දිනයක හමු වෙමි සිතුවිලි විමසමි
මට හිමි නැති මගේ දිවියම අයැදිමි
එනමුත් නොදනිමි ඒ දින කෙදිනද
සිත සිර කර ගමි, තනිකම විද ගමි
සේයාරුවකින් මම ඔබ විද ගමි
හැබැහින් එන දිනයක් ගැන විමසමි
ආදරියේ මගෙ ඉරණම නොදනිමි
ඒ ඔබ යැයි මම තනිවම සිතනෙමි
කෙදිනක සිට සිත බැදුනිද නොදනිමි
මේ වන තුරු සිහිනෙන් මම ඇවිදිමි
හදවත උතුරන සෙනෙහස සඟවමි
ඔබ නැති මොහොතක් මගෙ ලොව නැතුවැති
කවි නොම දත් මම කවියෙකු වූ වෙමි
නුඹ මගෙ පන්හිද හැඩ කල කවියකි
සිතුවිලි සන්සුන් නැති තැන විදවමි
ආදරියේ මගෙ සැනසුම අයදිමි
කොයි සිට නුඹ ආවාදැයි නොදනිමි
හිත් ආකරයෙම පැළපදියම් උනි
කලබල මගෙ ලොව නිහඩව තනිවෙමි
නුබ ගැන සිතුවිලි රහසින් විදිනෙමි
විදවන සිතකට පිළියම් හැදිනිමි
ආදරයේ ඔසුපැන් මම අයදිමි
සිතුවිලි පන නැති මොහොතක විදවමි
මේ ෂායර්..තෝ නහී...
ReplyDeleteමේ ෂායර්..තෝ නහී...
මගර්..ඒ හසී...
ජබ්සෙ දේකා..මෛනෙ තුජ්කෝ..මුජ්කෝ..
ෂායරී...ආ ගයී...
http://youtu.be/IFHDZEBQqwc
ReplyDeleteආහ්. බුල්ටා.. නෑනද මේ නැත්තං මල් සුවදක් ඇවිත් ද.. :-D
ReplyDeleteපසුවට දැන ගන්න ලැබෙයි අයියාන්ඩී.
ReplyDelete