ඔන්න ඉතිං මගේ බ්ලොගේ පටන් අරගෙන අවුරුද්දක් සම්පූර්ණ උනා. ඒ අවුරුද්ද ඇතුලත මේ ලියන්නේ 50 වෙනි පෝස්ට් එක. නමුත් අද නෙමේ ඒ දිනේ යෙදිලා තිබුනේ. මීට සතියකට කලියෙන්. ඒකියන්නේ ගිය 18 වෙනි සදුදාට. මම ඉතිං ඇගිලි ගැන ගැන හිටියේ මේ දිනේ එනකං. බ්ලොගයක් පටන් අරගෙන අවුරුද්දක් ඇතිලත 50 වෙනි පෝස්ට් එක ලියනවා කියන්නේ මටනම් ඇත්තටම ලොකු දෙයක්. මොකද මම එච්චර ලියන්න දක්ෂ කෙනෙක් නොවෙන නිසා.
නමුත් ........................
මට ගිය 18 වෙනිදා ඒ සතුට ඒ ආකාරයෙන් බුක්ති විදින්න ලැබුනේ නෑ. මට ඒ 50 වෙනි පොස්ට් එක හරියටම අවුරුද්ද දවසේ ලියන්න පුළුවන් උනේ නෑ. එදා වෙන කොට අපි කවුරුවත් නොහිතපු දෙයක් සිද්ද උනා.
මේ 16 වෙනි සෙනසුරාදා රෑ මගේ ජංගමයට ලැබුණු දුරකථන පණිවිඩයෙකින් කිය වුණු දේ...
මචං ධනුෂ්කට ඩෙංගු උණ හැදිලා. දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ. සැරින් සැරේ හුස්ම ගන්න එක නතර වෙනවළු.
ඒක ඇහෙද්දිම මගෙත් හුස්ම නතර උනා වගේ. මට කරන්න කියන්න කිසි දෙයක් හිතා ගන්න බැරිව ගියා. මට මේ වෙලාවේ කියන්න කියලා හිටියේ අම්මයි තාත්තයි විතරයි. මම ඒදෙන්නට කීවා.
බය වෙන්න එපා පුතා ඒ ළමයට මුකුත් කරදරයක් වෙන එකක් නෑ. දැන් බේත් එහෙම දෙනවා ඇතිනේ ඉස්පිරිතාලෙන්. ඔයා ගිහින් නිදා ගන්නකෝ.
මම ආයෙත් ඇදට ආවා. මට කීයට නින්ද ගියාද කියලා දන්නේ නෑ. 17 වෙනිදා පාන්දර නැවතත් මගේ ජංගමේ නාද උනා.
මචං ධනුෂ්ක නැති වෙලා.
කොහොමද විශ්වාස කරන්නේ එහෙම දෙයක් උනා කියලා. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.
එදා 18 වෙනිදා මගේ බ්ලොගේට අවුරුද්දක් පිරෙන දවසේ අපිත් එක්ක එකට වැලි කූඩේ කරගහලා දුක සැප බෙදාගෙන හිටිය අපේ මිතුරා අපේ කර මතින් අවසන් ගමන් ගියා.
මචං ධනුශ්ක. හිතට හරිම වේදනයි මචං. ඒත් කරන්න දෙයක් නෑ. අපි හැමෝටම ඔය ගමන යන්න වෙනවා. උනේ උබ අපිට කලින් ගිය එක. උබ අපිට කොයිතරම් හොද මිතුරෙක් උනාද කියලා කියන්න වචං නෑ මචං. තාමත් උබේ කටහඩ ඇහෙනවා බං.
උබට ආයේ අපි අතරම නැවත ඉපදෙන්න කියලා මේ සසරේ බැද තබා ගන්න තරම් අපිට ආත්මාර්ත කාමී වෙන්න බෑ මචං. මතු නිවන් දකිනා තුරා මෙවන් අකල් මරණයන්ට ගොදුරු නෙවේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථානා කරනවා ඇරෙන්න වෙන අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ බං.
මචං ධනුෂ්ක. උබට නිවන් සුව ලැබේවා.
මාව මේ බේලොග් කලාවට කැන්දන් ආපු ගයාන් කණිශ්ක සොයුරාට හා මෙතෙක් ආ ගමන් මගේ මට නන් අයුරින් උදව් උපකාර කල දියළු දෙනාට මගේ හද පිරි ප්‍රනාමය සමග සුතුතිය පුද කරනවා.

ඔයා ඔය දුක බස් එකේ කියල ගිය හැටි අපිට මතකයි අයියේ.යාලුවෙක් වෙනුවෙන් උඹ කරන්න පුළුවන් උපරිම දේ කළා.ඒ ගැන සතුටු වෙන්න..ආයෙත් ඔය වගේ අකල් වියෝවක් නොවේව කියල අපිත් ප්‍රර්ථනා කරනව.
