පෝය දවසට අපි හැමෝම පන්සල් යනවනෙ. මාත් පන්සලට යන්න කියල හිතාගෙන පාරට ආව. ඇත්තට පන්සලට ගියාම අපේ මනසට කොච්චර සහනයක්ද. පෝය දවසට අවට පරිසරේ උනත් අමුතු එලියක් තියෙනවනෙ. උදේනම් උපාසක උපාසිකාවො සිල් සමාදන් වෙන්න පන්සලට යනව. හවසට අනිත් හැමෝම වගේ පන්සල් යනව. පාර බලන්න ලස්සනයි. ඔය අතරින් බීගත්ත මිනිහෙක් නෑදෑ පරම්පාරාවකටම බැන බැන ආවොත්. එහෙම දෙයක් එදා ඇසළ පෝය දවසෙ උනා. මිනිහෙකුට කියන්න පුළුවන් තුච්චම තුච්ච වචන වලින් බැන බැන පාරෙ යන්න ඔයාලට පුළුවන්ද ?. සුද්දො සිංහලයව නැති කරන්න දීල ගිය දෙයක්නෙ අරක්කු. මොකද සිංහලයො වගේ ජාතියක් ඉහළට ආවොත් උන්ට තියෙන තැන නැතිව යනව. ඒක නිසා සුද්දො ලංකාවෙන් යද්දි ඔය වගේ විශබීජ පැල කරල ගියෙ. බලාගෙන ඉද්දි ඒව පැතිරිලා යනව. වගකිවයුත්තො නිහඩයි. තවත් අය උඩගෙඩි දෙනව. නමුත් කල්පනා කරල බලන්න, අපි බුද්ධාගමත් එක්ක පෝෂණය වෙච්ච ජාතියක්. ගමයි පන්සලයි, වැවයි දාගැබයි කියන සංකල්පෙට තමා වැඩ කටයුතු කලේ. පුරාණෙ ලංකාවෙ හිටිය රජවරු ඒ විදිහට කටයුතු කලා. නමුත් දැන් එහෙම වෙනවද ?. අපි ජාතියක් විදිහට ඉදිරියට යන ගමනෙදි මේ වගේ දේවල් වෙද්දි අපි මොකද කරන්නෙ. සමහරක් බුද්ධාගමයි සිංහල කමයි රැකගන්න දගලන කොට තවත් පිරිසක් කරන වැඩ තමයි මේව. අපේ රටේ නීති හදල තියෙන්නෙ මේ වගේ දේවල් වෙන්නද ?. අපි විශ්ව ගම්මානෙට යන්නෙ මේ වගේ දේවල් එක්කද ?. comment කරන්න. ඒක මට ගොඩක් වටිනව.
comment කරන එකේ පොඩි අවුලක් තිබුන.. දැන් නම් හරි වගේ :P
ReplyDeleteපවුකාරයෝ කියලා මරන්නයැ බං :D
ReplyDelete