ඈ පුතේ...... මේ පාර වෙසක් කූඩුවක් හදන්නේ නැද්ද ?.
හදනව අම්මේ. අද උණ ගහක් කපාගෙන එන්න යන්න ඕනා. හැබැයි හදනවා නම් තාත්තයි මායි අම්මයි තුන්දෙනාම එකතු වෙලා හදමු.
හා හා හා. උණ ගහ කපාගෙන එන්නකෝ. බලාගෙන පරිස්සමින් යන්න.
මේ දවස් කීපයකට කලියෙන් මායි අම්මයි අතර වුනු දෙබසක්
ඔන්න මමත් උණ ගහක් කපාගෙන ගෙනැල්ලා වෙක් කූඩවක් හදන්න ලෑස්ති උනා. මුලින්ම ඉතින් උණ ගහ කපා ගන්න එපෑ. ගියා ආච්චිලාගේ වත්තට. මේ තියෙන්නේ උණ පදුරක්ම. ඒත් ඉතින් උණ පදුරක් තිබුණු පලියට කපලා හරියනවෑ. අනිත් ගස් වලට හානියක් නොවෙන්න තියෙන මෝරච්ච ගහක් කපන්න එපෑ.
වැඩේට නියමෙට හරියන ගහක් එතන තිබුනා. ඒකත් කපාගෙන ගෙදර ගෙනැල්ලා කල්පනා කොලා දැන් මොකද්ද හදන වෙසක් කූඩුව කියලා. මොකද්ද හදන්නේ ..................... අට පට්ටමක් හදනවා පැටව් හතරක් දාලා. අම්මාගෙනුත් අහපුවාම අම්මත් හා කිව්වා වැඩේට. කෝමත් මට වෙසක්කූඩු හදන්න කියලා දුන්නේ අම්මයි තාත්තයි තමා පුංචි කාලේ.
දැන් ඉතින් උණ ගහ සුද්ද කරලා අටපට්ටමට ඕන විදියට කැපුවා. එක අටපට්ටමකට උණ බට කෑලි 24 යි. එතකොට පැටව් හතර දෙනාට එක සමාන බට කෑලි 96 යි. ඊට ටිකක් දිග බට කෑලි 24ක් ඕනා ලොකු කූඩුවට.
මම පුංචි කාලේ නම් තාත්තා තමා බට කපාගෙන ආවේ. ඊට පස්සේ ඒවා සුද්ද කරන කන් මම ළගට වෙලා බලාගෙන ඉන්නවා. තාත්තා සුද්ද කරලා ඉවර උනාම මාවත් බයිසිකලේ තියාගෙන හන්දියේ කඩේට ගිහිල්ලා බට බඳින්න කම්බියි අලවන්න සව් කොලයි ගන්න යනවා. තාත්තා අහනවා කැමතිම පාට මොනවද කියලා. පුන්චි දවස් වල ඉදලා මම කැමති වෙසක් කූඩුවලට සුදු පාට කොල අලවන්න. ඉතින් සේරම ගෙනැල්ලා අම්මත් එකතු කරගෙන අපි තුන්දෙනවා වෙසක් කූඩු හදුවා.
අද ඉතින් මම ගියා කම්බියි සව් කොලයි ගේන්න. ටවුමේ අවුරුදු වගේ. හැම තැනම වෙසක් සැරසිලි ගන්න කඩ දාලා. සව්කොල ගන්න ගිය කඩේ ගාව පොඩි ළමයෙක් (අවු : 6ක 7ක) අඩනවා. මාත් ඉතින් බැළුවා මේ මොකද මේ ළමයා අඩන්නේ කියලා.
බලපුවාම මෙයාට ඒයාගේ තාත්තා විකුණන්න තියෙන වෙසක් කූඩුවක් අරන් දෙන්න යන්නේ. පොඩි ළමයා කැමති නෑ ඒවාට. එයා කියනවා ගෙදර ගිහින් එකක් හදමු කියලා. ඒත් තාත්තා හදන්නේ එතනින් සල්ලි වලට එකක් අරන් දෙන්න.
