බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා
සරාගික වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ //
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදි වුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා
බිඳුණු පෙම් හද ........
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මන්සලේ //
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හම්වේවී
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නනේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්
බිඳුණු පෙම් හද ........
තවත් මගෙ හදවතේ රැදුනු ගීතයක් මම ඔයාලට ගෙනාව. මේක අහන්න එකෙන්ම. com එකට ගිහිල්ල පුළුවන්. අමතක නොකර comment එකකුත් දාන්න.
nice song :)
ReplyDeleteගුණදාස කපුගේගේ මම අහන්න ආසම ගීතයක්......
ReplyDeleteහ්ම් ආසම සිංදුවක් මගෙත්....මතකය අළුත් කලාට ස්තූතියි.
ReplyDeleteමගේ ජීවිතේ ගතවෙන හැම තත්පරේම හිතේ තියන සින්දුවක්
ReplyDelete