මේ ලිපි පෙළ ලියාගෙන යද්දි සමහර පුද්ගලයින්ගේ ඇත්ත නම භාවිතා කිරීමේදී යම්කිසි අසාධාරණයක් සිදු වෙන නිසා යම් යම් අවස්ථාවන් වලදි වෙනත් නම් වලින් ඒ ඒ පුද්ගලයන් හදුන්වා දීමට මම තීරණය කලා. ඇත්ත නම් හෙලි කිරීමේදී සමහරකුන්ට යම් කිසි අසාධාරණයක් සිදුවන බව අවබෝද වෙනකොව වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඒක තේරුනේ ටිකකට කලින් අපු දුරකථන ඇමතුමකින්. කොහොම හරි කථාව දිගටම ලියාගෙන යනව. සමහර නම් පමනක් වෙනස් වේවි.
කලින් ලිපියෙන් මම ටවුම ව අදුන්නල දුන්නනෙ. ටික දවසකින් ටවුම අපේ හොද යාළුවෙක් වුනා. මොනව උනත් එකට මැරෙන්න උනත් තාමත් අපි අතර ඉන්න හොද යාළුවෙක්. සමහර වෙලාවට අපි කරන සමහර විහිළු වලට මේකා තරහත් වෙනව. වෙන එකෙක්නම් අපිත් එක්ක තරහ වෙලා ගොඩක් කල්. මොනව උනත් මූම ටිකකින් ඇවිත් කථා කොරනව. මොනව උනත් හිත හොද කොල්ල.
අපි ඉස්කොලෙ ඉද්දි ඉතින් අපිට වැඩිය පොරවල් නෑ වගේ තමා හිටියෙ. ඇත්තටම අපි වගේ සෙට් එකක් දන්න තරමින් තාම නෑ ඉස්කෝලෙ හිටියෙ. මුළු උසස් පෙල පන්ති සියල්ල එකා වගේ හිටියෙ. මෙච්චර ගොඩක් එකට හිටියාම මොනවද කරන්න බැරි. කොච්චර අපිට පාට් දාන්න කවුරු ආවත් මුලින්ම කටින් ගහල වැඩේ ෂේප් කර ගන්නව. මොකටද නිකන් අතපය තලා ගන්නෙ. ගුරුවරන්ගෙනුත් පැසසුම් වගේම බැනුම් ඇහිලිත් නොතිබුනාම නෙමේ.
අපිට පල්ලෙහා පන්ති වල හිටිය කස්ටිය පොඩ්ඩක් අපිත් එක්ක ඔරොප්පුවෙන් තමා වැඩි දෙනෙක් හිටියෙ. මොකද උන් මොනව කරන්න ගියත් අපේ මොකෙක් හරි එකෙක් උදැල්ලක් දාල. අපි හිතාගෙන හිටියෙ අපි කරන දේ විතරයි හරි කියල.
මේ සිද්දිය වෙච්ච දවසෙත් අපේ එකෙක් මොකද්දෝ හුටපටයක් කොරගෙන. ආරංචිය ආපු ෂ්ණිකවටම අපේ ගැන්සිය එතන. දැන් වටේටම බනිනව. මාත් එදා ටිකක් සද්දෙ දැම්ම වැඩිද කොහෙද වටේම කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම බලාගෙන. මොනව කරන්නද එතකොට කියවෙන්න ඕන ඒව කියවිලා ඉවරයි. වලිය සමතයකට පත් කරගෙන අපි ආපහු පන්ති වලට ආව.
එදා ඉස්කෝලෙ ඇරුනට පස්සෙ අන්තිමට තමා මට යන්න උනේ. මායි ටවුමයි දෙන්න අනිත් පෝලිමේ යන අයවත් ඉස්සර කරගෙන ඉක්මනින් ඉක්මනින් ටවුමට ආව. එතකොටත් බස් කිවු එක පිරෙන්න ඉස්කෝලෙ ළමයි අවිල්ල. ඔන්න දැන් තමයි හොදම වැඩේ වුනේ.
