අපේ ගේ පිටිපස්සසෙ කුස්සිය තියෙන හරියට නිතරම ලේනෙක් එන්න යන්න පටන් ගත්ත. ඉතින් අපේ අම්ම පලන්න කියල ගෙනත් දාල තිබුණු දර කොටයක් උඩට කෑම ටිකක් දාල බැළුව. ලේනත් ඒව කාල ගියා. පළවෙනි දවස් වල බොහොම බයෙන් තමයි ලේන ආවෙ ගියෙ. පස්සෙ පස්සෙ ලේන අපිට සෑහෙන්න හීලැ උනා. අම්ම ලේනට කිරී කියල කතා කරන්න ගත්ත. ඊට පස්සෙ තාත්ත බිත්තියෙ ලෑලි කෑල්ලක් ගහල ඒකට කෑම දාන්න පටන් ගත්ත. එතකොට ලෙන්නු ගොඩක් එන්න යන්න පටන් ගත්ත. ඒත් කිරි තරම් අපිට හීලැ උනේ නෑ.
දවසක් වහලෙ උඩ කිරී මහ හයියෙන් කෑ ගහනව. අපි එලියට ඇවිල්ල බැළුව මොකද කියල. පාරෙ යන බල්ලෙක් වත්තට ඇවිල්ල. ඊට පස්සෙ බල්ලව පන්නල කිරීට කතා කලාම කෑ ගහන එක නැවැත්තුව. උදේට කෑම දාන්න පරක්කු උනොත් කිරී ගේ ඇතුලට ඇවිල්ල කෑ ගහනව. හැබැයි අනිත් ලේන්නු එහෙම නෑ. අපේ අම්ම සාලෙ ජනේලයක් ගාවින් පුටුවක් තියාගෙන හිටියොත් කිරිත් එතනට ඇවිල්ල ඉන්නව. අම්ම උදේට රේඩියෝ එකේ බණ අහනව. එතකොටත් කිරි ඇවිල්ල බණ ඉවර වෙනකන් ඉදල යනව. අම්ම පේන්න හිටියෙ නැත්නම් කිරි කොහොම හරි අම්ම ඉන්න තැනට හොයාගෙන යනව.
අපේ කුස්සිය පිටි පස්සෙ තිබුන පරණ තේ කොල පෙට්ටියක්. ඒක ඇතුලෙ පරණ බෝතල් යකඩ කෑලි දාලයි තිබුනෙ. කිරී ඕක ඇතුලෙ කූඩුවක් හදන්න ගත්ත. ටික දවසකින් කිරි එන්නෙ නැතිව ගියා. අනිත් ලේන්නු එනව. ඒත් කිරී කියල කතා කලාම වෙනද එන ලේනා නෑ. ඔය අතරෙ අපේ තාත්ත තේ කොල පෙට්ටිය ඇදල බැලුව. තේ කොල පෙට්ටියෙ අතුලෙ තිබුනු යකඩ දැලක හිර වෙලා කිරී මැරිල හිටිය. ඒ ගාවම කිරී බාගෙට හදපු කූඩුවත් තිබුණ.
තාමත් අපේ ලෑල්ලට කෑම කන්න ලේන්නු එනව. ඒත් කිරී තරම් අපිත් එක්ක මිත්‍රශීලී නෑ. මට තාමත් හිතාගන්න බැරි කිරී අපිත් එක්ක හීලැ උනේ අපි කෑම දාපු නිසාද ?. නැත්නම් වෙන මොකක් හරි හේතුවකටද කියල.

මිතුරුකමට මුල පුරන්න ඇත්තෙනම් කිරි දීපු එක...ඒත් ඕනෑම සතෙකුට ආදරයෙන් සලකනකොට ඌ හීලෑවෙනවා....මොකද සත්තු අපෙන් ඉවතට දුවන්නේ අපිට තියෙන බය හිඳා නෙ...
ReplyDeleteඅනේ පවු.. අපෙත් ලේනෙක් හිටියා..
ReplyDeleteඅපේ අම්මත් ලේන්නුන්ට කන්න දෙනව.. උන් කූඩුව හදල තියෙන්නේ ලයිට් බිල් මීටරේ තියන් පෙට්ටිය ඇතුලෙ..
ReplyDelete