මේ ළගදී දවසක ඉතාම දුරුලභ අවස්තාවකට මට සහබාගි වෙන්න ලැබුණා. මෙච්චර කාලෙකට කිඹුල්ලු දැකලා තිබුණට කිසිම දවසක කථා කරලා නොතිබුණු නිසා පොඩි චකිතයක් නොතිබුණාම නෙමේ. මොනවා උනත් මූ එල කිඹුලෙක්. කිඹුලත් එක්ක කරපු කථා බහෙන් පස්සේ හිතුණා මේක ලිව්වොත් හොදා කියලා.
කිඹුලා යනු විකුර්තියේ ප්‍රතිමූර්තියකි. උපතින්ම සියළු සත්වයෝ විකුරුති වූවත් ඔවුන්නට ප්‍රකුර්තිය සොයා යා හැක. නමුත් කිඹුලා කිසිම විටක ප්‍රකුර්තිය සොයා යන්නෙකු නොව විකුර්තියට ආවඩන්නෙකි. එසේ පමනක් නොව හැකිනම් සියළු සත්වයෝ විකුර්තියේ ඉහලටම ඇදගෙන යාමට කිඹුලාට හැකිය.
කිඹුලා විකුරුතියක් බවට පත් වී ඇත්තේ ඔහුට දියෙහි මෙන්ම ගොඩ බිමේද දස්කම් දැක්වීමට හැකි නිසාය. ගොඩ හි පමනක් වැඩ කිඩ දාන සත්වයෙකුට හසු වූවොත් දියට හරි පැන යන්තම් හෝ පණ බේරා ගැනිමට හැකියාවක් ඇත. නමුත් ගොඩහිදී කිඹුලෙකුට හසු වූවොත් දියට පැන හෝ බේරීමට බැරිය. මන්ද කිඹුලා දියෙහිද හොද වැඩ කාරයෙකු බැවිණි.
කිඹුලා කිසිවිටක තමා කිඹුලෙකු බව නොපවසයි. කිඹුලන් පිළිබඳව වදනකුද නොපවසයි. කිඹුල් සමාජයම පිළිකුල් කරයි. නමුත් තමා කිඹුලෙකු බව ඔහු හොදින් දනී. එපමනක්ම නොව තමා කිඹුලෙකු වීම සම්බන්ඳයෙන් යටි හිතින් සතුටු වෙයි.
කිඹුලාට නිදහසේ ජීවත් විය නොහැක. ඔහුට නිතර දෙවේලේ කරදර, බාදක, හිරිහැර පැමිණේ. කුමක් සිදු වුවද කිඹුලා කිසි විටක සැලෙන්නේ නැත. එවිට කිඹුලා හීන් නූලෙන් එයින් ගැලවී යන්නේය. එසේ ගැලවී යාමට කිඹුලා උපන් හපනෙකි. මන්ද ඔහු උපතින්ම නූල් සූත්තර කාරයෙකි.
කිඹුලා හැම විටම අන් කිඹුලන්ට තර්ජනයකි. එමනිසා කිඹුලා සැම විටම අන් කිඹුලන් පිළබඳව දැඩි විමසිලකින් ජීවත් වෙන්නෙකි. කිඹුලාව ඇල්ලීමට විවිද අවස්තාවල දඩයක් කරුවන් පැමණ ඇත. ඒ හැම විටම කිඹුලා බේරී පලාගොස් ඇත. කිඹුලා පවසන අන්දමට කිඹුලාව ඇල්ලීමට නම් තමාට වඩා වැඩ කාරයින් පැමිණ සෑහෙන ගේමක් දිය යුතුය. නැතහොත් පිටු පසින් පැමිණ වෙඩි තිය යුතුය.
අවසාන වශයෙන් කිඹුලාගේ ආහාර වේල ගැන විමසූ විට ඔහු පැවසූයේ " අපි කන්නේ මැටි. ඒ අපේ හැටි කියාය. "
උඹ මේ ලිව්වේ රාගම මරපු කිඹුලා ගැනද බන් :-D
ReplyDeleteයකඩෝ රාගම කිඹුලෙක් මරලාද ?. ජාතික වස්තුවක් බං කිඹුලා කියන්නේ.
