පුංචි කාලේ ඉදලාම මෑතක් වන තුරුම මගේ හිතේ තිබුණු දෙයක් තමයි මේ සමාජයේ ඉන්න මිනිසුන් සෑම සියළු දෙනාම එකා වගේ, නරක ය කියන දේ මේ මිනිස්සු ගාව නෑ කියන එක. ඉතාම කෙටි කාලයක් මේ සමාජය ආශ්‍රය කිරීමත් එක්කම මේ සමාජය හරිම විශම දේවල් වලින් පිරී ඇති බව මට තේරුම් යන්න පටන් ගත්තා. බොහෝ අවස්තාවල මිනිසුන්ව දැඩිව විශ්වාස කරපු මට මේ විශමත්වය හරියට තේරුම් යනවිට කාලය බොහෝ දුරට ඉගිල ගිහින් තිබුණු අතර බොහෝ දේවල් වැරදී ගිහින්ද තිබුණා.
ඉතිං මේ ළගදි මට අහන්න දකින්න ලැබුණු සිද්ධියක් තමයි මේ. මෙහි කථා නායකයා කමල්. කමල් යම් ආයතනයක ප්‍රධානියෙක්. ඔහු යටතේ සේවකයින් කිහිප දෙනෙක්ම වැඩ කලා. ඔහුගේ ආයතනය නිරතුරුවම පාරිබෝගිකයින්ගෙන් පිරී ගියා. කමල්ට බිරිදක් වගේම අවුරුදු 3ක 4ක පොඩි කොළු පැටියෙකුත් හිටියා. ආයතනයේ වැඩ වගේම ජීවන බරෙන් යම් කිසි නිදහසක් ලබා ගන්නත් හිතාගෙන පොඩි පොඩි ව්‍යාපාර කීපයකුත් කරගෙන ගියා.
මෙහෙම කාලය ගලාගෙන යන අතර තුර කමල් සමාජයත් එක්ක ගැටෙද්දි පිරිමින් වගේම ගැහැණුන් සමගත් හොද මිත්‍රශීලීත්වයකින් කටයුතු කරනවා. නමුත් මොහු ගැහැණුන් දෙස බලන්නේ තමාගේ බිරිඳටද එහා ගිහ දේවල් ලබා ගන්නා යටි අරමුණද ඇතුවයි. ඔහුට වයස් භේදයක් තිබුණේ නැහැ. ප්රයොජයක් ගත හැක්කේ කුමණ ස්ත්රියකගෙන්ද ඇයගෙන් ඒ දේ ලබා ගත්තා.
සමහර ගැහැණුන් එවැනි දෙයකට සැදී පැහැදී සිටියත් සමහරු එහෙම උනේ නෑ. එවිට ඔහු ඔවුන්ට නොදැනෙන්නට ශරීරයේ කුමන හෝ ප්‍රදේශයක් ස්පර්ශ කලා. ඔහු සෑම විටම කුමණ හෝ ස්ත්‍රියකගේ ශරීර ස්පර්ශයක් බලාපොරොත්තුවෙනුයි සැදී පැහැදී සිටියේ.මේ වැඩ පිළිවෙල මේ විදිහට කෙරීගෙන යන අතර තුර ඒ සිදුවීම් ලෝකයාගෙන් සගවන්නටද බොහෝ වෑයමන් දරන්න ඔහුට සිදු උනා. ඔහු හොද සමාජශීලී, නිහතමානී, ගුණ ගරුක, ආගමට දහමට ලැදි මෙකී එකී නොකී සියළු දෑ වලින් තමන් සමන්විත වී ඇති බව ලොවට හැගෙව්වා.
