May 25, 2011

නිවාඩු පාඩුවේ ලියමි.

සතියක් වැඩ කරලා අද නිවාඩු පාඩුවේ මම ගෙදර. මේ මාසේ වෙච්ච දේවල් නම් බොහෝමයි. ඔක්කොම දේවල් ගැන ලියන්න ගියොත් මට සෑහෙන්න ලියන්න වෙන නිසා බොහෝම කෙටියෙන් ටිකක් ලියන්නම්.


වෙසක් පහු වෙනවත් එක්කම මට අළුත් රස්සාවකට යන්න පුළුවන් උනා. මේ වයස වෙන කොට නම් අනිවාර්යයෙන්ම කො‍ල්ලෙකුට රස්සාවක් තියෙන්නම ඕනා. මොකද හැම දේටම ගෙදරට කරදර කරන්න බෑනේ. ඒ පුරස්නේ නම් යන්තම් ගොඩ ගියා. කියන්න බැරි උනානේ. අළුත් රැකියාව ලැබුනේ ස්ටුඩියෝ එකක.


පුංචි කාලේ ඉදලා මටත් පොඩි ආසාවක් නම් තිබුනා ස්ටුඩියෝ එකක් කරන්න. ඒත් ඉතින් තිබුනු ආර්තික තත්ත්වය නිසා ඒක යටපත් උනා. නමුත් දැන් මෙතනින් වැඩේ ඉගෙන ගන්න පුළුවනි. එහෙම උනොත් මට මගේම කියලා ස්ටුඩියෝ එකක් පටන් ගන්නත් අදහසක් තියේ. කොහොම නමුත් මුලින්ම සාත්තරේ ඉගෙන ගන්න ඕන.

තව දෙයක් අපේ ගෙවත්තේ වැඩ කටයුතුත් මේ එක්කම යනවා. දැනු අළුතින් පාත්ති එහෙමත් හදලා තියෙන්නේ. අළුත් එලවළු හිටවන්න කාලේ හරි. ඒ ගැන පසුවට කියන්නම්කෝ. මෙන්න බලන්නකෝ අපේ ගෙවත්ත.





අනික තමා මාගේ ඊමේල් එකවුන්ට් එකේ අවුලක් ගියා. මමම තමා පන්ඩිත වැඩ කරන්න ගියේ. නම වෙස් කොරන්න ගිහින් තමා වැඩේ උනේ. හැමෝම දන්නවා මම බස් බදින්නේ බුල්ටෝ කියන නමින්. ඒකේ අගට වචයක් එකතු කොරන්න ගිහින් තමා වැඩේ උනේ. තාම ඒ එකවුන්ට් එකෙන් බස් පදින්න බෑ.


ඒ වාගේම මීට ටික දවසකට කලින් මගේ බ්ලෝගේ ලියල තිබුණු දේවල් පේන්නේ නැතිව ගියා. හීන්දාඩිය දාන්න ගත්තේ මේ වෙලාවේ. ආයේ අමුතුවෙන් බ්ලොගයක් හැදුවට වැඩක් තියේයෑ. මෙච්චර දවසක් ලියාගෙන ආපු බ්ලොගේ නේ වටිනාකම තියෙන්නේ. කෝම හරි ඒ වෙලාවේ යාළුවෝ කීපදෙන‍ක්ගේම් උදව් ඇතිව යන්තම් බ්ලොගේ ගොඩ දා ගත්තා. දැනුයි ඇගේ ලේ දුවනවා වගේ තේරුනේ. ඔයාලටත් මේ වගේ අත් දැකීමකට මුහුණ දෙන්න උනොත් තේරෙයි රගේ කොහොමද කියලා. ඒත් කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියලයි මගේ ප්‍රාර්ථනය.

කෝම හරි තීම් එක වෙනස් කරාම වැඩේ හරි ගියා. මගේ මරණය අයියා තමා ඒ වැඩේ කරන්න කීවේ. ඒ වෙලාවේ මට උදව් කරපු හැමෝටම බෝම ස්තූති. මම ඉතිං වැඩිය තාක්ෂණික වැඩ ගැන දන්නේ නෑනේ. ඒත් එක්කම අද දවසෙත් බ්ලොගේ වැඩ කටයුතු ගැන ප්‍රියන්ත අයියයි මගේ මරණය අයියයි දෙන්නම බෝම උදව් කලා. ඒ දෙන්නටත් හා නන් අයුරින් උදව් කල හැමෝටම බෝම සුතූති.

තව වැඩක් කියන්න ඕනා. අපේ මාරයාගේ හෝරාව ලියල මාරයියා අළුත් වැඩකට අත ගහලා සිංහල බ්ලොග් කලාව ඉහළට නං වන්න. වැඩේ නම් බොහෙම පන්කාදුයි. අපි වගේ මෑත කාලයේ බ්ලොග් ලියන්න පටන් ගත්ත අයට බොහොම වැදගත් මේක. අපිට ඉතිං නිරතුරුවම දැනමුතුකම් දෙන පලපුරුදු බ්ලොග් කරුවෙක්නේ මාරයියා. බොහෝම ස්තූති වැඩේට. නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙන්ටම ගිහින් බලන්නකෝ බැළුවේ නැත්නම්.

http://ctkumara.blogspot.com/2011/05/blog-post_25.html 

ඒ වගේම මගේ දුකේදී මෙන්ම සැපේදී මට උදව් කරපු හැමෝටම බෝම ස්තූති. මම එහෙම කීවේ මම රක්සාවක් හොය හොය ඉන්න කාලේ බොහෝදෙනා මම දුක් උනු බොහෝ වෙලාවල් වල මට සෑහෙන ශක්තියක් උනා. ඒත් එක්කම මගේ අම්මා තාත්තා සහ මගේ අනගත බිරිඳත්. ගොඩක් අය මට උපදෙස් දුන්නා. බොහෝම සුතූති ඔයාලා හැමෝටම. මොකද මට ඒවා සෑහෙන ශක්තියක් උනා.

