October 1, 2011

බුලත් විටේටත් ගිය කලක්.


මම සෑහෙන කාලෙක ඉදලා බො‍හොම ආසාවෙන් කන කෑමක් තමයි බුලත්විට. බඩ පිරෙන්න නම් නෙමේ . හිත පිරෙන්න තමයි බුලත් විටක් කන්නේ. ඉස්සර නම් පුළුවන් හැම වෙලාවකම මම බුලත් විටක් කෑවා. නමුත් දැන් රස්සාවක් කරන්න පටන් ගත්ත දවසේ ඉදලා ඒ පුරුද්ද ටික ටික අඩු උනා. මොකද මම නිතරම ගෙදර නැති හින්දයි. නමුත් නිවාඩු දවසට නම් මම අනිවාර්යෙන් බුලත් විටක් කනවා.

ඉස්සෙල්ලාම බුලත් විටක් කාපු දවස මට මතක නැති උනත් මුලින්ම බුලත්විට කාලා වෙච්ච දේ නම් මට අමතක වෙන්නේ නැහැ. මම යන්තම් වගේ මතක විදිහට මල ගෙදරකදි තමයි මේ සිද්දිය උනේ. මහ ලොකුවට බුලත්විට කන්න ගත්තට කලමනා ටික හරියට හදා ගන්න දැනගෙ උනේ නෑ. බුලත් ‍කොලේ පුරාම හුණු ගාලා පුවක් බෑවකුයි දුන්කොලයි දාලා තමා කෑවේ. වැඩි වෙලා කන්න හම්බ උනේ නෑ. දාඩිය දාලා වෙවුලන්න වගේ ගත්තා. එතකොටයි මම දන්නේ බුලත්විට කාපුවාම මත් වෙනවා කියලා. අන්තිමටක කටත් හෝදලා විටේ අහකට දැම්මා. කට ගන්ඩ දෙයක් නෑ හොදටම හම ගිහින් හුණු වැඩි වෙලා. ඉන් මනත නම් විටක් කද්දී කවදාවත් ආයේ දුංකොල පාවිච්චි කලේ නෑ මම.

එහෙම පටන් ගත්ත විට කෑම යාළුවොත් එක්ක මළ ගෙවල් වල දානේ ගෙවල් වල එහෙම ගියාම හොදටම කන්න පටන් ගත්තා. කොහොමත් මළ ගෙවල් දානෙ ගෙවල් වල අනිවාර්යයෙන් විට වටිය තියෙනවා. සමහර පලාත් වල ඒකෙම බීඩි මිටි දෙක තුනකුත් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ බුලත් වට්ටියට අංගු වෙන්නේ බුලත්, පුවක්, හුණු, දුංකල. විටේ තවත් ටිකක් රසවත් වෙන්න නම් තව ජාති එකතු කරන්න පුළුවන්. කරදමුංගු, කරාඹුනැටි, ඉඟුරුපියලි, වසාවාසි වගේ දේවල් එකතු උනොත් නම් තවත් රසට කන්න පුළුවන්.

විටක් කන්න උනත් ඔය ජාති ටික විතරක් තිබුණාම මදි. ඒක හරියට ඒද ගන්නත් දැන ගන්න ඕනා. හුණු වැඩි උනොත් කට හම යනවා. බුලත් වැඩි උනොත් හරි පදම එන්නේ නෑ. ඒවගේම පුවකුත් හරි ගානට තියෙන්න ඕනා. තව දුංකලත් එකතු කර ගන්නවා නම් ඒවාත් ගානට ඕනා. ඔය කියන ගාන දන්නේ ඉතිං කන කෙනාම තමා. මම නම් දුංකොල කන්නේ නෑ. 

බුලත් විටක් කෑමේදී තියෙන පුවක් ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනා. සමහර පුවක් කාපුවාම හොදටම මත් වෙනවා. පුවක් ගෙඩිය දිහා බලලානම් ඒක කියන්න බැහැ. කාලම තමා ඒකත් බලන්න වෙන්නේ :D :D :D

ඉස්සර නම් ගෙදරක සමාන්‍යයෙන් බුත් වැලක් දෙකක් තිබුණා. ගෙදරට අමුත්තෙක් එහෙම ආවාම බුලත් විටකින් සංග්‍රහ කිරීම සිරිතක් වෙලා තිබුණා. වත්ත පල්ලෙහාට වෙන්න පුවක් ගස් දෙක තුනකුත් තිබුණා. කඩෙන් දුංකොලත් ‍එක්කම හුණු පැකට් එකකුත් ගෙනත් තිබුණා. නමුත් කාලයාගේ ඇවෑමෙන් බුලත් විට මිනිස්සුන්ගේ ජීවිත වලින් අයින් වීමත් එක්ක අර ගෙදර තිබුණු බුලත් වැලත් නිකම්ම අයින් වෙලා ගියා. අද බොහෝ දුරට ගෙදරක බුලත් වගාවක් තියේනම් ඒ විකිණිම සදහා සාදාගත් ඒවා. 

