා දැනුම් සම්භාරයේ ඒක තියෙන්න නැතිව ඇති. අන්තිමට මිනිහා බේරිලා තියෙන්නේ මම බයෝ සයන්ස් කරපු එකා. මම තේරවිලි ගැන දන්නේ නෑ කියලා. අනේ මන්දා ඒක නම්. බයෝ සයන්ස් කලාම එහෙම වෙනවාද කියලා දැන ගන්න අපි කොරපු එකක් යෑ ඕවා.

ඔන්න ඉතිං අපිත් එක්ක හොදින් උන්නු කාලේ මිනිහා ඔය යම් යම් දේවල් ගැන තර්ක විතර්ක කරනවා අපි. හරක් මස් කෑම ඒ වගේ එක මාර්තුකාවක්. මිනිහා මොන තරම් හරක් මස් කෑමට විරුද්ධද කියනවා නම් බුකියේ පවා යම් යම් දේ සෙයාර් කරමින් මහා කර්තව්‍ය පවා කරනවා. ඉතිං ඔය නිලූක ගේ ආගමික පරිසරය අරක මේක එක්ක හරක් මස් කෑම කරනවා. මිනිහා මුලින් මුලින් විරිද්ධ උනත් පස්සේ දැලේ පැටළුනාට පස්සේ මොනවා කරන්නද ?. අයේ හරක් මස් කෑම ගැන මිනිහාගේ කථා ගොන්නෙන් අයින් උනා. 

ඉතිං ‍කොහොමින් කොහොමින් හරි උගේ තියරි වලට වෙච්ච දෙයක් නැතිව ගියා. අගේට හිටිය කොළුවා. අනික‍ පොරට අනුව පොර මාර පොරක්නේ. අපිට මොකද මොන වෙඩිමක් නට ගත්තත් කියලා සද්ද නැතිව උන්නට අන්තිමට අපිටම තමා මිනිහා කෙල කරන්න ආවේ. මොකද නිලූකට වඩා සීනියර් මට්ටමේ 3න් දෙනෙක් උන්නා. ඒ 3න් දෙනා ඉන්න කල් නිලූකව ඉස්සරහට ගේන්න කමල්ට බෑ. ඔතන ඉදන් තමයි ප්‍රෂ්න ඇති‍ වෙන්න ගත්තේ. මොක මේ 3න් දෙනාට කමල් හිතා මතාම කෙනෙහිලි කම් කරන්න ගත්තා. ඒවාට විරුද්ධව කථා කිරීමත් එක්ක කමල් තවත් කෙනෙහිලි කම් කලා. අවාසන ප්‍රතිඵලය උනේ මේ තිදෙනාම ආයතනයෙන් ඉවත් වීමයි.

මම ඉතිං මේ කථාව කියා ගෙන ආවේ තමුන්ට ලැබෙන දේ මොන දේ උනත් හරියට කලමණා කරනය කර ගත්තේ නැත්නම් වෙන දේවල් ගැන. මිනිස්සු ඉදිරියට යන්න ඕනා. රැකියා මට්ටමෙන් හෝ වෙන යම් ඕනෙම දේකින්. නමුත් මුල අමතක කිරීමත් එක්ක ඒ ඉදිරියට යාම තුල කොතරම් කල් රදා පවතින්න පුළුවන් වෙයිද කියන එක කවුරුත් දන්නේ නෑ. අනිත් එක කමල් මේ වැඩ කලේ තමුන්ට විවාහ වීමට බොහෝම දිරිය වන්ත කාන්තාවක් සමග සම්බන්දයක් තියෙද්දිත්. ඒත් ඉතිං පොත්තේ සුදට සේරම යටයිනේ.

කාලෙකින් ආයේ පෝස්ට් එකක් බොහෝම අමාරුවෙන් ලියා ගත්තේ.
නම් ගම් මඃකල්පිතයි.

February 27, 2013

අපිට පිස්සු ඕයි !!!



හත්ඉලව්වයි ඕයි.
පිස්සුළු ඕයි.
අරූටත් පිස්සුළු ඕයි.
මූටත් පිස්සු ඕයි.
හික් හික් ඕයි.

අනෙ ඕයි.
කොහෙද පිස්සු ඕයි.
කාටද පිස්සු ඕයි.
උබටද පිස්සු ඕයි.
අරූටද පිස්සු ඕයි.

තොපි සේරටම පිස්සු ඕයි.
බොට පිස්සුද ඕයි.
ඇයි මේක බැළුවේ ඕයි.
බොට පිස්සු ඕයි.
යමු පිස්සං කොටු ඕයි.

සේරටම පිස්සු ඕයි.

මට පිස්සු වගේ ඕයි!
වගේ නෙමේ ඕයි...
පිස්සු තමයි ඕයි !!!

January 31, 2013

ටෙස්ටිං.

මහලොකු විසේස දේවල් ඇත්තෙත් නැති නැත්තෙත් නැති කාලයක් පහු කරගෙන ඇවිත් එකම රිදම් එකකට සැට් වෙලා එහෙට මෙහෙට පැද්දි පැද්දි ඉන්නකොට තමා මේක මතක් උනේ. මේක ඉතිං වැඩ කොරනවද නැද්ද කියලා බලන්න එනවා මිසක්කා ලියන්න කියන්න හම්බ උනේ නෑ නොවැ මාස ගානකින්. කොහොමින් හරි කම්මැලි කමේ කැරකි කැරකි ඉදලා අන්තිමට ඕන කෙහෙල් ගහක් යටින් කියලා ආයේ ලියන්න පටන් ගත්තා.

දැන් ඉතිං බ්ලොග් අවකාසෙට මොනවා වෙලාද කියලා අපි නම් දන්නේ නෑ ඕං. මෙව්වා බලන්න කරන්න ඉස්සර වගේ වෙලාවක් කලාවක් හොයා ගන්න අමාරුයි නොවැ. ආයේ පාරක් කරක් ගහලා බලමුකෝ මොකද වෙන්නේ කියලා.

ඔය අස්සේ තමා ගම්පහ ගෙට්ටුවටත් යන්න හම්බු උනේ. අපේ අහල පහලම උදවිය තමා බැලින්නම් වැඩේ සංවිධානය කොරලා තියෙන්නේ. කෝම හරි ගියා කියමුකෝ. හපුච්චේ අළුත් මූනු නම් එමට. සිරා ඇතුළු ඒ කන්ඩායමට ස්තූති වන්ත වෙන්න ඕනා ‍වැඩසටහන සංවිදානය කිරීම ගැන.

ඔං ඉතිං ආයේ ලියන්න පටන් ගත්තා. ඊගාව ලිපියෙන් ආයේ හමුවෙමු. හෙහ් හෙහ්.

October 3, 2012

October 1, 2012

දුක හා සතුට.

සතුටු
වෙයන්
සියල්ල
අතීතයට
බාරදුන් නිසා

දුක්
වෙයන්
තාමත්
මට පන
තියෙන නිසා