February 27, 2011

සත්තයි....මම කාටවත් කියන්නෙ නෑ.

ඔන්න ඉතින් මම අද කියන්න යන්නේ අපේ යාළුවෙක් තමන් යාළු වෙලා ඉන්න ගෑණු ළමයට වෙච්ච පොරෙන්දුවක් අකුරටම ඉස්ට කොරපු විදිහක් ගැන.

ඒ දවස් වල මම ඉතින් තනිකඩයා. මගෙ යාළුවොනම් වැඩි දෙනෙක් ආදර සම්බන්ද පවත්තගෙන හිටිය. ඉතිං අපේ යාළුවෙකුත් පොඩි සම්බන්දයක් කාටත් හොරා ආරම්භ කලා. එයාට අපි කියමු සිරිපාල කියල.


සිරිපාල ගෑණු ළමය එක්ක යාළුවෙලා සෑහෙන කාලයක් ගියාට පස්සෙ තමා අපි දැන ගත්තේ. කෝම හරි අන්තිමට මේක ප්‍රසිද්ධ රහසක් වුනා. කොමින් කොමින් හරි දෙන්නම ෆට්ට ලව්. කුරුළු ජෝඩුව වගේ ඔන්න යස අගේට හිටිය.

ඔන්න ඉතින් සිරිපාලගෙ ලව් එකටත් කණ කොකා හඩන්න ගත්ත. යාළුවෙච්ච ගෑනු ළමය ගැන ගැබෙන ආරංවි අන්තිම නරකයි. ඒව ඌත් එක්ක කියන්නත් බෑ. නොකියත් බෑ. මොනව උනත් පස්සෙ අපේ යාළුවට දුක් විදින්න වෙයි කියල අපි මූට නොකිය අර ගෑණු ළමය දන්න අදුනන කීප දෙනක් ගෙන් විස්තර ඇහුව. බැලින්නම් වැඩේ ඇත්ත.

සිරිපාලය ඔය දෙවල් දන්නේ නෑ. අවසානෙදි අපි තීරණය කොලා මූට මේ සියල්ල කියන්න. හොද වෙලාවක් එහෙම බලල අපි කිහිප දෙනෙක් කථාව කීව. මූ මුල ​ඉදන් අගටම අහගෙන හිටියා. මූ කථාව විස්වාස කලේ නෑ. මූ කියපි

මට ඒකිව විෂ්වාසයි. වැරැද්දක් තියේ නම් මම හදා ගන්නම් කියල.


අපි මේකට හොදක් කරන්න ගිහිල්ල මේක අන්තිමට තරහ වෙන තැනටම ආව. බොට හොදනම් අපිට මොකද කියල අපිත් කර බාගෙන හිටිය.

ඔය අතර අපේ තව යාළුවෙක් සිරිපාල යාළුවෙලා හිටපු ගෑණු ළමයගෙ යාළුවෙක් එක්ක යාළුවෙලා හිටියා. අපි පොරට නිමල් කියමුකෝ. නිමල කරල තියෙන්නෙ ඌ යාළුවෙලා හිටිය කෙල්ලට කියල සිරිපාල යාළුවෙලා ඉන්න කෙල්ලට මොකක්හරි අකරතැබ්බයක් වෙලා ද කියල ෂේප් එකේ අහගන්න කියල. 


ඉතින් අනේ නිමලගෙ කෙල්ලත් කරල තියෙන්නෙ ෂේප් එකේ විස්තර අහගෙන.

අහගත්තට පස්සෙ නිමලට කියල. කියල තියෙන්නෙ විෂේෂ පොරොන්දුවක් පිට. කිසිම කෙනෙකුට මේ කථාව කියන්නෙ නෑ කියල ඔළුවෙ අත තියල පොරෙන්දු වෙන්න කියල.



නිමලත් ඉතින් මේක අහගන්න වෙන ක්‍රමයකුත් නැති හින්දා මෙන්න මෙහෙම පොරොන්දු වෙලා.

ඇත්තමයි සත්තයි. ඔයා පල්ල මගෙ කටින් මේ ගැන කාටවත් කියන්නෙ නෑ.


මූ මේක අහගෙන දුවගෙන ආවෙ කෙලින්ම අපි ළගට. අපුගමන්ම කලේ පන්ති ගෙනිච්ච ​පොත අරගෙන ඒකෙන් කොලයත් කඩල 

සිරිපාලගෙ කෙල්ලට වෙලා තියෙන දේවල් ඈත්ත 

කියල ලියල ඒක අපිට පෙන්නල කොල කෑල්ල කටේ දාලෙන හපන්න ගත්ත. ඒත් එක්කම මේක කියනව 

ඔන්න මම මුකුත් කීවෙ නෑ කියල.


අපි තනිකර හොල්මනයිස් වෙලා බලාගෙන ​ඉන්නව. ටිකකින් මු පොරොන්දුව වෙච්ච හැටි කීව. එතකොටයි අපිට වැඩේ තේරුනේ. මූ පොරෙන්දුව අකුරටම ඉස්ට කලා. වෙච්ච පොරොන්දුවෙ කිසිම තැනක තිබිල නෑනෙ ලියල පෙන්නන්නෙ නෑ කියල. කියන්න එපා කියලනෙ කියල තියෙන්නෙ.

කෝම හරි සිරිපාලයගෙ ලව් එක එතනින් නිමා උනා. ටික කාලෙකට පස්සෙ අපිට ආරන්ච් උනා සිරිපාලයත් හොරෙන්ම කෙල්ලගෙ ගෙවල් පැත්තෙ රිංගපු වග.

9 comments:

  1. අන්න පොරවල්............
    වචනේ නම් වචනේ........... :D

    ReplyDelete
  2. අපෝ...මාර ඩයල් එක...හෙහ්

    ReplyDelete
  3. පොරොන්දු ඉටු කිරීම අතින් නිමල් අංක 1 ..

    ReplyDelete
  4. මාත් ඔය වගේ වැඩක් කලා
    අපේ අම්මා මට කිව්වා හබීගෙයි (ඒ කාලේ වෙන්න හබී) මගේයි සම්බන්ධේ නවත්තනවා කියලා තාත්තාගේ කකුල් දෙක අල්ලලා වඳින්න කියලා
    මං වැන්දා
    හැබැයි මොකුත් කිව්වේ නැහැ
    හිතින් හිතුවා නවත්තන්න නං බැහැ අප්පා කියලා
    :D

    ReplyDelete
  5. matath ape amma kiwwa thaththage 4to eke atha thiyala diwranna kiyala sambande nathara karanna kiyala
    mamath ara randil akki wage kala e unata hari giye na ape amma mage katinma eka kiyawa gaththa anthimedi mata eka nathara karanna una

    ReplyDelete
  6. බලාගෙන ගියාම හැමෝටම මේ වගේ දේවල් වෙලානේ....සියළු කමෙන්ට වලට ස්තුතියි.....

    ReplyDelete
  7. මටනම් අපේ අම්ම තම එහෙම කියල නෑ....නිමල් කියන්නේ හොද කොල්ලෙක්.....හික්ස් ..:P

    ReplyDelete