දැන් නම් විට කන ගොඩක් දෙනා කරන්නේ කඩෙන් රුපියල් 10ට 15ට 20ට තියෙන විටක් ගෙදර අරන් ගිහින් කන එක. අපේ ගෙදරත් බුලත් වැලක් තිබුණට මමත බොහෝ දුරට කරන්නේ කඩෙන් රු: 10 දීලා විටක් අරන් ගිහින් කන එක. ගොඩක් වෙලාවට මම කරන්නේ මගේ නිවාඩු දවසට කලින් දවසේ ගෙදර යන ගමන් විටක් අරන් ගිහින් පහුවදාට කන එක. එතකොට ආයේ අමුතුවෙන් විටක් ගේන්න කඩේට යන්න ඕනේ නෑනේ. නිවාඩු දව‍සේ ගෙදරටම වෙලා හිටියෑකිනේ.

මම ඉතිං වෙනදා වගේ මේ සතියේ නිවාඩුවට කලින් දවසෙත් විටක් අරගෙන ගෙදර ගියා. දැන් 10ට තිබ්බ ‍විටේ 15 වෙලා. සමහරක් තැන් වල 20යි. ඉතිං කෝම හරි මම විටක් ගන්න ගිය තැන විටේ ගාන 10යි. මම ඉතිං විටකුත් අරන් ගෙදර ගියා. දැන් මම රෑට කෑම එහෙම කාලා බස් එකක් එහෙම පැදගෙන ඉන්නවා. විටත් පැත්තකින් තියෙනවා. පහුවදාට කන්න කියලා හිතාගෙන ගෙනාවට මොකද කන්නමයි හිතෙන්නේ. එතකොට පහුවදාට මදි උනොත් ආයේ කඩේට යන්න ඕනා විටක් ගන්න. ඔන්න‍ඔහෙ ඕන දෙයක් වෙච්චාවේ කියලා මම විටේ දිග ඇරියා කන්න කියලා හිතාගෙන.

අනේ විටේට ගිය කලක්. ඉස්සරනම් බුලත් කොල පහ හයක්ම තිබුණු විටේ දැන් තියෙන්නේ බුලත් කොල 2යි. පුවක් කෑලි තුනයි හුනු ජුන්ඩයි දුංකොල පටි දෙකයි. (දුන්කොල මම කන්නේ නැති හින්දා ඒක විසික් කරනවා).ඒ කියන්නේ දෙපාරක් කාපුවාම විටේ ඉවරයි. 

අන්තිමට උනේ පහුවදාත් ටවුමට ඇවිල්ලා විටක් අරන් යන්න වෙච්ච එක. :D :D :D 

22 comments:

  1. දුංකොල විතරක් නෙවේ.. හුණුත් හොද නෑ අලෝ...

    ReplyDelete
  2. හිම කුමාරි : එතකොට රතු පාට වෙන්නේ නෑනේ හලෝ.

    ReplyDelete
  3. ඔය මොකුත් හොඳ නෑ අලෝ ලෙඩ හැදෙනවා නවත්තන්න ඕවා කන එක

    ReplyDelete
  4. මේ දවස් වල පුවක් හොඳටම ගනන් ඒකයි විට ගනන්. මෙහෙත් 15යි දැන් හැබැයි දැණ් ඕක පුවක් අඩු උනත් බහින්නේ නැහැ,

    මාත් විට කනවා හැබැයි බුලත් සහ පුවක් විතරයි හුණු දුංකල කන්නේ නැහැ. මත් වෙලානම් ඇති ඕනේ තරම් ඒ වෙලාවට මන් හිතන්නේලුණු ටිකක් කැවම හරියනවද කොහෙද. ඉස්ස්‍අර අපේ සීයලැ ගෙදරත් විට හෙප්පුවක් සහ වංගෙඩියක් තිබ්බා දන් නම් නැහැ විට කොටලා කනකොටත් වෙනසක් තියෙනවා. ඔය කානිවල් වගේ ගියාම නම් සාර විටක් කන්න ලැබෙනවා. ඒකත් මරු. ද

