June 29, 2011

රස්තා.

මම : හලෝ මල්ලියා කෝමද ? සෑහෙන කාලෙකින් දැක්කේ.

රස්තා : අලෝ ශාමින්ද අයියා. පිස්සු කොර ඈ.

මම : ඇයි මල්ලී මොකෝ කේස් එක.

රස්තා : නෑ නෑ අයියා ගොඩ කාලෙකින් දැක්කේ නැති හින්දා. කෝමද ඉතිං. දැන් වැඩිය ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ මොකෝ.

මම : ඒක මිසක්කා. වැඩ මල්ලී මේ දවස් වල. මොකද මල්ලී මේ දවස් වල කරන්නේ.

රස්තා : මුකුත් නෑ අයියා. රස්තා තමා.

මම : රස්තියාදු ගහන්න එපා බං.

රස්තා : අයියට සෝට්ද ?. රස්තියාදු නෙමේ රස්තා රස්තා.

මම : මොකා. රස්තා. ඒ කවුද ?.

රස්තා : ඒ ......... දන්නේ නෑ වගේ අහන හැටි. අයියලා ඉස්තර රස්තා ගැහුවා. අපි දැන් රස්තා ඉස්සරහට අරගෙන යනවා.

මම : අපි ගැහුවේ මල්ලී රස්තියාදු නේ.

රස්තා : පිස්සුද අයියා. අයියා දන්නේ නැතිවාට ඒක තමා රස්තා ඉස්ටැයිල් එක. අයියාට තේරෙන්නේ නෑ.

මම : ආ ......... ඇත්තද ?. මොකද මලේ ඇස් දෙක බර වෙලා වගේ. නිදි මැරුවද ඊයේ.

රස්තා : අපේ කොල්ලෙක් ආවා ගෙදර අයියා. මිනිහා ගාව පොඩ්ඩක් තිබිලා ඔතලා ගැහුවා.

මම : ඒත් රස්තෙක්ද බං ආවේ.

රස්තා : අයේ මොනවා අහනවද අයියා. මිනිහා එල රස්තෙක්. එනිටයිම් හදේ.

මම : අම්මට සිරි. යකෝ උබේ අතේ තියෙන බෑන්ඩ් ගොඩ. ගෙදරින් බයින්නේ නැද්ද බං.

රස්තා : ‍ගෙදර ගානට මෙයින්ටෙයින් කර ගන්න ඕනා අයියා. මේ ....... අළුතෙන් ගහපු ටැටූ එක.

මම : යකෝ ග** කොලේම ගහල නේද අතේ.

රස්තා : ආයේ ‍මොනවද බොබා වගේ තමා. රොකම තමා.

මම : බොබා රොක දැම්මද බං.

රස්තා : ආයේ මොනවද. රස්තා ඉස්ටයිල් එක ගෙනාවේ බොබා‍‍නේ අයියා. අයියෝ අයියලා තාම දන්නේ නැද්ද ?. ඇයි රෙගේ ස්ටයිල් එක.

මම : අපි මොනවාද බං දැන් දන්නේ. අඩේ මේ ටී ශර්ට් එ‍කේ ඉන්‍‍නේ චේ ගුවේරා නේද ?.

රස්තා : චේ නම් තමා. හැබැයි ගුවේරා කියලා කෑල්ලක් තියේද දන්නේ නෑ.

මම : එතකොට මෙයත් රස්තා කෙනෙක්ද බං.

රස්තා : මම හිතන්නේ ඒම වෙන්න ‍ඕනා. කෝමද ඩයල් එක. අපි වගේම තමා.

මම : උබ ඇත්තටම දන්නේ නැද්ද බං චේ ගැන.

රස්තා : නෑ අයියා සිරාවටම දන්නේ නෑ. මම එකෙන්ම දන්නේ මිනිහා රස්තා පොරක් කියලා විතරයි.

27 comments:

  1. හික් හික් පට්ට කතාව ඕයි....

    සමහර ලයින් කියවද්දී.....

    එක්කෝ ඕනි නෑ.... කටපිටන් ඉන්නම්.....

    ReplyDelete
  2. හපෝයි.... තරුණ පරපුර විනාස වීගෙන යන හැටි.... අපි ගැහුවට ඔය වගේ කියෙව්වෙ නැහැනෙ..

    ReplyDelete
  3. කිසිවක් නොතේරුනි

    ReplyDelete
  4. ෴ හසියා ෴ : කියපං කියපං හිතේ තියා‍ගෙන ඉන්නේ නැතිව.

    අළුත් කොල්ලා : කියලා වැඩක් නෑ බං.

    ශානු : නොතේරුන එක හොදා .......:D :D :D

    ReplyDelete
  5. පිස්සු ඈ... මාව මගේ අතීතෙට ගෙනිච්චා.. සුන්දරයි.....
    කියන්න වචන නෑ....

    ReplyDelete
  6. චේ දන්නවනම් එහෙම :-D

    ReplyDelete
  7. බහුතරයක් හැමදේටම ඔයවගේ.කරන්නං වාලෙ කරනවා මිසක් වගක් විභාගයක් නෑ...

    ReplyDelete
  8. මල්ලි මොකද අන්දකයිප්පු පැගුනද? ඒ පාර ඇහිදන් කෑවද? :D

    අනේ මන්දා වනේ වන්දා කිව්වාලු. මටත් කියන්න තියෙන්නේ ශානු නගා කියපු එකම තමයි.

