May 19, 2011

සොයුරකුගේ නික්ම යාම.

කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කර ගන්නද කියලා හිතාගන්න බැරි මොහොතකයි මේ අකුරු කොටන්න ගත්තේ. හ්ම්ම්ම්ම්ම්ම්

මටත් අළුත් රක්සාවක් හම්බ උනා. මගේ බස් පදින යාළුවෝ නම් ගොඩ දෙනෙක් දන්නවා මේ වෙන කොට මම බොහොම කට්ටක් කාගෙන රක්සාවක් හොයන විත්තිය. ඒක නිමාවට පත් කරමින් අද දින සිට (මාර්තු 19) දින මට නැවත් රක්සාවකට යාමට අවස්තාව උදා උනා.

ඉතින් මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් මම රක්සාවක් නැතිව දුක් විදපු කාලේ මට සෑහෙන්න ශක්තියක් උනා. මම දුක් වෙන වෙලාවට මාත් එක්කම දුක් උනා. ඒදුක බෙදා ගත්තා. මාව දිරිමත් කලා. ඉතිං මට රක්සාවක් ලැබුනු වෙලේ මට ඒ සේරටම කියන්න ඕන උනා හෙට ඉදලා මාත් රක්සාවකට යන විත්තිය.

බ්ලොග් පෝස්ට් එකක් ලියන්නත් වෙලාව මදි. ඉතිං හොදම වැඩේ තමා බස් එකක් දාන එක. මේ ළගදි දවසක ඉදලා ගූගල් දෙයියොත් මාත් එක්ක උරන වෙලානේ. මගේ ඊමේල් ගිණුමෙන් බස් පදින්න දෙන්නේ නෑ. ඉතින් බස් පදින්න වෙනම ගිණුමකුත් අනිත් වැඩ වලට පරණ ගිණුමෙනුත් දෙකෙන්ම ලොග් වෙනවා.

මම ඊයෙත් පරණ ගිණුමට ලොග් උනා. අළුත් එකටත් ලොග් උනා. බස් පදින කවුරුවත් පේන්න නෑ. ටික වෙලාවක් යන කොට වැප් නිසාන්ත අයියා චැට් එකෙන් ආවා. ඒ කියපු දේ මම වගේම අපි කවුරුත් හීනෙකින් වත් හිතපු දෙයක් නෙමේ.

එදා අවුරදු උත්සවේ දවසේ දිළුම් අයියත් එක්ක කථා කරපු ඒ වචන කිහිපය දෝංකාර දෙන්න ගත්තා. ඒ වෙනකන්ම මම කවදාවත් දිළුම් අයියා දැකලා තිබුනේ නෑ. නමුත් ඒ ගත කරපු කාලය තුල දිළුම් අයියා බොහොම අහින්සක නිහතමානී පුද්ගලයකු බව මට වැට හුනා.



මේ ලිපිය ලියන මොහොත වන විට දිළුම් අයියා ඔහු පිළබඳ මකතය පමණක් ඉතිරි කරමින් සදහටම අපි අතරින් වෙන්වී හමාරයි. 


මතු උපදින ජාති ජාතිත් නුඹ මෙවන් අකල් මරණයටක ගොදුරු නොවේවා.


සොයුර නුඹට නිවන් සුව. එය අප සියළු දෙනාගේ පැතුමයි.

4 comments:

  1. දයබර සුමිතුර අපි මේ සOසාර ගමනේ කවදා කොතෑනක හරි මුන ගෑසේවි යලිත් එදාටත් මේ වගේම දයාබර මිතුරුකම රෑදිටියේවි අපේ හදවත් වල ඉලන්දාරියො නුඹ නොකියාම ගියාට අපි තරහයි කදුලු හන්ගගෙන අපි අඩනතරම් උඹ් දන්නවනම් උඹ අපිට එහෙම කරන්නෑ...

    ReplyDelete
  2. දිලුම් සොයුර ඔබට නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  3. අනේ මන්දා අයියේ.. වචන දෙක තුනක් වත් ලියාගන්න සෑහෙන අමාරුයි... තාමත් හිත මේ දේ පිළිගන්නේ නෑ...

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත හසී. මේ ටික ලියා ගත්තෙත් බොහෝම අමාරුවෙන්.

    ReplyDelete