    ReplyDelete
  5. සානිකා විට කැවට ලෙඩ හැදෙනෙන නැහැ. විට කන එක හොඳ දෙයක් හැබැයි හුණු දුංකල නම් හොඳ නැහැ ඒ ඇරෙන්න විට එක දිගට ගොඩක් වෙලාවක් කටේ තියාගෙන ඉන්න හොඳ නැහැ එහෙම උනාමයි ගොඩක්ම කටේ ලෙඩ හැදෙනෙන

    ReplyDelete
  6. ඉස්සර ගමේ ගියාම ගමේ අම්මගෙ ( අත්තම්මගෙ ) බුලත් ටිකක් හොරෙන් කනවා....හැබැයි බුලතුයි පුවකුයි විතරයි..ටිකක් වෙලා හප හපා ඉද්දි හරිම රසයි....හැබැයි ඉතින් එදාට බත් කද්දි නම් මෙලේ රසක් දැනෙන්නෙ නෑ...

    ReplyDelete
  7. ඉන්නවා ඉන්නවා, මම විතරක් නෙවේ තව එකෙක් ඉන්නවා .....
    මම හිතුවෙ මේ බොලොක් අහසෙ විට කන්න කැමති මම විතරයි කියලා, සන්තෝසෙ බැරුවා, තව එකෙක් ඉන්නවා ......

    ජය වේවා ......

    ReplyDelete
  8. අපේ පැත්තේ විටේ දහයයි , විට බාගේ රු 5යි . මම නම් ඉතින් ඉඳලා හිටලා කෑච්වත් දැන්නම් විට වලට පොඩ්ඩක්වත් කැමති නෑ

    මම විටට තිත තිවුවා !!

    ReplyDelete
  9. විටට තිත තියපු උන් බංග වේවා !
    මාත් ලඟදි විටක් අරන් ආව.ඒකෙ දුනුකොල නෑ,හුණු නෑ,පුවක් නෑ,අඩු ගානේ බුලත් කොළයක්වත් නෑ.ඔතාපු කොලේ විතරයි !බුලත් විටක් කෑවම එන සැර සුවඳට මම මාර ආසයි.ඒකෙත් අමුතුම ගතියක් තියනව.ඔය බුලත් කොලේ කොන් දෙක කඩන්නේ ඇයි කියලනම් මම දන්නේ නෑ.අනිත් උන් කඩන නිසා මාත් කඩනවා.හික්ස්...

    ReplyDelete
  10. චුවින්ගම් කාපං බන් කාලා ඇද ඇද ඉන්නත් පුලුවන්

    ReplyDelete
  11. බුලත් මේ ලෝකෙට ගෙනාවෙ නාග ලොවෙන් ලු. එහිදී බුලත් කොලේ දෙකෙලවර නවලා නයෙක් උගේ කටින් ලු අල්ලාගෙන ආවෙ. ඒ නිසාලු ඒ විස නැතුවෙන්න කියලා දෙකෙලවර කඩන්නේ

    ReplyDelete
  12. මමත් විට කන්න බොහොම කැමතියි. ඒත් මම මටම කියලා විටක් ගෙනත් කාලා නෑ. ඒත් අපේ නෑ වෙන සීයලා එහෙම ආවාම අනිවාර්යෙන් විටක් කනවමයි.
    බුලත් නිතටම කෑවාම මුඛ පිළිකා හැදෙනවලු.
    මම නම් අනිත් උන්ට කියන්නේ හුණුයි දුම්කොළයි නැතුව කන විට විටක්ද? කියලා :D

    ReplyDelete
  13. ශානු : විටක් කෑවා කියලා ඔය කියන තරම් ලෙඩ හැදෙන්නේ නෑ.

    ම : මේ දවස් වල පුවක් ගනන් වැඩී කියලා මම දැන් දන්නේ. හැබැයි දැන් සාරවිට එකත් ඉස්සර වගේ නෙමේ කොලිටිය අඩු වෙලා. විටක් කොටලා කද්දි හොද රසයක් තියේ තමා. මම නම් හුණු කන්නේ විටේ රතු පාට වෙන හින්දා .....:D :D :D

    දිල් : අත්තම්මගේ විටෙත් හොරෙන් අරන් නේද ? :D :D :D කෑම වල රසේ දැනෙන්නේ නැත්තේ කට හම යනවා ඉදලා හිටලා විට කාපුවාම.