මම කියන්නේ නෑ ඒ තාත්තා කරන්න ගිය වැඩේ නරකයි කියලා. සමහර විට ඒ තාත්තාට වෙලාවක් නැතිව ඇති. ජීවත් වෙන්න සල්ලි හොයන්නත් ඕනැනේ. නමුත් හැම දාම වෙසක් කූඩු හදන්නේ නෑනේ. අවුරුද්දකට එක වතාවයි. ඉතින් ඒ වගේ දවසකටවත් වෙසක් කූඩවක් තමන්ගේ දරුවත් එක්කාසු කරගෙන හැදුවානම් කොච්චර හොදද .........
අන්තිමට කෝම හරි රු : 250 කට අර වෙසක් කූඩවක් අරන් යන්න ගියා.
ඔව් තමන් හදන එක තරම් සන්තෝසයක් නැ කඩෙන් කීය දීල ගත්තත්.මම මේ සැරේ අටපට්ටම් හදනව වෙසක් එකට.
ReplyDeleteහිකිස්
ReplyDeleteඅපේ අයියාත් කඩෙන් ගේමු කිව්වා.. මම අයියාගේ යාලුවෙක්ට කියල බට ගෙන්න ගෙන හදන්න ඉන්නේ කූඩු ක් විතර :)
ReplyDeleteහෆොයි! මට මේක කියවද්දි තමයි වෙසක් කුඩු මතක් උනේ :(
ReplyDeleteඅපේ පැත්තෙ කූඩු හදන්න උණ නෑ, දැං හදිස්සියට මොකක් හරි ජිල්මාට් එකක් දාන්න වෙයි :/
මමත් වෙසක් කූඩු අලවන්න කැමති සුදු තමයි! ඊටපස්සෙ ඕනෙ ඕනෙ පාටිං බල්බ් දානව :)
අඩේ උබේ කූඩුවෙං කෑල්ලක් මටත් දියං :D
ReplyDeleteමන් නම් කූඩු හදන්න දන්නේ නැහැ ඒක නිසා දැමදාම කඩෙන් ගෙනත් එල්ලන්නේ
ReplyDeleteලබන පාර නම් කම්මලට ගිහින් වෙසක් පැටව් කූඩුවක් හදෝ ගන්න ඕනේ :-D
1993 අවුරුද්දෙ මල්ලියි මමයි එකතුවෙලා කැරකෙන කූඩුවක් හැදුව. ඊට මාස කීපයකට පස්සෙ මල්ලි ලංකාවෙන් පිටවුනා ඉගෙනගන්න. මම එදායින් පස්සෙ වෙසක් කූඩුවක් හැදුවෙ පහුගිය නත්තලට . . . . ඒත් මම මතක තියන පුංචිම කාලෙ ඉඳං හදන නෙලුම් මල් හත හැදුවෙ නෑ . . . . මේ වෙසක් එකට කූඩු හදන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ . . . . රාජකාරි වැඩ නහය වැහෙන මට්ටමට . . . ගෙදර ගියාම පැටියගෙ වැඩ . . . . එයා තමයි මෙදා සැරේ හාමිනේගෙයි මගෙයි වෙසක් කූඩුව . . .
ReplyDeleteඑළ එළ,
ReplyDeleteකොල්ල දැන් අවුරුදු 2කින් කූඩුවක් හැදුවෙ නැහැනෙ. පිටරට ඉන්න අපිට මොන වෙසක්ද? එදාටත් වැඩ..
නදී : තමන්ම හදන එක තමා වටින්නේ නදී
ReplyDeleteහූනා .. : වෙසක් කූඩුවක් හදන්නේ නැද්ද ?.
හසී : හදන්න හදන්න හසී. තමන්මයි හදන්න ඕනා.
සසීන්ද්‍ර වීරසිංහ : කෝම හරි කූඩවක් හදන්න සහෝ.
Kanishka | කණියා : හදපං බං කූඩවක් උබත්.
ඕනයා : ඕන අයියා නහය වැහෙන්න වැඩ තිබ්බත් අපිව බලලා යන්න එනවා නේ. දැන් ඉතින් පැටියා ලොකු උනාම දෙන්නා එක්කම එකතු වෙලා හදන්න බැරියෑ වෙසක් කූඩු.
අළුත් කොල්ලා : කොල්ලා පිට රට ඉන්න විත්තියක් මම දැන්නේ දන්නේ. ආයේ ආපු කාලෙක හදමු.
ReplyDeleteඇත්ත බුල්ටෝ කොහොම උනත් හදන කූදුවක ආතල් එක නෑ කඩෙන් ගෙනත් එල්ලන ඒවැයෙ.
ReplyDelete