October 13, 2011

සමාජය මම හා කොන්ඩය.

මම කොන්ඩය කැපුවා. අවුරුද්දකට ආසන්න කායලක් වවාගෙන හිටිය කොන්ඩය කැපුවා. කැපුවා කියනවට වඩා කපන්න උනා. මගේ කොන්ඩය කපන තැනට වැඩේ සිද්ද උනා.

මට කොන්ඩේ වවන්න හිතුණු කාලේ හරියට මතක නැතත් මට සෑහෙන කාලෙක ඉදලා කොන්ඩේ වවන්න උවමනවක් තිබුණා. ඒක් එක්කම රැවුල. සා / පෙ කරන කාලේ  ඒ ආසාව තිබුණට ඒක කරන්න බැරිව ගියා. උ / පෙ ඉවර වෙනකොට මගේ තරමක් දිග කොන්ඩයක් තිබුණා. මම ඒ කාලේ කොන්ඩෙට තරම් වෙන කිසිම දේකට ආදරේ ‍කලේ නෑ. හොදට නෑවා. කොන්ඩේ පීරුවා. ඒ වැව්ව පාර  අවුරුදු දෙකයි මාස හයයි වගේ කාලයක් වවාගෙන හිටියා.

ඒකාලේ මම හොදටම රස්තියාදු ගැහුවා. හන්දි ගානේ යාළුවොත් එක්ක වරු ගනන් කාලේ කා දැම්මා. හන්දියේ වගේම ටවුමෙත්. මාත් එක්කම කොන්ඩේ වවන්න කීප දෙනෙක් පටන් ගත්තත් අන්තිමට ඉතිරි උනේ මම. කොන්ඩෙත් එක්ක මගේ ජීවිතේ යම් වෙනසක් ඇති උනා. හැබැයි මම කොන්ඩේ වැව්වේ විලාසිතාවක් සදහා නෙවෙයි. සම‍හරෙකුට ඒක විලාසිතාවක් උනත් මට එහෙම උනේ නෑ. මම කොන්ඩේ වැව්වේ බොහෝ දුරට මගේ හිතට යම් කිසි තෘප්තියක් ලබා දෙන්න කීවොත් නැවැරදී. ඒක ලැබෙන්නේ මොන විදිහකින්ද කියලා දන්නේ නැතත් මගේ කොන්ඩය හෝ වැවැනු රැවුල පේන‍ කොට මට ඒ දේ ලැබුණා.

මගේ කොන්ඩයට හා රුවුල‍ට විවිද ප්‍රතිචාර ලැබුණා. මගේ යාළුවෝ කවදාවත් මගේ කොන්ඩට බැන්නේ නෑ. වැරැද්දක් කීවෙත් නෑ. නමුත් වැරදි කියපු අය  බොහෝ හිටියා. සමහරු මූනටම කීවාත සමහරු හැන්ගි‍ හොරා කීවා. ඕකා ගංජා කාරයා. කුඩු කාරයා. රස්තියාදු කාරයා. (ගංජා හා කුඩු කොන්ඩය හෝ රුවුල සමග මොන විදිහේ සම්බන්දයක් තියේ දැයි අදටත් ම‍ට හිතා ගන්න අමාරු කාරණයක්.) ඔය වගේ විවිද දේවල්. ඒවා එකින් එක ගෙදරට පවා එන්න පටන් ගත්තා. ගෙදර අයගෙත් ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ මගේ කොන්ඩෙට. නමුත් මම දිගටම වැව්වා.

අවුරුදු දෙකයි මාස හයකයට විතර පස්සේ නීතිය හා සාමය සුරකින තැනකින් මට කීවා කොන්ඩෙ කපාපං කියලා. මම කොන්ඩෙයි රැවුලයි වවලා නීතියට හා සාමයට පිටින් ගියද කියලාත් තාමත් මට හිතාගන්න බැරි කාරනයක්. නමුත් මට ඒ දේවල් ඉස්සරහා නැගී සිටින්න තරම් සක්තියක් තිබුණේ නෑ. 

