අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ
වල්කොල අතුට නිදා බෝඩින් යහනේ
හොදටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ
පාළුයි සිහින විමානේ //
සූ සැට ශිල්ප කලා සල් පිලකට නෙගැනේ
හඳ එලියෙන් කිසිදා ලිප ගිණිදැල් නොනැගේ
සත් රුවණින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරුකල
කොම්පියුටර් නොදැනේ //
අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ .....
ඡන්දෙට පැල් රැක්කා ගිණි තැප්පට සරියේ
මවු පිය කඳුළු වැටී සහතිකපත් මැකුණේ
රණ් අකුරින් නම ලියවුනු රණ් කැටි පුතුනට පමණයි
සිංහාසන සැදුනේ //
අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ .....
ගායනය : ගුණදාස කපුගේ
මේ සිංදුව මට අහන්න හම්බ වුනේ අහන්බෙන් වගේ. මම ඉස්සර කපුගේ ශූරීන්ගෙ සුපුරුදු සිංදු ටික අහනව විතරයි කරන්නෙ. දවසක් රේඩියෝ එකේ වැඩසටහනකට මේ සිංදුව දැම්මා. මාත් කපුගේගෙ ෆෝල්ඩරේ ඇදල බලපුවාම සින්දුව තියෙනව. ඊට පස්සෙ ලංකාවෙ තවත් එක් කේදවාචකයක් ගැන කියවෙන මේ ගීතය මගෙ හදවතේ නිතරම ලැගුම ගත්ත. සුපුරුදු පරිදි මේ ගීතය අහන්න මෙතනට කොටන්න වෙනව.
සිංදු අහන අතරෙ තමන්ගෙම සිංදුවකුත් ලිව්වොත් නරකද???
ReplyDeleteස්තුතියි සහෝ..
ReplyDeleteසින්දුවක් ලියන්න තමා සෑහෙන කාලෙක ඉදල දගලන්නෙ
ReplyDelete