හැමෝම අදරේ කරන්න ආසයි. ආදරේ ලබන්න ආසයි. ඔන්න අද කියන්න යන්නේ අපේ යාළුවෙක් ආදරේ කරන්න ගිහින් මුහුණ දුන්න ඇබැද්දියක් ගැන. නම කියන එක හරි නැති නිසා අපි මෙයාට පෙම්වතා කියලා කියමු.
පෙම්වතා කියන්නේ අපේ සෙට් එකේ හිටිය සුපිරිම බොක්කක්. මිනිහා මම දන්න කාලේ ඉදලා කෙල්ලෝ පස්සේ ගියා. කොච්චර ගියාද කියලා කියනව හැමදාම කුවුරු හරි කෙල්ලෙක් බලන්න යනවා. හැබැයි මිනිහා එක්ක කෙල්ලක් යාළු වුනත් ඒවා එච්චර කල් තිබිච්ච සම්බන්ඳ නෙමේ. සතියෙන් දෙකෙන් ඉවරයි. වැඩිපුරම ඉතින් කෙල්ලොම තමා මිනිහව දාලා යන්නේ.
කෝමහරි අන්තිමට මිනිහට ගැලපෙනම කෙනා හම්බ උනා. ආයේ ඉතිං ඒ දැරිවිගේ කිසිම අඩු පාඩුවක් නෑ. පෙම්වතාට නියමෙට ගැලපෙනවා. දෙන්නා කිරියි පැණියි වගේ සමගියෙන් සමාදානෙන් ඉන්නවා. හැබැයි අපේ එකත් එක්ක මේ ලෝකේ කෙල්ලෙකුට නම් ඉන්න බෑ. ඒත් අර දැරිවි හිටියා. අඩ අඩ හිනා වෙවී හටියා.
ආදරේට කොහෙන්ද බාදා නැත්තේ. දෙන්නටම බාදා එන්න ගත්තා. ගෙවල් දෙකෙන්ම සම්බන්දෙට කැමති නෑ. දෙන්නට හම්බ වෙන්න විදිහකුත් නෑ. කෝම කෝම හරි දෙන්නා කල්පනා කරලා තීරණයක් ගත්තා.
අපිට වෙන වෙන තැන් වල හම්බ උනොත්නේ ප්‍රෂ්ණේ. අපි ගෙදරට ඇවිත් අම්බ වෙලා කථා කරමු.
ඒත් ඉතින් ගෙදරට ගිහින් කථා කරන්න බෑනේ. මොකද ගෙවල් දෙකෙන්ම කැමතිත් නෑනේ. ගෙදර යනව නම් යන්න වෙන්නේ කාටවත් නොපෙනෙන්න. ඒ කියන්නේ රෑට.
දැන් ඉතින් වෙන කරන්න දේකුත් නැති නිසා පෙම්වතා රෑට රෑට පෙම්වතීගේ ගෙදර යන්න ගත්තා. මිනිහා ඉතිං අපිටනම් කීවේ උබලා වැරදියට හිතන්න එපා මම යන්නේ ලව් කරන්න කියලා.
දැන් පෙම්වතා රෑ 10. 30 ට 11 විතර පෙම්වතීගේ ගෙදර යනවා. යන්නේ පුට්සයිකලේකින්. ඒකත් යාළුවෙක්ගේ. යාළුවත් පුට් සයිකලේට පනට වඩා ආදරෙයි. පෙම් වතීගේ කාමරේ තියෙන්නේ ගෙදර පිට පැත්තකට වෙන්නළු. ඒකට වෙනම දොරක් එහෙම තියෙනවළු. ඉතින් පිම්වතා ගිහින් දොරට තුන්පාරක් තට්ටු කරපුවාම පෙම්වතී දොර අරිනවළු. ඔන්න ඔහොම විස්තරයක් තමයි මිනිහා අපිට කීවේ. ඒකත් ජයසිරි මංගලම් කියලා අපිත් හිටියා.
ඇබැද්දිය වෙච්ච දවසේ අපි යාළුවෙකුගේ බණ ගෙදරක යන්න සෙට් වෙලා හිටියේ. පෙම්වතාත් මෝට බයිසිකලේ ඇවිල්ලා පුට්සයිකලේට මාරුවෙලා බයික් එක අපිට දීලා මිනිහා ගියා ලව් කරන්න. අපි ගියා බණ ගෙදර.
අපි ඉතින් බණ ගෙදර ගිහින් ඇවිත් බන්ඩලාගේ ගෙදර ගියා නිදා ගන්න. පෙම්වතාත් එනවා කීවේ එහාට. කෝම හරි නින්ද යාගෙන එනකොට කෝල් එකක් ආවා පෙම්වතාගෙන්.
පෙම්වතා : පුළුවන් තරම් ඉක්මට වරෙන් යකෝ.
මම : මොකද උනේ. කොහොටද එන්න ඕනා.
පෙම්වතා : බයික් එක අරන් වරෙන් අතෙන්ට.
මම හිතුවා වැඩේ හරි තමා කියලා. මොකද මූ ලව් කරන්න කියලා හිතාගෙන ගියට අනිත් මින්සු දැක්කොත් ගෙදරට රින්ගනවා හිතන්නේ වෙන දෙයක්නේ. කෝම හරි මම ගියා බයික් එකේ. ඒ දවස් වල මට බයික් පදින්නත් හරියට බෑ. කෝමහරි ගියා. යද්දි මෙන්න ඉන්නවා මූ බෝක්කුවක් උඩට වෙලා ඉදගෙන ඔළුවේ අත ගහගෙන.
මම : මොකද යකෝ උනේ.