මම කොන්ඩේ කැපුවා. යාළුවෝ අපරාදේ කීවා. අනිත් හැමෝම හොදයි කීවා. ඔය කාලේ වෙන කොට මම බෙහෝ මත් ද්‍රව්ය පාවිච්චි කරපු කෙනෙක් කුඩු හැර. මට ජීවිතේ කිසිම අරමුනක් නොතිබුණු කාලයක් ඒ කාලය. නමුත් කොන්ඩේ වවාගෙන රැවුල වවාගෙන ඉන්නකොට කුඩු කාරයා ගංජා කාරයා කියපු බොහෝ දෙනා මට හොද කියන්න ගත්තා. ඒ කියන්නේ මම මේවා පාවිච්චි කලා හෝ නොකලා කොන්ඩේ වවාගෙන ඉද්දී මගේ ස්වරෑපය ඒ වගේ වෙන්න ඇති. නමුත් මම කොන්ඩේ කැපුවාට පස්සේ මම ඒවා පාවිච්චි ක‍ලා හෝ නොකලා මම හොද එකෙක්. 

මීට ටික කාලෙකට පස්සේ ම‍ගේ ආදරවන්තිය මට ලැබීමත් එක්ක මේ මත් ද්‍රව්‍ය වලින් මම ටිකෙන් ‍ටික අයින් වෙන්න ගත්තා. වර්තමානය වන විට මම සෑහෙන දේවල් ගොඩක් අත ඇරපු මනුස්සයෙක් වෙලා. ඒකට හේතුව උනේ මගේ මේ ක්‍රියාවන් නිසා හැමෝම දන්න පරිදි බුල්ටිට අපහසුතාවයකට ලක් වෙනවට මගේ කිසිම කැමත්තක් නැති කම. ‍මේ දේවළුත් එක්කම හන්දියේ රස්තියාදු ගහන එක නිකරුනේ තැන්තැන්වල කල්ලි ගැහෙන එක හා නිතර නිතර යහළුවන් මුන ගැසීම අඩු කලා. දැන් ගමේ මිනිස්සු මට හොද කියන්න ගත්තා. සමහරු කීවා මූ නම් අමුතුම පොරක් කියලා. මම හැමෝම එක්ක සුහදව හිටියා.

ගිය අවුරුද්දේ නොවැම්බර් හෝ දෙසැම්බර් වල මම ආයෙත් හිතුවා කොන්ඩේ වවන්න. මොකද මේ වෙන කොට මම කාටත් හොද ළමයෙක් උනා. මම හිතුවා මිනිස්සු ඇත්ත දකී කියලා. මම කොන්ඩේ හා රුවුල නැවත වැව්වා.

සියල්ල වැරදී. මගේ කොන්ඩය හා රුවුල වැවීමත් එක්කම නැවතත් අර පරණ හංවඩු ගැසීම පටන් ගත්තා. බුල්ටීගේ නිවසට පවා විවිදා කාර වූ දේ ආරංචි උනා. මට කුඩු කාරයා කියන්න ගත්තා. ගංජාකාරයා කියන්න ගත්තා.මම දන්නවා උන්ගේ ඇස් වලට ජීවිතේට කුඩු ගංජා නොදැකපු උන්. ඒ සමහරක් දන්නේ නෑ උන්ගේ පුත්තු මොනවද ගහන්නේ කියලා. නිවාඩු දවසට ජැන්ඩියට ඇදගෙන යන්නේ 1000 2000 පැයකට හමාරකට  ගන්න පුළුවන් ගෑණියෙක් හොයාගෙන කියලා. තමුන්ගේ පුතා එක්ක බඩදරු අම්මෙක්වත් තනියම තියන්න බැහැ කියලා උන් දන්නේ නෑ. මොකද උන්ගේ දරුවෝ කොන්ඩේ වවන්නේ නෑ. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කලා. නමුත් අද වෙනකං කිසිම කෙනෙකුට කරදරයක් කරලා නෑ. මම ඒවයින් අයින් උනා. කොන්ඩේ වැවීමත් එක්ක නොකෙරුවත් කෙරුවා වගේ උනා.

හැබැයි මම එක දෙයක් දන්නවා. මම‍‍ හොද සල්ලි කාරයෙක් උණා නම් මට මේ දේවල් අහන්න වෙන්නේ නෑ කොන්ඩේ වැව්වා හෝ කැපුවා කියලා. මම හොද වාහනේක ඇවිල්ලා කොන්ඩේ වවාගෙන නෙමේ හෙළුවෙන් බැස්සත් මුන් මට වචනයක් කියන්නේ නෑ. මට ඕනා උනා කොන්ඩෙන් හෝ රැවුලෙන් ඇදුමෙන් මිනිස්සු මයින්න බැරි බව පෙන්නන්න. මට සමාජ ක්‍රමය වෙනස් කරන්නඕන උනේ නෑ. මම සමාජ ක්‍රමයට පිටින් ගියෙත් නෑ. ඒත් මට කියන්න දේවල් තිබුණා. නමුත් සියල්ල සිදුවන්නේ නොහිතන විදියට.

