මහලොකුවට ලියනව කියල පටන් ගත්තට මට හරියට රචානාවක් වත් ඒ කාලෙ ඉදන්ම ලියාගන්න බැරි බව පස්සෙනෙ මතක් වුනේ. මම ඉතින් ලියන වැඩ වලට දස්ස මනුස්සෙයෙක් නම් නෙමේ. ඔන්න ඔහෙ හිතට එන දෙයක් ලියල දාන්නයි යන්නෙ. මොනව උනත් මෙතෙක් කල් මගේ ජීවිතේ ඔහේ ගලාහෙන ගියා. තාමත් ඉතින් එහෙම්මමයි. ඉතින් ජීවිතේ ගෙවුන විදිහ තමා ලියන්න යන්නෙ. මගෙ හැම වැඩේම පටන් ගත්ත ක්‍රමේට මේකත් පටන් ගන්නම්කො. ඒ කියන්නෙ කථාවෙ මැද්දෙ ඉදල තමා පටන් ගන්නේ.
අපි කවුරු කවුරුත් තමන් පසු කරගෙන ආපු කලපරිච්ඡේද දිහා ආපසු හැරිල බැළුවොත් පාසැල් කාලයට නම් හිමි වෙන්නෙ බොහොම සුවිශේෂී කාල පරිච්ඡේදයක් කියල මට නම් හිතෙන්නෙ. මම එහෙම කීවෙ මගෙ ජීවිතේ සුන්දරම කාලෙ ගෙවුනෙ ඒ පාසල් කාලය තුල වීම. සමහරකුන්ට නම් පාසල් කාලයට වඩා සුන්දර කාල පරිච්ඡේදත් ඇති. කොහොම නමුත් ඒ වකවානුව තුළ සිදුවූ මගේ මතකයේ රුදුනු සිදුවීම් පිළිබද යම් තාක් දුරකට සටන් තබන්නයි මෙම ලිපි පෙලේ අරමුණ.
කොහොම උනත් මට උ/පෙ යනකන් ඉගෙන ගන්න වාසනාව තිබුණ. එහෙම කීවෙ මම ස/පෙ කොහොම පාස් උනාද කියල තාමත් හිතා ගන්න බෑ. එක්කො කොහොම හරි මම ලියපු උත්තර හරි ගියා. නැත්නම් උත්තර පත්තර බලපු අයට මං ගැන දුක හිතුන. අපේ සා/පෙ පන්තියට උගන්නපු ගුරුවරු නම් කීවෙ පන්තියෙ හිටපු කීප දෙනෙක් ඇරෙන්න අනිත් එකෙක් වත් පාස් වෙන්නෙ නෑ කියල. මම හිටියෙ ඒ කොටසෙ. අපි පාස් උනා කියපුවාම ගුරුවරුන්ටත් පුදුමයි.
ඔන්න උසස් පෙළට ආවනෙ කෝම හරි. මේ කාලෙ තමා පාසල් ජීවිතෙත් සුන්දරම කාලෙ. පරණ යාළුවො වගේම අළුත් යාළුවෙත් ගොඩක් ආව. අළුත් කට්ටිය නම් ගොඩක් බයෙන් තමා ඉස් ඉස්සෙල්ලාම ඇවිල් හිටියෙ. සමහර විට අපි අමුතු සත්තු වගේ පෙනුනද දන්නෙ නෑ. බොහෝම බයාදු විදිහට තමා අපි දිහා බලන්නෙ. දැන් ඉතින් කස්ටියම ගිහිල්ල එහෙන් මෙහෙන් එබිකම් කර කර ගෑණු පරාන තෝරනව. මොන තේරිලිද මුං ඔක්කොම බිම බලාගෙනමනෙ ඉන්නෙ. අන්තිමට උත්සව කටයුතු එහෙම ඉවර වෙලා කට්ටියව පන්ති වලට දාන්න ගත්ත.
අපේ පන්තියෙ තමා අඩුම පිරිසක් හිටිය පන්තිය. වැඩිපුරම හිටයෙ අළුතෙන් ආපු අය. පන්ති නායිකාව උනෙත් අළුතෙන් ආපු එකියක්මයි. අලුතෙන් ආවට මොකද මේකිගෙ අම්බානක කට. අවුරුදු 11 ක්ම මේ ඉස්කෝලෙට අපු මට මේකි උපදෙස් දෙන්න ගත්ත. මටත් අසූහාර දාහට තද උනා. ඉවසල ඉවසල බැරිම තැන මනුස්සකම පැත්තකින් තියල මම කීව
නැගිටපිය......... තෝ හිතාගෙන ඉන්නෙ මාත් මෙහෙට අද කඩාගෙන පාත් වෙච්ච එකෙක් කියලද යකෝ.......
