අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.....//
හඳ පානේ මද අඳුරේ
අත්පටලා යමු ආයේ.....//
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී.....//
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මද අඳුරේ
හඳ පානේ මද අඳුරේ
අත්පටලා යමු ආයේ.....//
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනහෙමු සපුරා පැතුම්.....//
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ පානේ මද අඳුරේ
අත්පටලා යමු ආයේ.....////
ගායනය : වික්ටර් රත්නායක
ඇත්තටම මමත් ගොඩාක් ආසම සින්දුවක්. පට්ටම පට්ටයි. කියන්න් වචන නෑ. මේකෙ මුල 'අපි'නෙවෙයි, 'අපෙ හැඟුම් වලට'. මම විග්රහයක් කරන්න නම් දන්නෙ නෑ. ඒත් තහනම් පෙමක් ගැන සුපිරි විදියට මේ ගීතයෙන් විස්තර කරනවා. අර එක තැනක තියන්නෙ 'ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී- මම මගෙ හෙවනැල්ලෙන් මිදී' කියලා. ඒකෙන් මේ ගැන හොඳටම කියන්න පුලුවන්
ReplyDelete