July 10, 2012

මගේ නවාතැන.


මම මම දිහාම බැළුවා. මගේ සපත්තු දෙක සෑහෙන්න ගෙවිලා. තැන් තැන්වල මැහුම් ලෙහිලා. දුර්වර්ණ වෙලා. තව බොහොම සුළු දුරයි දාගෙන යන්න පුළුවන්. අදුමත් පරණ වෙලා. මේ සීතලට කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නෑ. මීදුමයි පින්නයි නිසා අවට පරිසරේ හරිම සීතලයි. ඒ සිතල මගේ ඇදුමෙන් මාව බේර ගන්න සමත් උනේ නෑ. සමට කා වදින සීතල ඇට මිදුළු දක්වා ගමන් කරන්න ගත්තා.

මට මහන්සියි, බඩගිනියි, නිදිමතයි, හරිම වෙහෙසයි. මම පාර අයිනේ පොඩ්ඩක් නතර උනා. ආපුහු හැරිලා බැළුවා මම ආපු පාර දිහා.

තත්ත්පර, විනාඩි, පැය, දින, සති, මාස, අවුරුදු පහු කරගෙන මම මේ පාරේ ඇවිලිලා. අව්ව, වැස්ස, රැය, දාවාල මේවා යටින් මම ඇවිල්ලා. කදු හෙලි තරනය කරලා. සමහර තැන්වල පය පැටලිලා වැටිලා තුවල උන තැන් තාමත් රිදෙනවා. නමුත් මොන බාදකේ තිබ්බත් මම මෙතෙන්ට ඇවිල්ලා.

අතරමගිදී නවාතැන් හමු උනා. සමහර ඒවට මම ගියා. ගොඩක් ඒවා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම මාව පන්න ගත්තා. සමහර ඒවට ගිය පයින්ම ආයේ එන්න උනා. සමහර ඒවායේ ලස්සන විතරයි. හැමතැනින්ම මට යන්න උන එක විතරයි උනේ. මම මගේ ගමන ගියා. බොහෝ දේවල් මම පසු කරන් ආවා.

දිගටම ගමන් කලා. මට තේරුම් යන්න ගත්තා මම බලාපොරොත්තු වන නවා තැන මොන වගේද කියලා.

ආපසු හැරී හිටිය මම ඉදරිය බැළුවා. ඈතින් නවාතැනක සේයාවක් පේනවා. පාරත් යන්නේ එතෙන්ට.
මම නැවත ගමන් ඇරබුවා. ටිකෙන් ටික ලං උනා. මීදුම නිසා ඈතට පේනවා අඩුයි. මට පුදුම හිතුනා. ටිකෙන් ටික ලං වත්ම මටම පුදුම හිතුනා. මෙච්චර කාලයක් මා බලාපොරොත්තු උන නවාතැන. මම ගේට්ටුව ගාව නතර උනා. මම බලාගෙන හිටියා. මොනතරම් සංතෝසයක්ද ?.

විපරම් කරලා බැළුවා.පොඩ්ඩක් වටේ ඇවිදලා බැළුවා. හැම කෝනෙකින්ම බැළුවා. හරියටම හරි. සුළු සුළු වැරදි තිබුණත් මම බලා පොරොත්තු වෙච්ච දේ දැන් මගේ දෑස් ඉදිරියෙන්ම. මට බඩගිනියි, සීතලයි, මහන්සියි. මට උණුසුම් ආහාරවේලක්, අළුත් ඇදුමක්, සුවබර නින්දන් අවශ්‍යයි. තාම දොරගුළු දාලා. කථා කරන්න බයයි. මාව ඇතුලට ගත්තේ නැත්නම් මට වෙන යන්න තැනක් නෑ. මම තාමත් දොරකඩට වෙලා නවාතැන දිහා බලාන ඉන්නවා. ඒත් මට කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි. මම හොයපු දේ හම්බ උනා.




අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.


--
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk


බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

11 comments:

  1. අවසන සොයාගත් නවාතැන ජීවිත කාලයටම සෙවන බලා දේවි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මලේ .............:D

      Delete
  2. ජය වේවා සුභ පැතුම්..! ළඟදිම යතුරත් ලැබේවි.! :)

    ReplyDelete
    Replies
    1. තැන්කෝ වේවා අයියා..........:D

      Delete
  3. ආහ්.. දැන් මූ ආයෙ ලියන්නත් පටං අරං...
    හිටිපං දොර ලගට වෙලා මහන්සි යනකං.. පස්සෙ පයින් පාරක් දීලා හරි දොර ඇරගෙන ඇතුලට පලයන්...

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා දොර ඇරලා ඇතිලට කථා කරනකම්ම ඉන්නවා ......D:

      Delete
  4. ලස්සන සිතුවිල්ලක්
    ඔහොම යමු යමු බ්ලෝග් සතියේ දායකත්වයට ස්තූතියි

    ReplyDelete
  5. .....ඔන්න මගෙනුත් සුභ පැතුම්.....

    ජයෙන් ජය!!!!!!!!

    ReplyDelete
  6. මගෙනුත් සුභ පැතුම්...!

    ReplyDelete