කියල කිවුව විතරයි කෙල්ල සද්ද නෑ. බිම බලාගෙන ඉන්නව විතරයි කිසිම සද්දයක් නෑ. දැන් අනිත් එවුනුත් හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නව. මට දැන් මේකිගෙ මූනවත් හරියට පේන්නෙ නෑ. ආයෙ මම කීව
උස්සාපිය මූන කියල.
මේකි හිමිට මූන ඉස්සුව. එතකොටම මළ පැනපුව පැත්තකින් තියල මට බකස් ගාල හිනා ගියා. අනිත් එවුන්ට වැඩේ එච්චර ගානක් නෑ. මේකි සුදුයි කියල කියන්න පුළුවන් මට්ටමේ සුදුයි. බයවෙලාද කොහෙද නහය රතුම රතු වෙලා. මට මතක් උනේ කාඩ් කුට්ටමේ හිටිය ජෝකර්ව.
දැන් අඩන්න ඔන්න මෙන්න. මෙතන මේකි අඩන්න ගත්තොත් ලෝක ලෙඩක් වෙන හින්ද මම කීව
හරි. ඉස්සෙල්ලාම පාඩම තමා මේ ඉස්කොලෙ පරණ එවුන්ට හොදට කථා කරන්න ඉගෙන ගනිල්ල. මල්ලි කෙනෙක් උනත් කමක් නෑ සුදු කලිසමක් ඇදල ඉන්නව නම් අයියෙ කියහන්. පන්තියෙන් එලියට යනවනම් කෙල්ලො ඔක්කොම එක පෙලට පෝලිමට යන්න ඕන. අද ඉදන් සතියක් යන තුරු කට්ටියම චොකලට් බිස්කට් පැකැට් එක ගානෙ ගේන්න ඕනෙ. තෝ විතරක් බිස්කට පෙට්ටියක් අරගෙන එන්න ඕන. නැත්නම් ගෙදරට වෙලා හිටපිය. තේරුනානෙ .
කොමහරි එදා ඉගෙනීමක් උනේ නෑ. අළුතෙන් ආපු උන්ව අල්ලගෙන පොර ටෝක් දී දී හිටිය මිසක. දැන් ඉස්කෝලෙ ඇරෙන වෙලාව. කට්ටියම පොලිමේ යනව. මම ආයෙ පාරක් අර කෙල්ලට කීව
මතකනෙ......... බිස්කට් පෙට්ටියක්. කියල.
ඒකිත් බායාදු විදිහට ඔළුව හොලෝල හා කීව. මම සුපුරුදු ව්දුහට අපේ කොල්ලො ට්කත් එක්ක කයියකුත් දාගෙන ගෙදර ගියා.
පහුවදා උදේ සුපුරුදු ව්දිහට යන්තන් බෙල්එක ගහල විනාඩි 10 විතර පස්සෙ මම ඉස්කෝලෙ ගේට්ටුව ලගට ආව.දැන් ඉතින් පන්සිල් අරන් ඉවර වෙනකන් අපි එතන. ඔය අතරෙ අර කෙල්ලත් හිටගෙන ඉන්නව. පන්සිල් අරන් ඉවරවෙලා කට්ටිය පන්තිවලට යනව. මාත් පන්තියට ගියා. විනාඩි පහ උනා, පහ දහය වුනා අර කෙල්ල තාමාත් නෑ. ටික වෙලාවකට පස්සෙ මෙන්න පන්තිබාර සරුත් එක්ක මේකි එනව.
