මම ඊයේ තාත්තත් එක්ක පොඩි වැඩක් කරකර ඉන්කොට මගේ හිතාදර යාළුවෙක් වන අනුරුද්ධගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒ වන කොට මම හිටියේ ගෙදරත් නෙවෙයි.
අනුරුද්ධ : මචං උබ කොහෙද ඉන්නේ.
මම : මම පොඩි වැඩක මචං ඉන්නේ. අවුල්ක් නෑ කියපං මොකද්ද කෙරෙන්න ඕනා.
අනුරුද්ධ : උණූදිය ඇල්ලට යන්ද බං.
මම: ම්ම්ම්ම්ම් හරි අවුලක් නෑ වරෙන්.
මේ යාළුවෝ ටික එන්නේ ටිකක් දුර ඉදලා නිසා එන්න වෙලා යන නිසාත් මම ඊට පැය බාගෙගට විතර පස්සේ ආයේ කථා කරා.
මම : කොහෙද බං ඉන්නේ.
අනුරුද්ධ : ගේ ඉස්සරහා බං ඉන්නේ. උබ කොහෙද ඉන්නේ.
මම : හරි හරි පොඩ්ඩ් හිටයන් මම එනවා.
බොලේ මෙච්චර ඉක්මන්ට මුං ටික ආවද කියලා කල්පනා කර කර මම ඉක්මනට ගෙදර ආවා. ඒත් කවුරුවත් පේන්න නෑ. මම ආයේ අනුරුද්ධට කෝල් කලා.
මම : කොහෙද බං දැන් ගේ ඉස්සරහා ඉන්නවා කීවට උබ නෑනේ.
අනුරුද්ධ : ඉතිං උබ ඇමුවේ කොහෙද ඉන්නේ කියලනේ. මම හිටියේ අපේ ගේ ඉස්සරහා. හිටහං තව ටිකකින් අපි එනවා.
මම : උබෙ ^#%@)#%)#^%)#%^)#^#)
කෝමහරි කස්ටිය ආවා. දැන් අපි යන්නේ උණුදිය ඇල්ල කියන තැනට. නම අහපුවාම නම් හිතෙන්නේ දිය ඇල්ලක් ගැන. නමුත් එතෙන එහෙම විශේෂයක් නෑ. නම නම් කොහොම හැදුනු එකක්ද කියලා දන්නේ නෑ. පහල පිංතූර වල තියෙන්නේ ඒ තැන.
දෙවනියට තියෙන පිංතූරෙන් පේන ගල් දෙක මැද්දෙන් තමයි ඉහල ඉදලා එන වතුර මෙතෙන්ට වැටෙන්නේ. නමේ තේරුමට නම් ගැනපෙනවාද මන්දා. වතුරත් සීතලයි. නමුත් හොදින් පීනන්න විනෝද වෙන්න පුළුවන්. මේ පිංතූරේ තියෙන වතුර ප්රමාණය අඩියේ ඉදලා අඩි 5ක් පමනයි. නමුත් වතුර වැඩි කාලෙට නම් උය වතුර ඇවිත් වැටෙන හරියේ ඊට වඩා ටිකක් ගැඹුරු වෙනවා. නමුත් ආරක්ෂිතව නාන්න පුළුවන්.
දැන් අපේ සූදානම මේ ඇල මාර්ගය දිගේ ඉහළට ගමන් කිරීම. ලොකු කුඩා ගල්කුළු අතරින් අපි දැන් ඉදරියට ඇදෙන්න ගත්තා. අවට පරිසරයේ සුන්දරත්වයත් සිසිලත් නිසා විඩාවනම් අපිට ටිකක්වත් දැනුනේ නෑ. මෙන්න අපි පසු කරගෙන ගිය තැන් සමහරක්.
මෙවා පසුකරගෙන මීටර 100 විතර ඉහලට ගිය අපි නැවතුනේ මෙන්න මෙතන.
මේ ඉන්නේ මගෙත් එක්ක ගිය මගේ යාළුවෝ ටික.
මෙතෙන්ට තව දෙන්නෙක් අඩුයි. ඒදෙන්නා වැඩිය පිංතූරවලට ඉන්න කැමැත්තකි තිබුනේ නෑ. ඔය ඉස්සරයින්ම කළුපාට ටී ෂර්ට් එක ඇදන්න ඉන්න කෙනානනම් දන්නවා ඇතිනේ.