මේ අතර ඔහුගේ ආයතනයට සේවිකාවක් ඔහු බදවා ගත්තා. ඇය එක්තරා ආකාරයක අමුතු සිතුම් පැතුම් ඇති ස්ත්‍රියක්. ඇය සේවිකාවක් ලෙස බදවා ගැනීමට පෙර සිටම කමල් ඇයව හොදින් දැන සිටියා. ඇයත් සමග ද ඔහුගේ සම්බන්ඳතාවයක් මීට ඉහත කාලෙයේ සිටම තිබූ බව සමහරු දැන සිටියා. එය දන්නෝ දනිති ඝණයේ රහසක්ද උනා.කමල් හා සේවිකාම අනෙකුන්ට හොරා රහස් සම්බන්ඳතාවය ගොඩ නැගුවා. අඩුම තරමේ කමල්ගේ බිරිඳටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවන ආකාරයට. සේවිකාවද දැන සිටියා කමල්ට බිරිඳක් හා දරුවෙකු සිටිනා වග. නමුත් ඇයට එය එතරම් ප්‍රශ්ණයක් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැති තරම්.
මේ අතර කමල්ගේ බිරිඳ නැවත ගැබ්බර වෙනවා. ඒත් සමගම කමල් රැකියා ස්ථානයේ කටයුතු වලට වඩා නිවසේ කටයුතු පිළිබදව වෙහෙසෙනවා. සේවා ස්ථානයේ සේවිකාවටද මේ අතර විවිද වූ තොර තුරු ආරංචි වෙනවා. කමල්ගේ ස්ත්‍රී ලෝලීත්වය තමන්ට පමණක් සීමා වූවක් නොව බොහෝ ස්ත්‍රීන්ටද එය එසේම බව ඇයට තේරුම් යනවා. ඒත් සමඟම කමල් පිළිබඳව දැඩි වෛරයක් දිනෙන් දිනම ඇගේ සිතෙහි හට ගැණුනේ නිරායාසයෙන්.
එක් දිනක් ඒ වෛරය පිටාර ගලා කමල් සමඟ යම් ආරවුලක් ඇති වීමත් සමඟ සේවිකාව එම රැකියා ස්ථානය හැර යනවා.ඒ අවස්ථාව වන විට සේවිකාව කුමන තත්ත්වයක සිටියාදැයි අප නොදනිමු. හිටි අඩියේ මෙම සේවිකාව ඉවත්ව යාම කමල්ගේ බිරිඳට යම් සැකයක් ඇති වීමට තරම් හේතුවක් උනා. ඇය ඒ පිළිබඳව විපරමෙන් සිටින අතර ඇගේ හිතවතියක් යම් තොරතුරු ප්‍රමාණයක් ඇයට ලබා දෙනවා. ඒ ඇගේ ජීවිතය උඩු යටිකුරු කල ප්‍රවෘත්තියක් උනා.
වසර 18 පමණ කාලයක සිට තමාත් සමඟ ආදරෙයන් වෙලී සිටි තමාගේ ආදරවන්තයා, ස්වාමියා ඉහත කී සේවිකාව සමඟ අයතා සම්බන්ඳයක් ඇති බව ඇය සිහිනෙකුදු බලාපොරොත්තු නොවූ දෙයක්. රළු චරිතයක් නෙවූ ඇයට මෙම සිදුවීම දරා ගනීමට නොහැකි තත්ත්වයක් උනා. ඇය අර සේවිකාවට දුරකථන ඇමතුමක් ගෙන ඒ පිළිබඳව විමසා සිටිනවා. සේවිකාව කමල්ගේ චරිතයේ බිරිඳ නොදන්නා සියළු තතු ඇය හට පවසනවා. තමාගේ ආදරණීය ස්වාමියාට දාව මෙලොව එලිය දකින්නට යන දෙමස් වයසැති ප්‍රාණියා ඇයව හැර යන තරම් ප්‍රබල කම්පණයක් බවට එය පත් වෙනවා.