ඉස්කෝලෙ පැත්තෙ ඉදල එනකොට කිවු එක තියෙන්නෙ වම් පැත්තෙ. කිවු එක කෙරෝලෙ සී ටී බී බස් එකක් තිබුන. අළුතෙන් ගෙන්නපු ටාටා බස් එකක්. ඒක හිමින් හිමින් පස්සට එනව. ඒ කියන්නෙ අපි ඉන්න දිහාට එන්නේ. අද ඉතින් සද්දෙකුත් දාල ඉන්න නිසා අපි දෙන්නම මහ ලොකු චන්ඩි දෙන්නෙක් වගේ ආවෙ.පෝලිමේ වැඩිය කවුරුත් නැති හින්ද අපිව ටිකක් කැපිලත් පේනව.
ඔය අතරෙ ටවුමා මොකක් හරි එකකට පොඩ්ඩක් නතර වුනා. එතකොට අපි කිවු එක ඉස්සරහට ඇවිල්ල. බස් එකත් ටිකක් ඈත තිබුනෙ. මම පිටිපස්ස බලාගෙන ටවුම එනකන් ඉදල හැරෙනවත් රක්කම ඔලුවෙ ඉදල පපුව දිහාට හනකන් අකුණක් වැදුන වගේ එකක් වුනා. මාව තප්පරයක් දෙකක් පා වුනා වගේ දැනිල බිමට ඇද ගෙන වැටුන. ඉන්නෙ කොහෙද වෙන්නෙ මොකද්ද කියල තේරුම් යනකොට වැඩේ වෙලා ඉවරයි.
මම පිටිපස්ස බලාගෙන ඉන්න ටිකට බස් එක මගෙ ළගටම ඇවිත්. මම ඒක දන්නෙ නෑ. හැරෙන කොටම මව බස් එකේ වැදිල තියෙන්නෙ. වැදිච්ච පාර මම කෙලින්ම බස් එක යට.
මම ඉන්නෙ බස් එක යට කියල තේරුනේ හොද සිහිය අපුවාම මම බස් එක යට ඉදලම බැළුවෙ කිවු එක දිහා. එකී මෙකී නොකී සියළු දෙනාම හිනාවෙනව. කෙටියන්ම කිවුවොත් මුළු කිවු එකේ හිටපු සියළු දෙනා හිනා වෙනව. අම්මා......... මට දැණුනු හැගීම වචන වලට කවදාවත් පෙරලන්න බෑ. අතරින් පතර හූවකුත් ආව. මටමනෙ මේව වෙන්නෙ අම්මප.
කොහොම හරි දනි පනි ගාල මම බස් එක යටට ගිය පැත්තෙන්ම එලියටත් ආව. බස් එකේ කොන්දත් අම්බානක බනිනව. යකෝ මුන්ට තිබුනෙ නැද්ද පොඩ්ඩක් පිටිපස්ස බලල පස්සට එන්න. මගේ කරුමෙට මොනව කරන්නද ?. ඒ අස්සෙ මූනෙ පැත්තක් තාම හිරි වැටිල. ටවුම මාවත් ඇදගෙන ළගම තිබුනු කඩේකට ගිහින් මාව ඉන්දෙව්වා. කඩේ මුදලාලිය අහනව
මල්ලී......... මොකද බස් එක හයියද කියල.
අෆ්ෆා මුදලාලියත් සීන් කොන් එක දැකල. මුදලාලියගෙත් ^#$^#& #$^#$^ #$^*#*$^(.
මොනව කරන්නද අන්තිමට ඔක්කොම ගෙවල් බලා ගියාට පස්සෙ තමා අපි දෙන්න එදා ගෙදර ගියෙ.
හෆොයි.... :O
ReplyDeleteමොනව කරන්නද අප්පා නරක කාලෙ අපුවාම.
ReplyDeleteකලියුග කාලේ බඹර කැරකෙයි නලලේ..හෙහ්...ශාමින්ද අයියා හොද වෙලාවට පස්ස බලන් උන්නේ නැත්නම් චප්පම වෙනව මුණත් තහඩුව :PPP
ReplyDeleteඊට පස්සෙ දවසෙ ඉස්කෝලෙ ගියාද? :O
ReplyDeleteඈති ඔයින් බේරුනා
ReplyDeleteඔහොම බේරුණා ඇති... ලැජ්ජාව වගේද මෙයා වැඩේ දරුණු වුනානම්..?
ReplyDelete