August 23, 2011

ජීවිතය කෙටියෙන්.

මම දැන ගෙන උන්නා කවදා හරි දවසක මේ දේ වෙන බව. ඒත් මම හිතුවේ නෑ මේ දේවල් ඒ විදිහටම වෙයි කියලා. නමුත් වෙන්ඩ තියෙන දේ උනා. මට කරන්න දෙයක් ඉතුරු නොකරම සමහර දේවල් ඉවරම උනා.

මට වැරදුනා. සමහර තැන් හොදටම වැරදුනා. විසදුම් හෙව්වා. සමහර ඒවට විසදුම් තිබුනා. නොතිබුණු ඒ වට බලෙන්ම විසදුම් දුන්නා. හැප්පුනා. තැළුනා. ඒත් වැරැද්ද හදන්න ඕනා. අතීතෙට යන්න බැරි උනා. ඒත් සමහර දේවල් හැදුවා.

සමහරු උදව් කලා. තවත් සමහරු ඔහේ බලාගෙන හිටියා. ඇතමෙක් වැට බැන්දා. හිත රිදුනා. හිත් රිදුනා. ඒත් දිගටම ගියා.

විසදුම් තිබුණා. තිබුණු විසදුම්ද වැරදුනා.

අත්හදා බැළුවා. නිරීක්ෂණය කලා. නිගමන වලට ආවා. ඒ තුළින් අළුත් විසදුම් සෙව්වා.

හෙව්ව විසදුම් ක්‍රියාවට නැගුවා. මම හිතුවා හරි ගියා කියලා.

එකක් හරි ගියා. දහයක් වැරදුනා.

එකක් ඉගෙන ගත්තා.

මෙතන ඉදන් හරියට යනවා.

15 comments:

  1. එහෙම තමයි බං අපි ජීවිත කාලෙම එක එක දේවල් ඉගෙන ගන්නවා අත්දැකීම් ලබනවා.....
    කොහොම වුනත් රෑ වැටුනු වලේ දවල් නොවැටී ඉන්න එකයි වෙන්න ඕනේ

    ReplyDelete
  2. නියමයි ...අයේ වැරදුනත් ඔය විදිහටම හිතමු යාලුවා

    ReplyDelete
  3. පූසා : අන්න හරි සූස් මලේ.

    වැප් : එය අකුරටම පිළීපදිමි යාළුවා.

    ReplyDelete
  4. සාදු සාදු සා........දු........!!

    :D :D

    ReplyDelete
  5. අනිවාර්යයෙන්.. වැරැද්දක් නොවුනොත් කවදාවත් ඒ ගැන අත්දැකීමක් නැ.. හැබැයි පුලුවන් කමක් තියේ නම් පලවෙනි ෂොට් එකෙන්ම හරියට කරන්න බලපං.. ඒක තමා ගොඩක්ම වටින්නේ..

    ReplyDelete
  6. අන්නහරි.. නියමවිදිය ඔය තෝරගත්තෙ.. නව මාවතට ජය!!

    ReplyDelete
  7. ඇනගන්න ඇනගන්න තමයි මලේ ඉගෙනගන්න ලැබෙන්නේ . . .

    ReplyDelete
  8. ජීවිතේ සිදුවීම් වෙන්නෙ කෑගහල අඬා වැළපෙන්නවත්...කොක් හඬ දීලා හිනා වෙන්නවත් නෙවේ....ඉගෙනගන්නයි.....ඉදිරියට යන්නයි..!

    ReplyDelete
  9. ඉතින් ඕකනේ ජීවිතේ කියන්නේ.............. වැටි වැටි නැඟිටින්න ඉගෙන ගන්න එපැයි.

    ReplyDelete
  10. ජිවිතේ කියන්නේ ඕකටනේ අයියේ...ඔය හැමදේම අත්දැකීම් කරගෙන ඉදිරියට මුහුණ දෙන්න...අත්දැකීම් කියන්නේ අපේ ජිවිතේට විශ්ව විද්‍යාලයක් වගේ....ඉතින් ඉදිරියට හොදට මුහුණ දෙන්න ඒ හරහා පුළුවන්....

    ReplyDelete
  11. වැටි වැටිනේ අයියා අපි නැගිටින්න ඉගෙන ගන්නේ :D

    ReplyDelete
  12. ඕක බං වෙන්නේ ඒ අවස්තාවේ හැටියට..

    අද උඹට වැරදුනා කියලා හිතුනට තව පියවර කිහිපයක් ඉස්සරහට ගියාම පේනවා ඒ වැරදුන තැනක් නෙවෙයි හරි ගිය තැනක් කියලා.ඒත් ඒක අපිට ඒ මොහොතේදී තේරුම් යන්නේ නැහැ. ඒ වගේම ආයේ දවසක තේරුම් යයි ඔව් වැරදුන තැනක් කියලා..ආයෙම තේරෙවි නැහැ හරිගිය තැනක් කියලා..

    කාලය සහ අවස්ථාව කියන්නේ කවදාවත් ස්තාවර දේවල් නෙවෙයි..ටිකක් මඤ්ඤං වගේ දෙයක් තමා.ඒත් ඇත්ත තියෙන්නේ එතන.නිවිහැනහිල්ලේ අතීතේ වැරදුන තැන් හරි ගිය තැන් ගැන කල්පනා කරලා බලපන්.එදා ඒ දේ දැක්ක වවිදියට වඩා වෙනස් විදියකට උඹට පෙනෙන්න පටන් ගනී...

    හොඳම දේ ගලා යන්නට ඉඩ හැර නිහඩ වීමයි.උඩුගං බලා යෑම ජයග්‍රහණයක් කියා සිතෙන්නට හැකි උනත්.කොයි ගග අවසන් වන්නෙත් මෝය කටෙනි.උඩුගං බලා යෑම හැමදාම කල නොහක.හැකියාව ඇති තාක් එසේ ගියද නැවතත් ගසාගෙන එන්නේ පහලටමය...

    මේක ටිකක් විතර පරාජිතයෙකුගේ සිතිවිල්ලක් වගේ පෙනුනට... හරියට බැළුවොත් අවසානයේදී නියම තත්වය අවබෝධ වේවි.
    -අති පණ්ඩිත මාරයා

    ReplyDelete
  13. මාර අය්ය කියල තියන දේ ගොඩක් වෙලාවට හරි කියල හිතෙනව.

    ReplyDelete
  14. මට වැරදුන හැටියට වැරදුන තැනම කරකැවී හිටියානම් දිල් කෙනෙක් නෑ.... ඔන්න ඔහොම හැමෝටම හිතන්න පුළුවන් නම්....

    ReplyDelete
  15. මචන් මට හිතෙන විදිහට ජිවිතෙ හරි වැරදි කියල දෙයක් නැ බන්.තියෙන්නෙ සිතිලිවි විතරයි බන්...

    ReplyDelete