ReplyDeleteහරි.බ්ලොග් එකට අවුරුද්දයි..මට තාම මතකයි මං දවසක් කිව්වා අඩේ බලපන් බං අයියේ උඹ පොස්ට් 50 ලියන්න කිට්ටුයි නේ කියල.එතකොට ඔයා කිව්වේ අඩෝ හැබෑද බං කියල.මම මුලින්ම බස් පදින්න ඇවිත් කාත් කවුරුවත් අදුරන්නේ නැතුව ඉද්දි මට මුලින්ම මල්ලි කියල කතා කරලා වැඩේ කියල දුන්නේ උඹ.ඉතින් සහෝදරයෙක් වගේ එදා ඉඳල තාම තියන ඒ පට්ට ෆිට් එකට මම මාර කැමතියි.මේ පනහ.උඹ සීය ලියද්දිත් මං මේ වගේම කොමෙන්ට් කරනවා.මට කරදරයක් උනේ නැත්තං.දිගටම ලියපන් බං අයියේ..මේක පොස්ට් එකක් වගේ ඇති.ඒත් උඹට අපි සුභ පතන්නේ නැතුව වෙන කවුරු සුභ පතන්නද...
මම එදත් කීවා. අදත් කියනවා. හෙටත් කියනවා. මට නංගි කෙනෙක් හිටියානම් උබව මස්සිනා කර ගන්නවා.
ReplyDeleteමුලින් උඹේ යාළුවාට නිවන් සුව පතනවා!
ReplyDeleteසුභ පැතුම් මචං දිගටම ලියමු :)
මමත් යාලුවාගේ මරනයට සමාදනයේ සැතපිමක් .... !!! ඔහුට උදා වේවා කියා පතනවා......
ReplyDeleteඔන්න ඉතින් මම නම් 50... මුල ඉදන් අගට කියෙව්වා ඉතින් මටත් වැඩ් ව්ස්තර කියන්නට බැරි වුනාට "යුතුකම" හරියට ඉටු කරා කියා පේනවා දුක් නොවන්න එම "යුතුකම" ඉටු කරපු බව හැගුනේ නැත්නම් යාලුවා වෙනුවෙන් තවත් ආගම්ක කටයුතු කරන්න.....
අනේ මන්දා මේ ඩෙංගු වසංගතේ...
ReplyDeleteඊයේ මගේ පාසල් මිතුරකුගේ 15 හැවිරිදි දියණිය, භූමදාන කලා...
ඈත් ඩෙංගු හැදිලා මියගුයේ...
මගේ පුතාටත් මීට අවුරුදු 7 කට පෙර ඩෙංගු හැදිලා නහයෙන් තොල් වලින් ලේ ගලන ගානට අමාරු වුනා...
මිතුරාට නිවන් සුවම අත්වේවා..
ශාමින්ද මල්ලීට දිගටම බ්ලොග්කරණයේ නියැලෙන්නටත් මේ වාගේ හරවත් යමක් එක්ක අප හමුවට එන්නටත් ලැබේවායි පතමි...
මිතුරාට නිවන්සුව පතනවා..
ReplyDeleteඔන්න මගෙනුත් සුබ පැතුම්, අවුරුද්දයි, 50වෙනි ලිපියයි වෙනුවෙන්... දිගටම ලියන්න, ජය වේවා...!
යාළුවාට නිවන් සුව පතනවා!!!
ReplyDeleteඋඹට සුභ පතනවා!!!!
යාලුවට උපදින් ඇත බව වල මෙවන් අකල් විපතක් නොවේව කියල ප්‍රර්ථනා කරන ගමන් නිවන් සුව පතනවා.....
ReplyDeleteදිගටම ලියමු අයියා...සුභ පැතුම් හදවතින්ම...
හ්ම්...යාලුවට නිවන් සුව පතනවා අයියේ..යලි කෙදිනකවත් මෙවන් අකල් මරණයක් නොපතනව...
ReplyDeleteඅයියාගේ පනහ සහ අවුරුද්දට සුබම සුබ පැතුම්...
හ්ම්.. මරණය... පණ වගේ ලඟින් ඉන්න වුන් අපිව දාල යන දුක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මචන්. උඹේ යාලුවට නිවන් සුව!!
ReplyDeleteතව ඉදිරියට ලියන්න ශක්තිය ලැබේවා!!!
හ්ම්ම්ම් හැමදාමත් කියන්න වගේ හොඳ අය දෙවියෝ ඉක්මනට ළඟට ගන්නවා අයියේ. ඒ අයියට නිවන් සුව පතනවා.....!!!!!
ReplyDeleteඅයියට දිගටම ලියන්න ශක්තිය අදහස් හෝ ලාගා ගලාන එන්න කියලා පතනවා.....!!!!!
යාලුවාට නිවන්සුව
ReplyDelete50 ගැහුවටයි බර්ත්ඩේ එකටයි සුභ පැතුම්
මිතුරෙක්ගේ නික්මයෑමේ වේදනාව කොහොමද කියලා මං හොඳටම දන්නවා!ඔබේ මිතුරාට සුභ ගමන්!
ReplyDeletehttp://sabithl.blogspot.com/2011/07/blog-post.html
මුලින්ම සුභ පතනවා බ්ලොග් එක අවුරුද්දක් පුරාවට ලියාගෙන ආවට. ඒ වගේම ඩිගටම ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඋඹ ලියලා තියන දේවලුත් මාත් එක්ක එදා කියපු දේවල් වලිනුත් තේරුනේ යාලුකම කියන්නෙ මොකක්ද කියලා. මමත් ඔය අත්දැකීම වින්දා මීට අවුරුදු 5කට විතර කලින්. මොනා කරන්නද මචන් හෙට මේ දේ මට වෙන්න පුලුවන්. වෙලාව ආවම යන්නම වෙනවා.