මම කොන්ඩෙයි රැවුලයි දෙකම කැපුවා. එක දවසට දකින දකින කෙනා හොද කීවා. නමුත් මම කොන්ඩෙයි රැවුලයි කැපුවේ නෑ. මගේ කොන්ඩෙයි රැවුලයි කැප්පුවා.




18 comments:

  1. සමහර වෙලාවට සමාජ සම්මතේට පිටින් යන්න හැදුවාට යන්න බෑ.. අනේ මන්දා....

    ReplyDelete
  2. සේම් හියර් මචන්... මමත් අවුරුදු දෙකකට වැඩි කාලයක් කො‍ණ්ඩෙ නොකපා පිට මැදට මේන්ටේන් කළා. ඒ කාලෙ හරි වෙනස්. මිනිස්සු ගැන නියම ඉගෙනීමක් ලැබුණ ඒ කාලෙදි. ඒත් සිස්ටම් එකේ රස්සාවක් කරන්න සෙට් වුණාට පස්සෙ කපන්න වුණා. දැන් මගේ කොණ්ඩෙන් හදපු හවරිය අපෙ ආච්චි පාවිච්චි කරනවා :-)

    ReplyDelete
  3. කොන්ඩේ වවපු අය දැක්කම සමාජේ හිතන්නේ කුඩ්ඩෙක් කියලා ඒක හරියට අපි තැබිලි පාට දැකපු ගමන් සිවුරක් කියලා හිතනව වගේමයි......

    ReplyDelete
  4. මටත් හිතා ගන්න බෑ මචං කොන්ඩෙ රැවුලයි ගැන මේ වගේ සෘණ ආකල්ප ඇයි කයලා.මාත් කැම්පස් එකේ ඉන්නකොට කොන්ඩෙ වැව්වා.ගෙදර එන්නේ සතියට දවසක් නිසා ගමේ උන් කිව් කයි කතන්දර මම දන්නෑ. ඒත් කීවා කියලා දන්නවා.

    දවසක් බස් එකේ දී කෙල්ලෙක් මට මූණට කිවා කොහේද යන රස්තියාදු කාරයෙක් කියලා.ඒක උනේ හොස්ටල් ඉදන් ගෙදර එනකොට බස් එකේ නින්ද ගිහින් සිට් එකේ හිටිය ගෑනු ළමයගේ උරහිසේ වැදුණා...
    හොද වෙලාවට කැම්පස් එකේ අපේ සීනියර් අක්කා කෙනෙක් අනිත් සීට් එකේ හිටියේ. එයා ඊට පස්සේ තමයි අර ගර්ල්ට කිවේ...
    නංගි මේ මල්ලි රස්තියාදුවේ යන කෙනෙක් නෙමෙයි.කරම්පස් එකේ ළමයෙක් කියලා.

    ඊට පස්සේ ඒ ගර්ල් කියනවා...අනේ සොරි අයියේ... කොන්ඬේ වවලා නිසා මම හිතුවේ රස්තියාදු කාරයෙක් කියලා.ඒකයි කේන්ති ගියේ... කියලා.
    මම ඒ කෙල්ලට දීපු උත්තරේ උඹටත් දෙන්නං

    අපි ජිවත් වෙන කාලේ අපි අනුන්ව සතුටු කරන්න ගොඩක් දේ කරනවා...ඒ දේ අතරේ අපි අපේ ආසාවක් සතුටක් වෙනුවෙන් යමක් කරනවා නං හිතට දැනෙන සතුට මිල කරන්න බෑ... ඒ සතුටට මම ආදරෙයි.

    ReplyDelete
  5. මචෝ . . . උඹේ දිගට වවපු කොන්ඩෙට කුඩ්ඩෙක්ගෙ වගේ කියල කියනව නං . . . ඒ කියන එවුං කුඩ්ඩො දැකල නෑ . . . හික්ස් . . . අපරාදෙ මචෝ උඹ කොන්ඩෙ කැපුවෙ . . .