    (මත්ද්‍රව්‍යයක් ගැන කියන බවක් වැටහෙනවා. ඒත් මොනවද කියා වැටහෙන්නේ නැහැ)

    ReplyDelete
  9. මමත් රස්ත ටැටූ එකක් ගහන්න ඕන :D

    ReplyDelete
  10. චේ ග්වේරත් එක විදිහක රස්තියාදුකාරයෙක් තමයි මං හිතන්නේ මචං.. කොහොම හරි මේක කියෙව්වම මටත් ඒ කාලෙ මතක් වුනා.. :)

    ReplyDelete
  11. හොද හොද එව්වා කටට එනවා මෙතන කියන්න බෑ එක්කො කියනවා
    මුන්ට (කුණුහබ්බයක්)ඕන.. කියල වැඩක් නෑ!

    ReplyDelete
  12. මචං ඌ දන්නේ නැති උනාට "චේ" ඇවිල්ලා ඔඳම රස්තා පොරක් තමා... බලං ගියාම ඌ නොදැන හරි හරි..:D

    හොඳම පෝස්ට් එකක් මල්ලි තේරුම් ගන්න එවුන් ඉන්නවනං..
    ඔය "සිරා" කියන වචනේ මුලින්ම ආපු දවස්වල ඕක හැම රෙද්දටම ඉස්සර කරගෙන කතාවට ආව බුවෙකුට මංනං කියලා දුන්නා ආයේ බොරු පඩ ෂෝ නොදා පොළොවේ පය ගහලා ඉන්න විදිය...

    ReplyDelete
  13. අපේ අයියාත් බොබ්මාලි රසිකයා... මෙහෙ එයාගේ පින්තුර ගොඩයි.... :D

    ReplyDelete
  14. ලංකාවේ තරුණ පරපුර තමා ....

    ReplyDelete
  15. එදිනෙදා හම්බවෙන රස්තල ගැන මරු පෝස්ට් එකක්. ඔය පිටින් පාට උලන් කියවගෙන ඉන්න උන් කොයි සංගමෙත් ඉන්නවා. සමහර සංගම් වල උන් තමයි පොරවල්.... ;-)

    ReplyDelete
  16. හික්ස්....නියමයි

    ReplyDelete
  17. නචියා : නචියාටත් සුන්දර අතීතයක් තියෙනවා වගේ. ලිව්වා නම් හොදා ඒකත්.

    Thusitha (දිමා) : අයේ මොනවද එනිටයිම් හදේ......

    ම : මොනවා කොරයිද දෙන්නේ නෑ නේද ?.

    තීර්ථ යාත්‍රිකයා : ඒකනම් ඇත්ත. මම වෙලාවකට වගක් විභාගයක් නැතිව කරපු දේවළුත් තිබුණා.

    රාජ් : වනේ වාසේ කිව්වළු.

    RanDil : අක්කට ටිකක් තේරුම් ගන්න අමාරුයි තමා.

    Yohan Kanishka | යොහාන් කණිෂ්ක : සමණලයෙක් ගහමු.........

    පුතා : ඒකත් ඇත්ත තමා.

    මලියා : නොකියාම ඉමු ඒමනම්.

    මාරයාගේ හෝරාව : මම මේක ලියන්න ගියේ වෙනින් විදිහකට අයියා. නමුත් මට හිතුනා මේ විදිහට ලියලා දැම්මානම් හොදා කියලා. තේරුම් යන කෙනෙකුට තේරෙන්න.

    හසී : ඇයි නගේ අයියා බොබ් මාලිගේ සින්දු අහන්නේ නැතෙයි.

    පන්සල් හංදිය : මොනවා කරන්නද ඉතිං. කාලේ හැටි නොවැ.

    වැප් : හික් හික්. වැපා මාමාත් රස්තෙක්ද ඈ .

    hare :-) : තවත් විවිද ඌ රස්තලා අපේ සමාජේ ඉන්නවා.

    දිල් : හික්ස් ..........

    ReplyDelete
  18. අනේ බන් උබත් රස්තෙක් වෙලා බලපන්කෝ ගෙදරින් මොකක් වෙයිද කියලා බලන්න

    ReplyDelete
  19. ඔහොම කාලයක් තියෙනවා නෙද කොල්ලන්ට ? :D මොකක්දෝ කරුමයකටද මංදා මට වල බහින්න බැරි සීං එකක් තිබ්බා :D

    අෆෝ චේ දැක්කා නම් මලක් ගහලා එල්ලිලා මැරෙනවා :D :D

    ReplyDelete
  20. පික්ෂූ කොරයි බොල

    ReplyDelete
  21. සමාවෙයන් බං අයියේ එන්න පරක්කු උනාට.මං දැන් මේ කතාවයි...මේ කතාවේ නිධාන කතාවයි සේරම දන්නවනේ.මොනවා උනත් ඔය අහිංසක කොල්ලෝ යාළුවො හින්ද තමයි ඔය පැත්තට යන්නේ.ඒත් උඹ දන්නවනේ අයියේ..සමහරු ඉන්නවා ඔය මොන තැන හිටියත් තමන්වැ පාලනය කරගෙන යන්නන් වාලේ යන්නැති උන්.මට මැවිලා පේනවා ඇඟට ලොකු ටී ෂර්ට් එකක් ඇඳගෙන ලොකු මාල දාගෙන කකුල යටින් හිර කරපු කලිසමක් ඇඳගෙන පාට තුනේ තොප්පියක්, හෑන්ඩ් බෑන්ඩ් එකක් දාගෙන උඹ ඉස්සරහට වෙලා කියෝන පොඩි කොල්ලෙක්ව.සිරා ලිවිල්ල...
    ජය වේවා !!

    ReplyDelete
  22. අඩෝ මේක අද දැක්කේ බන්. වදින්න ලියල තියෙනවා රිදෙන්නම. මරු

    ReplyDelete