පෙම්වතා : මාර වැඩේනේ බං උනේ. මම වෙනදා වගේ පුට්සයිකලේ බස් හොල්ට් එක එහා පැත්තේ දාලා ගියා. ඇවිත් බලනකොට ඒක තිබ්බ තැන නෑනේ. දැන් කෝමද කියහන්කෝ බයිසිකලේ නැති වෙලා කියලා අරූට කියන්නේ.
මම : තොට හොද වැඩේ රෑතිස්සේ ගෙවල් ගානේ රින්ගනවට.
පෙම්වතා : ඒම කියන්න එපා බං. මම වැරදි දේකට යනවෑ.
මම : ඔව් උබ යන්නේ සිල් ගන්ට වෙන්ටෑ. යමන් යමන් බලන්න.
දැන් අපි දෙන්නා පුට් සයිකලේ හොයනවා. වටේම ඉන්න බල්ලෝ අපිට බුරනවා. අහල පහල ගෙවල් වල මිනිස්සු ඇහෙරෙන්න කලියෙන් අපි එතනින් මාරු උනා. නැත්නම් පොලීසියෙ තමා නතර වෙන්නේ.
පහුවදා උදේ ආයෙත් පුට්සයිකලේ සෙවීමේ මෙහෙයුමට අපි දෙන්නා ගියා. යන්න කලියෙන් අපි අදුනන ඒ පැත්තේ බුවෙකුට සීන් එක කිව්වා. කිව්වා කිව්වට අර ගෙදරට හොරෙන් පනින්න ගිහින් මේක උනා කියන්නයෑ. ඒකටත් නියම කථාවක් පෙම්වතා හැදුවා.
ඊයේ රෑ මම ගියා පාටියකට. එද්දී හොදටෝම වෙරි. පුට්සයිකලේක ආවේ. අන්තිමට වෙරි වැඩි නිසා කෝල් එක් දීලා බයික් එකක් ගෙන්නගෙන ගියේ. පුට්සයිකලේ බස් හෝල්ට් එක එහා පැත්තේ දැම්මා. උදේ ඇවිත් බලද්දී නෑ.
ඔන්න කථාව. අර අදුරන බුවත් මේ කථාව කිය කිය බයිසිකලේ හෙව්වා. අන්තිමට බයිසිකලේ හම්බ උනා. වෙලා තියෙන්නේ මෙහෙමයි.
බයිසිකලේ දාපු බස් හෝල්ට් එකට ටිකක් එහා පැත්තේ කඩයක් තියෙනවා. කඩේ මුදාලාලි මූත්‍රා පාරක් දාන්න එලියට ආපුවාම දැකල තියෙනවා එකෙක් පුට්සයිකලේක ඇවිත් ඒක හිමීට තියලා හොරෙන් හොරෙන් වත්තට රිංගනවා. ඊට පස්සේ ටෝච් එකකුත් අරන් මිනිහා යනකොට පුට්සයිකලේ විතරයි. ආව එකා නෑ. මුදාලාලිත් වැඩි පිරිස්සමට මිනිහගේ කඩේට පුට්සයිකෙලේ දාලා. මොනව උනත් දැරුවෙකුගේ සයිකලයක්නේ කියලා. දරුවා කරන්න ගිය නැඩේ දන්නවා නම් ................... තාමත් පෙම්වතා ගුටි කනවා.
මේ ඔයා ගැනද බුල්ටෝ කියලා තියෙන්නේ ;)
ReplyDeleteමම නම් ඉතින් හැන්ගී හැන්ගී ඉන්නේ නැත. කෙලින්ම කියනවා මම කියලා. අනික මම නම් ගම් ලිව්වේ නැත්තේ උන් දෙන්නටම හරි නැති නිසා.
ReplyDeleteනෑ නෑ ඕන නෑ
ReplyDeleteහිකිස් . . . ඔය වගේම සයිකල් සීන් එකක් මටත් වෙලා තියනව . . . හැබැයි සයිකලේ නැති උනේ නෑ . . . සයිකලේ කරේ තියාන වෙලක් මැදිං දුවන්න උනා දනක් එරෙන මඩේ පාන්දර 1ට විතර
ReplyDeleteහැබෑට මූ සිරා ඩයල් එකක්නෙ මචෝ. මාට්ටු වුනානම් ඇප කැන්සල්.. අප්පච්චියේ මදෑ ඔයින් ගියා. :)
ReplyDeleteමාර යකෙක්නෙ බං මේකා.. ඒ ගෙදර මිනිස්සු ඉඳලා නැද්ද? :D
ReplyDeleteයකඩෝ අපේ ගෙදර එහෙමනම් කොල්ලගෙ හතර හන්දි ඇමරිකාවෙන් ගෙන්නන්න වෙනවා. ඒ ගෙදර එවුන් බීරිද???
ReplyDeleteතනෝජා රාජපක්‍ෂ : ඒකනේ නැන්දේ. ඕනේ නෑ...:D
ReplyDeleteඕනයා : ලියන්නකෝ අයියා ඒකත් බ්ලොගේ.
ChAnDiKa : මිනිහයි පොරගේ කෙල්ලයි හොද මීටර් මචං.
Kanishka | කණියා : ඒකනේ කියන්නේ. හැකියාව හැකියාව.
සංජු : ඕවට අක්කේ හැකියාව තියෙන්න ඕනා.
මට හිතෙන්නේ පොරට ගැලපෙන වර්ශන් එක මේක තමයි........
ReplyDeleteලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් හිත් මතුකොට සිනහසලා
ලොව දොඩමලු වී නෙත් මානන කල
අපි දෙදෙනා ඉමු තරහාවෙලා
අයියෝ......ආදරේට කොහිදැයි බාධා නැත්තේ...
ReplyDeleteහිකිස්.... මරු ආතල්
ReplyDeletethanx man
ReplyDelete