මෙතන් එහාට කස්ටියට යන් බෑ කියපු නිසා අපි මෙතන නතර උණා. ඒ උනාට මායි අනුරුද්ධයි තවත් ඉහලට ගමන් කලා. මේ තියෙන්නේ අපිට හමු වන තැන් කිහිපයක්.
අපි ඉහළට ගිහින් එනකොට අපේ යාළුවෙකුට නම් නිමත තැනක් හම්බවෙලා හොදට හාන්සි වෙලා ඉන්න.
මේ වගේ තැන් මෙතන හැම තනකම වගේ තියෙනවා. කොච්චර සුන්දර උනත් මේ තැන විනාස කරලා ගිය අයගේ ඉතිරි උණු දේවල් තැන් තැන්වල නැතුවාම නොවේ. මෙතෙන්ට බලන්න විනෝද වෙන්න එන අය යම් විනයක් යටතේ සිටිය යුතුයි වගේම පරිසරය විනාශ කිරීමෙන්ද වැලකී සිටිය යුතුයි. නැත්නම් කෑ කෝ ගසමින් දගලන්න ගියොත් ප්රදේශවාසීන් ගෙන් විරෝදතා ඇතිවීමට පිළිවන්. ඒනිසා එන අය හැකිතාක් සංවර වෙන්න.
මෙහෙමයි වෙතෙන්ට යන්නේ. මීරිගමට පැමිණ වරකාපොළ මීරිගම 429 මාර්ගයේ ගොස් බොතලේ හන්දියට ගොස් එතනින් දකුණට හැරී කීලෝමීටර දෙකක් පමන ගිය තැන නැවත වමට හැරී ගමන් කිරීමෙන් ලගා විය හැකී. ප්රදේශ වාසින්ගෙන් යන පාර අසා දැන ගන්නත් පුළුවන්.
වරකාපොළ ඉදලා එනවා නම් වරකාපොළ මීරිගම 429 මාර්ගයේ ගොස් බොතලේ හන්දියට ගොස් එතනින් වමට හැරී බෝතලේ ඉහළගම පාරේ කලින් විස්තරයේ ඇති පරදි ලගා වෙන්න පුළුවන්.
මතක ඇතිව අනිවාර්යයෙන්ම පරිසරය දූශනය කිරීමෙන් වලකින්න.
සුබ දවසක් බ්ලොග් මිතුරණි
අද බ්ලොග් සතියේ 5 වැනි දවස
බ්ලෝග් සතියට නිර්මාණ හතක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම තරඟයට ඇතුලත් වීමට කිසි සේත්ම ගැටලුවක් නොවේ !
හැකිතාක් නිර්මාණ ඉදිරිපත් කිරීම වාසියක් වනු ඇත :D
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/
සුබ දවසක් බ්ලොග් මිතුරණි
අද බ්ලොග් සතියේ 5 වැනි දවස
බ්ලෝග් සතියට නිර්මාණ හතක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම තරඟයට ඇතුලත් වීමට කිසි සේත්ම ගැටලුවක් නොවේ !
හැකිතාක් නිර්මාණ ඉදිරිපත් කිරීම වාසියක් වනු ඇත :D
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/
පට්ට ප්ලේස් එක ඔතන. මමත් ඉස්කෝලේ යන කාලේ කීප සැරයක්ම ගිහින් තියනවා.....
ReplyDeleteනියම පොට් එකක් වගේ
ReplyDeleteඅදමයි මේ පැත්තට ආවේ දිගටම ලියමු ජය!
හෑ මං පුංචි කාලෙ මදුනාගල උනුවතර ලිං නං බලන්න ගිහිං තියේ..උණුදිය ඇල්ල නං බලන්න ගිහිල්ල නෑ..
ReplyDeleteලස්සන ප්ලේස් එකක් වගෙයි.. :)
ReplyDeleteඒත් දැන් දැන් trekking යන්න බයේ බෑ මොකද ගම්වල මිනිස්සු කලබල වෙනවා නාඳුනන කට්ටිය ගැවසෙද්දි
පිරිසිදු වතුරටික..
ReplyDeleteවැස්ස දවසක්ද?
මමත් කැමතියි අප්පා මේ වගේ සංචාරකයෙක් වෙලා ඉන්න.ඒත් වෙලාව තමයි ඉඩ දෙන් නැත්තේ..කොහොම වෙතත් මෙහෙමවත් අපිට විදින්න දෙන එකට පින් බොහෝයි..
ReplyDelete