එම සිදුවීම් පෙල එතැනින් නිමා වූවා යැයි අප සිතමු. මෙහි ඇති සාධාරණ අසාධාරණ බව හෝ වෙනයම් බවක් විමසා බැලීම ඔබහට බාර කරන්නේ මෙම ලිපියේ ලිවීමේ අරමුන එය නොව බැවැණි. අප ජීවත් වන මෙම විශම සමාජය තුල මෙය එක් සිදුවීමක් පමණි. මෙම විශම සමාජය තුළ අපගේ තැන නිවැරදි දැකීමෙන්, නිවැරදි ණුවනින් හා නිවැරදි ක්‍රියාවෙන් සමාජයට වැඩ දායී යහපත් පුද්ගලයින් මිසක සමාජයට පිලලයන් නොවීමට වග බලා ගැනීමට කාලය එළඹී බොහෝ කල්ය. නමුත් එය එසේ සිදු නොවුනද අනුන් හදනවාට වඩා තමා සම්මතයේ පිහිටා කටයුතු කිරීමට වග බලා ගත යුතු කාලය දැන් එලබී ඇති බව තරයේ සිහියේ තබා ගත යුතුය.
නම් ගම් මඃකල්පිතය.
අම්මෝ ඇඟ හිරිවැටෙනවා. මේ වගේ පිරිමි වගේම ගෑනුත් ඉන්නව නේද බං. මොනව වුනත් මේවා අහද්දි නිකං පොඩි බයකුත් එනවා.. :/
ReplyDeleteසමකෝණී ත්‍රිකෝණයක් නෙවේ, බහුඅස්‍රයක් වාගේ කේස් එකක් නෙව...!
ReplyDeleteමෙහෙමත් දේවල් වෙනවා නේ බන්...අනේ මන්දා අපේ රටෙත් දැන් පුදුම දේවල් බන් වෙන්නේ
ReplyDeleteහ්ම්.. එහෙමෙ අය කීප දෙනෙකුත් ඉන්නවා !
ReplyDeleteමම හිතන්නෙ සමාජයෙ ඉන්න පිරිමි බහුතරයක් ඔය වගේ වැඩ කරන්න කැමතියි. මොකද ඔය ආසාව කියන එක මිනිස්සුන්ව ධනාත්මකව මෙහෙයවන දෙයක් නිසා. නමුත් ගොඩ දෙනෙක්ට එතනටම යන්න බැරි වෙනත් හේතු තියෙන නිසා නොකර ඉන්නවා. පුළුවන් මිනිහ පුළුවන් තරම් ඒවම කරනවා.
ReplyDeleteලෝකය ගෝලාකාරයි . . . .
ReplyDeleteමිනිස්සු විවිධාකාරයි . . . .
අනේ මෙහෙමත් නරක මිනිස්සු.....අපි නං නෑ ඕවට....
ReplyDeleteතව කාලයක් ඉස්සරහට යනකොට මේවා සාමාන්‍ය දේවල් වේවි..
ReplyDeleteඑක එක්කෙනාගෙ ආසාවල් තමයි. මම නං කියන්නෙ මේවගේ අය බදින්නෙ නැතුව තමන්ට ඕන කරන වැඩටික කරගෙන හිටියනං ඉවරයි කියලා. මොකද එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑනෙ.හැබැයි කාර්යාල වල ඉන්න මේවට විරුද්ධ ගැණු අයට සිද්ධවෙන අතවර වලට නං විරුද්ධ වෙන්න ඕන.
ReplyDeleteකොල්ලො කෙල්ලො ලවු කොරනව වගේ නොවෙයි නේ දීග ගියහම....
ReplyDeleteඑක දේකීන් සැහිමට පත්වෙන්ඩ බැරීනං පවුල් පිටින් අමාරුවේ නොදා දීග නොකා ඉන්ට ඔන...
ලොකු එවුන්ට තීයෙන අමාරුවට...නොදරුවො වන්දීගෙවන්නේ මොටද...
කමල්ගේ වැරැද්ද.. මේ අපි වගේ ඉන්නේ නැතිව..:D
ReplyDeleteකවුද දන්නෙ මාරයත් හොර හොරාට එහෙමද කියලා.. :P
ReplyDeleteහොර හොරාට මොකටද බං... අපි තාම ලෙහලනේ..කාට බය වෙන්නද..?
ReplyDelete