සා/පෙ පාස් වෙලා උ/පෙට ඉස්කෝලේ යන්න පටන් ගත්ත දවසේ ඉදලා ජීවිතය ගැන මහා ලොකු අත්දැකීම් සම්බාරයක් ඇති පුද්ගලයෙක් වගේ කටයුතු කොලාට මොකද දැන් හිතෙනවා අපි තාම දන්නේ මොනවාද කියල. දුකේදි සැපේදි හැමෝටම පිහිට වෙලා හිටියට සමාජයත් එක්ක ගැටිලා අපිට ලැබුණු අත්දැකීම් බොහෝම අල්පයි.
මම මෙහෙම කියන්න හේතුව මට ලැබිච්ච අළුත් රැකියාවත් එක්ක මට බොහෝ පුද්ගලියන් ඇසුරු කරන්න ලැබැනා. විවිද අදහස් ඇති අය. එකම දේ පිළිබඳව විවිධ අදහස් තියෙන්නේ. එහෙම උනාම ඉතිං හරිම අමාරුයි දෙයක් තේරුම් කරලා දෙන්න.
මීට ටික දවසකට කලියෙන් මංගල ඡායාරූපයක් ගන්න දෙන්නෙක් ආවා. මගුල් දිනේට කලියෙන් ඇවිල්ලා ගනන් හිලව් පිළිබඳව පැහැදිලි විස්තරය ඒ දෙන්නට ලැබුනා අප වැඩ කරන ආයතනයේ ප්‍රධානියා විසින්. කෝම හරි වෙඩින් එක දවසේ දෙන්නා ආවා පින්තූර ගන්න.
සාමාන්‍යයෙන් අපි කරන්නේ ගන්න ෆොටෝ ඒ වෙලා වෙම ඒ අයට පෙන්නලා එයාලා කැමති ෆොටෝ තෝරලා ඒවායින් තමා අපි මුද්‍රණය කරලා දෙන්නේ. මේ දෙන්නාට ඕන උනේ කළු සුදු පින්තූරයයි වර්ණ පින්තූරයයි විතරයි. ඒ දෙකම රාමු කරලා.
මේ ගැන අපි මොන විස්තරයක් කීවත් මනමාලා මහත්තයා කියන්නේ කැමති විදිහකට කරන්න කියලා. ඉතින් අපේ ප්‍රධානියා බොහෝම අලංකාර විදිහට වැඩේ කෙරෙන හැටි ගැන කියලා දුන්නා ඒ දෙන්නාට. ඒත් මම නම් හිතන්නේ නෑ ඒ දෙන්නට ඒක තේරුනා කියලා. අපිත් එක්ක වැඩිපුරම කථා කලෙත් ඒ ජෝඩුව නෙමේ මනමාල මහත්තයගේ යාළුවෙක් හෝ නෑදෑ වෙන කෙනෙක්. ඒයා තමා අන්තිමට තීරණය කරේ මේක මේ විදිහට කරමු කියලා. වෙඩිමේ අනිත් වැඩ කටයුතුත් අර යාළුවා වෙන්න ඇති බොහෝ දුරුට කරට අරගෙන කරන්න ඇත්තේ.
පහුගිය දිනක ඒ ගත්ත පින්තූර ටික අරන් යන්න ආවා. ඒත් ආවේ අර යාළුවත් එක්ක. යාළුවා තමා අන්තිමට පින්තූර වලට රාමු පවා තේරුවේ. කෝම හරි වැඩේ බෝම ලස්සනට කර ගෙන ගියා. ඒ වෙලාවෙදිත් අර මනමාල මහත්මයා කියන්නේ කැමති විදිහක් කොරන්න කියල.
දැන් ඒ මනුස්සායට ඒ දේවල් මම තේරුම් කොරන්න ගියානම් මම දන්නවා මිනිහා අපු මුල්ම දවසෙම යන්න යනවා.
මේකෙන් මම ඉගෙන ගත්ත පාඩම තමයි සමාජයේ ඉන්න විවිද පුද්ගලයෝ එක්ක කටයුත් කරද්දී අපි ඒ ඒ පුද්ගලයන්ට ආවේනික විදිහට කටයුත් කරන්න ඕනා. ඒකත් ඉතිං සමාජයත් එක්ක ගැටිලාම තමයි ඉගෙන ගන්න ඕනා. මම තාම ඒ දේවල් වලට බොහෝම ආගන්තුකයි යන හැගීම මට දැණුනා. නමුත් මේ ඉන්න විදිහට කාලායත් එක්කම මේ දේවල් ඉබේම වෙනස් වෙයි කියලයි මගේ හැගීම.

ඔන්න මචන් උඹට කිව්වා වගේ මං තමයි මුලින්ම කියවන්නේ...
ReplyDeleteComment එක දාලම කියවන්න ගන්නවා.. එල.. ජය වේවා ~ !!!
හ්ම්ම් ඇත්ත සහෝ... මිනිස්සු විවිධයි.. අපි ඒක තේරුම් ගත්තොත් ගොඩක් අය එක්ක එකට කටයුතු කරන්න ලේසියි..:)
ReplyDeleteතිශ් : කිව්වත් වගේ කොල්ලා අකුරටම වැඩ නේද........:D
ReplyDeleteහිම කුමාරි : මේ දවස් වල මම ඉගෙන ගන්නේ ඒක තමයි. මොකද මම තමා මුලින්ම කථ කරන්න ඕනා ...............:D
ඇත්ත සහෝ.. මටත් වැරදිච්ච තැන ඔතන.. දැනවත් අනිත් සේරටම කලින් ඔය දේවල් ඉගෙන ගන්න ඕනෙ ;-)
ReplyDeleteඔය අස්සෙ තේරුම් ගන්න බැරි උනුත් ඉන්නවා ඒ අය එක්ක වැඩ කරද්දිනං ගොඩක්ම පරිස්සං වෙන්න ඕනෙ.... මොන වෙලාවෙ මොකක් කරයිද කියන්න බෑනෙ
ReplyDeleteපුද්ගලික අංශයෙ රස්සාවක් කරද්දි (විශේශයෙන් මාකටිං අවශ්්ය වෙන වෙලාවලදි) අපිට හමුවෙන පුද්ගලයන්ගෙ ආකල්ප හඳුනගන්න පුලුවන් නම් . . . . සහ අපිට ඒ ආකල්ප වලට අනුකූලවෙන්න පුලුවන් නම් . . . . සාර්තක ගමනක් යන්න පුලුවං. අත්දැකීමෙන් කියන්නෙ . . . .
ReplyDeleteඋබට මිනිස්සු කවුද කියන එක හොදට අදුනගන්න පුලුවන් වෙයි දිගටම වැඩ කරගෙන යනකොට.. පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරපන් මචං... ප්‍රශ්න් ඒවි... ප්‍රශ්න එන්නේ වැඩ කරන්න ගියාම.. ඒක නිසා පුලුවත් තරම් දෙපැත්තම බේරගෙන වැඩ කරන්න බලපන්....
ReplyDeleteජය වේවා...!!!
දැන් වෙඩිම අවසාණයේදි පැණි හද යනවානේ ? එකෙදිත් නෝනාට කිවාද දන්නෑ ඔයාට ඔනේ විදිහක් කොරන්න කියල.
ReplyDeleteනැත්නම් අර වෙඩිමේ බර කරට ගත්ත එකාට කිවවත්ද ? :P