    ප.ලි.
    මගෙ මේ රස්සාවෙ කොන්ඩෙ වවන්න තහනම් නිසා වවන්න බෑ . . . නැත්තං දනී මම . . .

    ReplyDelete
  6. කොන්ඩේ වවපු උන් රස්තියාදු කාරයෝ නම් අපේ සීයලා එහෙම වෙන වැඩක් කරල නැහැ රස්තියාදු ගහනවට වඩා. හැබැයි මිනිස්සු හිතන්නේ ඔහොමයි. මගේ යාලුවෙක් කිව්වා කොන්ඩේ කපලා දුර පලාත් වල කැම්ප් එකක් ගාවින් නැග්ගෝත් කොන්දොස්තර සල්ලි ඉල්ලන්නේවත් නැහැ කියලා සමහර වෙලාවට. සමහර විට කොන්ඩේ වවපු උන් කුඩු කාරයෝ ගංජා කාරයෝ කියන්නේ උන් කොන්ඩේ කපන්නේ නැතුව ඒ සල්ලි වලිනුත් කුඩු ගහන නිසා කොන්ඩේ වවාගෙන ඉන්න නිසා වෙන්න ඇති. මමත් කැමතියි කොන්ඩේ වවන්න ඒත් රස්සනේ නිසා ඒක කරනන් හිතෙන්නේ නැහැ

    ReplyDelete
  7. මම නම් කොණ්ඩෙටයි රැවුලටයි එදා බැන්නෙ ඔය හේතුවටනම් නෙමෙයි ඔන්න කොහොමත් අපිට සමාජෙ මිනිස්සුන්ව වෙනස් කරන්න බෑනේ අපි වෙනස් වෙනවා මිසක්

    ReplyDelete
  8. තාමත් මිනිස්සු කෙනෙක්ව මතුපිටින් බලලා මනිනව ඒ කෙනාව.ඔයා කොන්ඩෙ රැවුල කපලා ලස්සනට ඉන්නකො.කොච්චර ඩීසන්ට් ලුක් එකක් තියනවද බලන්න.:)

    ReplyDelete
  9. හැමදෙයක් දිහාම පිටින් බලල තීරණය කරන සමාජයක අපි ජීවත් වෙන්නෙ බං. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට සිද්ද වෙලා තියෙන්නෙ අපේ ආසාවල් හංගගෙන උන්ගේ ආසාවල් ඉෂ්ට කොරන්න. හනේ මන්දා....

    ReplyDelete
  10. ඔන්න දැන්නම් මටත් හිතෙනවා කොණ්ඩේ වවලා බලන්න....
    උඹ කිව්වා වගේ අම්බානෙකට සල්ලි තියන උන් කොණ්ඩේ වැව්වාට පියර්ස් කළාට කවුරුත් මුකුත් කියන්නේ නෑ. අපි වගේ එකෙක් ඕවා කළොත් තමයි රටේ නැති කතා අහන්න වෙන්නේ!

    ReplyDelete
  11. ඔන්න උඹත් බොක්කට වදින්න ලියන්න පටන් අරං...

    ඔය ගැන කතා කරලා වැඩක් නැතය..ආසා උනත් දැන් කොණ්ඩේ එහෙමට වැවෙන්නේ නැතය... දුක තමාය... නැත්තං මං දනීය... හිකිස්ය...
    හෙට අනිද්දාට තට්ටය ගාගෙන ඉන්නට බලාපොරොත්තු වෙමිය..මොනවා හරි කියනා උන්ට උන්ගේ අම්මලාට කියා පටන් අරගෙන කියා දෙන හැටි හොදින් දන්නවාය.. ඔහොම හිටුය...

    ReplyDelete
  12. ඔහොම තමයි මචං, මුන්ට ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නෙ අපි කොණ්ඩෙ හරි රැවුල හරි වැවුවම තමයි, රටේ නැති ඒවා කියවන්න එන්නෙ,හැබැයි එහෙම කියන අය දන්නෙ නෑ ඒ අයගෙ දුව උදේට යන්නෙ වෙන කොල්ලෙක් හවසට යන්නෙ වෙන කොල්ලෙක් එක්ක කියලා, කොල්ලො දෙන්නවම එක සැරේට මාට්ටු වෙලා ගුටි කන කොට ඒකිව බේරගෙන එන්න පුලුවන් උනෙත් කොන්ඩේ වවාගෙන කාලකණ්නියෙක් වගේ හිටපු නිසා කියලා,පුතා බීලා වටේ පිටේ ඉන්න උන් ගෙන් ගේම ඉල්ලලා ගුටි කන්න හදනකොට ඌව අරන් බයික් එකේ දාගෙන එන්න පුලුවන් උනෙත් වැද්දා වගේ කොන්ඩෙ වවාගෙන හිටපු නිසා කියල දන්නෙ නෑ. ඒ උනාට දැක්කොත් කියන්නෙ අපෝ මේකගෙ හැටි කියලා. හැබැයි මම නම් එක එකාට ඕනා විදියට මගේ කොන්ඩෙ කැපුවෙ නෑ, මටම ඇතිවෙලා කැපුවා මිසක. දැන් ආයෙත් වවන්න හිතිලා තියෙන්නෙ, තාම හිතනවා, ගෙදරින් නං ෆුල් වලි. දැන් අපේ මලයත් කොන්ඩෙ වවාගෙන, වැඩේ කියන්නෙ ඌටත් අර කතන්දර සෙට් 1 ම අහගන්න වෙන එක, හැබැයි මං වගේ නෙවේ ඌ නං ගේම ඉල්ලනවා, මගේ කොන්ඩෙ මට ඕනා විදියට තියාගන්නෙ, ඒක වවන්නෙ හරි කපන්නෙ හරි මට ඕන වෙලාවට, එහෙම කප්පන්න ඕනා නම් කාට හරි මට රුපියල් 200ක් දෙන්න දැන් කපනවා කියලා, කවුරුත් සද්දෙ නෑ එතකොට. ආයෙ කොණ්ඩෙ වවපන් මචං. මගේ කොණ්ඩෙ මට ඕන විදියට කියල.....

    ReplyDelete
  13. මචන්.. ඔය සිද්දියම අපේ අයියටත් වුනා... අපේ අයියට ලෙඩේ දෑම්මේ ගෙදරින්... ..

    ReplyDelete
  14. මොන බම්බුවක්ද මචන්. මන්නම් මට හිතුනොත් කොන්ඩෙ වවනවා. හිතුනොත් කපනවා. ඒ ලෙවල් වෙනකම් විතරයි ඉස්කොලේ නීතියට කොන්ඩේ මේන්ටේන් කලේ. එතන ඉඳන් කොන්ඩේ මේන්ටේන් වෙන්නෙ මගේ නීතියට විතරයි. ඔය සේරම මනස්ගාත මචන්. උඹ දන්නවනේ මන් කොන්ඩේට කොරන දේවල්. මේ දවස් වල ආයෙ කොන්ඩේ වැවිලා. එක එක අයගෙ කටවල්නම් එක එක විදියට ඇරෙනවා ඒ ගැන. හොඳයි කිව්වත් නරකයි කිව්වත් ඒක මට අදාල නෑ. මොකද මන් කොන්ඩේ වවන්නෙවත් කපන්නෙවත් ලස්සනකට නෙවෙයි. මම ආස නිසා විතරයි.

    ReplyDelete
  15. අර අනුරාධ කිවා වගේ තමා මටත්.. රැවුලට තමා ෆුල්ම ලෙඩේ දාන්නෙ.. මං මේ කනින් අහලා අනික් කනින් පිට කරගන්නවා එව්වා :D

    ReplyDelete
  16. අනේ මන්දා බන් අපි ජීවත් වෙන්න ඕනා සමාජෙට ඕනා විදිහට,,,,යකාගේ වැඩක්නේ,,එක එකාට ඕනා විදිහට අපි ජීවත් වෙන්න ඕනා

    ReplyDelete
  17. කොණ්ඩේ වැවුවහම එපා වෙන්නේ පීරන්න ගියාම බන්...
    මාත් මේ වවාගෙන ඉන්නේ...
    "මයි කා(ර්) මයි පැට්ට්‍රල්" කියල වවපන් බන්.. අනුන් කියන දේ හැම තිස්සෙම අහන්න වුනොත් අපිටත් වෙන්නේ අර බූරුවව කරේ තියන් ගිය මෑන්ට & "මෙහි මාළු විකිණීමට තිබේ" කියල මාළු විකුණපු මෑන්ට වෙච්ච දේ තමයි..

    ReplyDelete
  18. ඕව ඔහොම තමයි බන්. අපේ නම තත්වෙ රැක ගන්න නම් ඔය කියන විදියට ඉන්න වෙනවා.

    ReplyDelete