Deleteරාගම කිඹුලගේ බඩේ මිනිස් අවයව තිබිලා....මැටි එක්ක වැරදිලා කැවිලා...
ReplyDeleteඒ කිඹුලාත් මැටි කලාද ?. මේ කිඹුලා නම් කීවේ කන්නේ මැටි කියලා.
Deleteමොකක්ද මල්ලියෙ මේ... ඈ..??? :-)
ReplyDeleteකිඹුලෙක් අයියේ කිඹුලෙක්. එසේ මෙසේ එකක් නෙමේ. හොදම භාන්ඩයක්.
Deleteකිඹුලා කෙල පාටයි.කිඹුලාට විසාල කටක් ඇත. ඌ එම කටින් ගොදුරු ඩැහැගනී.උගේ දත් උල් සහිතයි. ඒවා චාරුවක දත් කියා අපේ සීයා කීවාය.කිඹුලාට දිග නැට්ටක් ඇත. එය බාවයයි අල්ලපු ගෙදර ඇන්ටී දිනක් අපේ අම්මා සමග පවසනු මම අහං උන්නාය.කිඹුලාට කකුල් හතරක් ඇත. ඌට අපට මෙන් කකුල් දෙකෙන් වැඩ දැමීමට නොහැක්කේය. නැට්ට බිම ගසා පස්සේ කකුල් දෙකෙන් සිට ගැනීමට කිඹුලාට පුරුදු කල යුතුය.කිඹුලාගේ කඳුලු කිඹුල් කඳුලු යැයි එහා ගෙදර දූටි නංගීට කොල්ලා බූට් එක තැබූ දින අපේ අක්කා පැවසුවාය.කිඹුලාට උලදු කොම්පැනියක් ඇත. එහි හදන උදලු කිඹුලා මාක් උදලු නම් වේ. කිඹුලා මාක් උදැල්ල කපන්න කපන්න මුවහත් වේ.
ReplyDeleteමම කිඹුලාට ආදරේයි.. කිඹුලා මටද ආදරෙයි !
කිඹුලාට සදා ජය !!
ජය වේවා ජය වේවා. යකෝ මලයා දන්න දේවල් කිඹුලා ගැන.
Deleteඅනේ මම නම් කිබුල්ලු ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් මං ලගත් lacoste (කිබුල අතේ ගහපු) ෂර්ට් එකක් නම් තියනව.
ReplyDeleteහික් හික්. කිඹුලා මාක් ෂර්ට්.
ReplyDeleteකිඹුලා = මිනිහ ද?
ReplyDeleteහික් හික්.
Deleteකිඹුල කනව ඉවසන්න පුළුවන්. කොහිල කටු ඇනෙන එකයි ඉවසන්න බැරි.
ReplyDeleteඒකනේ ඒකනේ.
Deleteමෙදාපාර හොඳ කිඹුලෙක් සෙට් වෙලා වගේ
ReplyDeleteඅනිවා ..... නියම කිඹුලා.
Deleteකිඹුලා බනිස් මම මොන්ටිසෝරි යන කාලේ කන්න ආසම කෑම බන්,,සීනි දාපු කිඹුලා බනිස් මරු තාමත් කන්න ආසයි..
ReplyDeleteහුටස් උබ කිඹුලා බනිස් ගැන නෙමේ නේ ලියලා තියෙන්නේ
දැන් ඉතිං ඔහේ ඉදලා ආපුවාම කිඹුලා බනිස් කන්න බැරියෑ.
Deleteමොකෝ එකපාරටම කිඹුලෙක් මතක් වෙලා..... ;)
ReplyDeleteමතක් උනේ නෑ නගේ. කුඹුලෙක්ව හම්බ උනානේ.
Deletehttp://www.nikama.tk/2012/02/5-12.html
ReplyDeleteමේක දැම්මට කමක් නැද්ද මන්දා?.
කමක් නෑ දාන්න දාන්න.
Delete