අපේ පන්තිය බාර වෙලා තිබුණු සර් තමා මම ඉස්කෝලෙන්ම අදටත් ගරු කරන මගේ ප්‍රියතම ගුරුවරය. මොකද සර් කොයි දේත් හරියට කලා. හැම වෙලේම සාධාරණව කටයුතු කලා. ඒ වගේම සර් ගෙන් ගුටියක් කෑවොත් ඒක රිදෙන්නෙ පහුවදාට. ටොක්කක් ඇන්නොත් යටිපතුල් රිදෙන්නෙ. සරීරෙන් පොඩි උනාට ඕන හයේ හතරෙ එකෙක් කොනිත්තල දණ ගස්සවනව. දැන් මටත් හීන් දාඩිය දැම්ම. මොකක් හරි අවුලක් තියෙනව කියල තේරෙනව සර් එන තාලෙන්ම. මාත් මුකුත් නොදන්න තාලෙට පුටුවෙ ඉදගෙන ඉන්නව. ආපු ගමන්ම පොත්ටික දාල ගුරු මේසෙ උඩට
කවුද පියුමිට බිස්කට් ගේන්න කීවෙ කියල. ඇහුව.
එතකොටයි මම දැන ගත්තෙ මේකිගෙ නම පියුමි කියල. මට ඉන්න තැනත් එක්ක අමතක වුනා. කොහෙන්ද මන්ද ආපු මූත්‍රා බරකුත් සෙට් වුනා. දැන් මම දන්නව අද කන්නවෙනව මාසෙකට ඈති වෙන්න කියල. අනිත් කට්ටියත් කිසිම සද්දයක් නෑ. කවුරුත් කථා කරපු නැති නිසා සර් පියුමි දිහාට හැරිල ඈහුව
කියපු එකා මෙතන ඉන්නවද කියල.
පියුමි දැන් හිමීට කට්ටිය දීහා බලාගෙන එනව. මගේ දිහාට ඇස් ආවාම සර්ට නොපෙනෙන්න දන්න සෙල්ලං ඔක්කොම දාල කිව්වොත් මම තෝව කනව වගේ බැල්මක් දැම්ම. ඒක පියුම් නම් හොදට දැක්ක. ඊට පස්සෙ පියුමි කීව
එයා මෙතන නෑ කියල.
හම්මේ........දැනුයි මගේ සරීරෙ සියළු අවයව වලට ලේ ගමන් කරනව වගේ තේරුනේ. ඒත් එක්කම සර් අහපි
මේ ළමය හතයි කාලෙ ඉදල ගේට්ටුව ගාව ඉදල තියෙන්නෙ. ශාමින්ද තමුසෙ දැක්කෙ නැද්ද කවුද කියල.
සර් මාව හොදට අදුරනව. මොකද සර් මව දන්නෙ 9 වසරෙ ඉදල. කොහොම හරි මම අමාරුවෙන් නෑ කියන්න ඔළුව දෙපැත්ට වනා ගත්ත. අනිත් කට්ටිය නම් සතියක්ම බිස්කට් ගෙනාව. පියුම්ත් පස්සෙ පොඩි බිස්කට් පැකට් වගයක් ගෙනාව. කොහොම උනත් උ/පෙ පන්තියට ආපු පළවෙනි දවසෙම මගෙ ලේ නම් සෑහෙන්න පිච්චෙන්න ඇති.
බොහොම අමාරුවෙන් ආරම්භය නම් ගත්ත. මොනව හරි හිතෙනව නම් කමෙන්ට් එකකුත් දාල යන්න. එහෙනම් ඊ ළග ලිපියෙන් හමු වෙමු.
අඩේ උඹ ෆට්ට ඩයැල් එකක් නේ... පළවෙනි දවසෙම සද්දේ දාලා තියෙන්නේ කෙල්ලෙකුට නේ... :D
ReplyDeleteඑළ එළ.. ඉතුරු ටිකත් ඉස්මනට දාපං...
ජය වේවා...!!
අනිවා මචන්...දිගටම ලියනවා....
ReplyDeleteමරු ස්ටොරි එක සහෝ... දිගටම ලියන්නකෝ එහෙනම්.. :)
ReplyDeleteකවුද දන්නැ මේ පියුමි :D
ReplyDeleteබලං ගියහම මමත් ඉන්නෙ පොරක් එක්කනෙ.. :D එල එල දිගමට ලියමු ;)
ReplyDeleteදිගටම ලියන්න.. හොඳට ලියලා තියෙනවා. හැබැයි ඉතින් ලොකුවට සද්දෙ දාලා තියෙන්නේ කෙල්ලෙක්ටනෙ.. ;)
ReplyDeleteඒ කියපුවට මොකුත් නොකිය හිටිහනම් මම මොකෙද්ද එකෙක් වෙනව :D . කමෙන්ට වලට කස්ටියටම බොහොම ස්තුති.
ReplyDelete