    පන්සල් හංදිය : හෙහ් හෙහ් හෙහ් තව කීප දෙනෙක්ම ඉන්නවා විට කන අය. ඪය වේවා ඔබටත්.

    හිස් අහස : විටට තිත තියන්න එපා. විටට ඇබ්බැහී නොවී විට කාපුවාම හරිනේ.

    සිහින : ඔය සේරම නොතිබුනානම් ඔය ගත්ත විටේ මොනවද තිබුනේ.....:D :D :D රට පුවක් කාපුවාම නම් හරිම සුවදයි. මඩ පුවක් කාපුවානම් ගදයි. හැබැයි ඒකෙත් මාර ගතියක් තියෙනවා.

    ItalyDilan : ඒවා කන්න බෑ බං. හැම තැනම ඇලෙනවානේ.

    dona : මමත් ඔය කථාව අහලා තියේ. ස්තූති දැණුවත් කලාට.

    ReplyDelete
  14. පූසා : සමහරු විට කටේ තියාගෙන හැම වෙලේම ඉන්නවා. සමහරු නිදා ගන්නෙත් විටක් කටේ තියාගෙන අන්න එහෙම අහට නම් මුඛ පිලිකා හැදෙනවා. නමුත් ඉදහිට කන අයට එහෙම වෙන්නේ නැ මගේ හිතේ.

    ReplyDelete
  15. ඉස්සරනම් මමත් දවසට එකක් කෑවා. දැන්නං කන්නෙ නැහැ :D

    ReplyDelete
  16. විට කෑවම කටේ සෙන්සර් ටික අවුල් යන නිසා කන්නෙ නැ :D

    ReplyDelete
  17. දුංකොල සහ හුනු විටට එකතු කරගන්නව නං කොටල කන එක තමා ආතල්ම වැඩේ . . . . .

    ප.ලි.
    මට මැවිල පේනව නාකි ශාමින්දය සරම කැහැපට කවාගෙන . . . බිම ඇන තියාන . . . . අත් වංගෙඩියෙං විට කොටනව . . .. ලොඹු කටිං හිනැහෙනගමං . . . . .

    ප.ප.ලි.
    සුපර් සීයා විට කොටද්දී . . . .මීයෙක් පස් කයි . . . .!!!

    ReplyDelete
  18. ඉදලා හිටලා හරි විටක් කන්න ඕන.මාත් ඉස්සෙල්ලම විටක් කෑවෙ පොඩිඑකා සංදියෙ එදා හොදටම මත් වුනා. ගණ පිහිටුවලා හොද විටක් කෑවම කන්දෙක යාන්තමට රත්වෙන්න ඕන. මම කලිං ඔපීසියෙ වැඩකරන කාලෙ වැඩිපුර සිගරට් බිවුවා. අයවැයක් දවසක සිගරට් බොන්නො ටික එකතුවෙලා ආණ්ඩුවට බනිනවා මිල වැඩිකරාවි කියලා. ඒත් මිල වැඩිවුනේ නෑ. ටිකවෙලාවකට පස්සෙ බුලත්ටිටක් ගේන්න කඩේට ගිය එකෙක් බැනබැන එනවා. බලනකොට "විට" රුපියල් පහකින් වැඩිවෙලා.

    ReplyDelete
  19. මාත් කැමතිම කෑමක් තමයි බන් විට. නිවාඩු දවස් දෙකේ ගෙදර ඉන්නවනම් අනිවා කනවා. මත් වෙන එකෙත් පොඩි ගතියක් තියනවා. ඉස්සර නම් මාත් මත් උණා. ඒත් දැන් මත් වෙන පුවක් කන්න පුලුවන් මට අවුලක්ම නැතුව. දුංකල ටිකක් නැතුව මටනම් විටේ කාලා වැඩක් නෑ මචන්. රු. 20 ක් දීලා විටක් ගත්තම අමාරුවෙන් දෙපාරක් කන්න පුලුවන්..

    ReplyDelete
  20. බුලත් විටේ කලමනා සෑහෙන්න අඩු වෙලා තමා.. කොල දෙකයි....
    දවසක් තැනකින් කලවමට ගම්මිරිස් කොල දාපු එහෙකුත් හම්බ වුනා...

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete