හොදයි එහෙමනම් මම ගැන පොඩි විස්තරයක් කරන්නම්කො. මගෙ සමපූර්ණ නම තමා විජේසුන්දර ඒකනායක මුදලිගේ ශාමින්ද ඒකනායක. මගෙ උපන්දිනේ 1987/06/04. අම්ම මනෝහරි රණසිංහ. තාත්ත විමල් දයානන්ද ඒකනායක. මට සහෝදර සහෝදරියො නැ. මට ආදර වන්තියක් ඉන්නව. මම ඉපදුනේ මීරිගම. ඉස්කෝලෙ ගියෙ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට. අපි වැඩි කාලයක් හිටියෙ ගිරඋල්ලෙ. A/L කරල ඉවර උනාට පස්සෙ අපිට මීරිගමට එන්න වුනා. මම ගොඩක්ම කැමති සිංදු අහන්න. තව පොත් කියවන්නත් කැමතියි. අපේ රටේ හැමතැනම ඇවිදින්න යන්න කැමතියි. වොලිබෝල් ගහන්නත් කැමති. මම හැමෝම එක්ක විහිළුවක් කරල බොහොම සතුටින් ඉන්න කැමතියි. මේ දවස් වල තාත්ත එක්ක එකතු වෙලා වත්තෙ වගාවක් කරගෙන යනව. ඒ ගැන පස්සෙ කියන්නම්කො. මෙච්චරයි ඉතින් මම ගැන කියන්න තියෙන්නෙ.
සබඳ අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිණි දැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොදුරු අඬහැරය වෙමු
දනන් නිනදෙන් මුදන
බ්ලොග්කරණයට අලුත් කෙනෙක් වගේ. සාදරයෙන් පිලිගන්නා අතර දිගු ගමනකට ආසිරි පතනවා
ReplyDeleteඒ වගේම කමෙන්ට් වල word verification අයින් කලොත් හොඳයි කිය්ලත් හිතෙනවා
ශාමින්ද අයියා අපෙන් සුභ පැතුම්! හෙළයා කීව වගේ word verification එක අයින් කරන්න එතකොට ප්‍රතිචාර දක්වන අයට ලේසී.
ReplyDeleteබ්ලොග් ලිවිල්ලෙ බ්‍රේක් නෑ.. ජීවිතේට රිවස් නෑ කිව්වලු :D
ReplyDeleteඅය්යේ.. ඔයා ගාන සබන් ජාතිය මොකක්ද..?
ReplyDeleteරාණි සබන්
ReplyDelete