ඒ වගේම මගේ ඉගෙනීමේ වැඩ කටයුතු දියුණ කොර ගන්න අපේ හසී මලයා ( ඔව් ඔව් අර හාවා තමා) සෑහෙන වෙහෙසක් ගන්නවා. එයාටත් බොහෝම ස්තූති. නම් නොකිය වෙච්ච අය අමනාප වෙන්න එපා හොදද. ඔයගොල්ලෝ කරපු උදව් මට හොදට මතකයි.

අවසාන වශයෙන් මම හොද පාඩමකුත් ඉගෙන ගත්තා. ‍ලොකු ලොකු උදවියට සද්දේ දාන්න යන්න හොද නෑ කියන එක. -මොකද මගේ ඊමේල් එකවුන්ට් එක අවුල් යන්න කලියෙන් මම බස් පියාට පොඩි සද්දයක් දැම්මා.-

14 comments:

  1. රස්සාවට සුභපැතුම්. මේකෙ කපන්න බෑ බං

    ReplyDelete
  2. අඩේ බුල්ටො... උබේම ස්ටුඩියෝ එකක් දාන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපිටත් බැරියැ පොටෝ කෑල්ලක් ගහ ගන්න....

    ReplyDelete
  3. සුබ පැතුම් ආයෙමත්... මේ එක නෙමේ මොකෝ අර මුටියක්‌ තියෙන්නේ ගෙවත්තේ... ගෙවත්තනම් මාරු ආ...

    ReplyDelete
  4. නව රැකියාවට සුභපැතුම් අයියා......ඒ වගේම ගෙවත්ත වගා කරන වැඩෙත් හොදට කරගෙන යන්න.....
    (හොද වැඩේ නම් වෙනස් කරන්න ගියාට )

    ReplyDelete
  5. අලුත් රැකියාවට සුභ පැතුම්..!!
    ගෙවත්ත හරිම ලස්සනයි මාත් මල් වවන්න කැමති නැහි උනාට එලවලු වගාවටනම් කැමතියි ඒත් තවම කරලා නම් නෑ බලන්න ඕනේ අනාගතේදිවත් ඉඩක් ලැබුනොත්

    ReplyDelete
  6. අඩේ බුල්ටෝ . . . සුභ පැතුම් මචෝ උඹේ අලුත් ජොබට . . . . ඒ හා සමානම සුභ පැතුම් උඹේ ගෙවත්තට

    ReplyDelete
  7. අළුත් රැකියාවට මගෙනුත් සුබ පැතුම්.... ගෙවත්ත නම් හරිම අපූරුයි. දෑතින්ම දෙයක් වවලා කන්න තියෙනවානම් මොනතරම් අපූරුද ....

    සුබ පැතුම්...දිගටම එළවළු වවන්න....

    ReplyDelete
  8. අඩේ බුල්ටෝ අයියා ආන්ඩුවේ "අපි වවමු රට නගමු" ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වලා වගේ.හැබැයි තමන්ගේ ගෙවත්තෙන් ගන්න එලවලු තරම් රස එලවලු තවත් නෑ.වසවිසත් නෑ නේ.

    මාත් මේ ටිකේ කෙල වෙලා ජොබක් හොය හොය තමා හිටියේ.ජොබක් නැති වෙලාවට පිස්සු හැදනවා අප්පා.දැන් නම් වැඩේ හරි.

    අලුත් ජොබ් එක සිරාවටම කරන්න ලැබිලා ඒකෙන් තමන්ගේ කියලා සාර්ථක ව්‍යාපාරයක් පටන්ගන්න ලැබෙන්න ඕනේ.

    ReplyDelete
  9. මොකක්ද බං හරියටම ජොබ? පින්තූර අල්ලන එකද නැත්තං පින්තූර කපන කොටන එකද? මොනව වුණත් සුභපැතුම්!

    ගුගල් කට්ටිය ඔය වැඩේ කරනව. දැන් පාවිච්චි කරන නම වෙනස් කරන්න ගියොත් මල මගුලක් වෙලා නතර වෙන්නේ... මට පේන විධියට එයාල දරුණු මට්ටමේ ෆේස් බුක් වගේ එකක් කරන්න පැලෑනක් අඳිනව.... :D

    ReplyDelete
  10. සුභ පතනවා වෙනදා වගේම හදවතින්ම...!!! කරන කියන හැමදේමත් කරන්න හිතන් ඉන්න හැමදේමත් හිතනවාටත් වඩා හොදින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    අර උඹ ඉල්ලපු ටික මට තාම පෝස්ට් කරන්න බැරි විනා කොල්ලෝ හැබැයි... සමාවෙයන් මගේ අඩුපාඩුවට.... මේ දවස් ටික පොඩ්ඩක් අපලයි කියලා ආරංචි ඇති නෙවැ...හික් හික්

    තව පොඩි දෙයක්....
    මේ මචෝ බුල්ටි අක්කට අනාගත බිරිඳ කියනවට වඩා හොද නැද්ද මගේ බිරිද කියලා කෙලින්ම කියන එක.... උඹට අක්කව ෂුවර් නම් එයාටත් එහෙමනම් තව මොනාද බං....කෙලින්ම කියපන් මගේ බිරිඳ කියලා...කොලේක ගහන අත්සනකට බිරිඳ කියන නම සීමා කරන්න එපා බං..... අපේ උන් වරද්දා ගන්නේ ඔතනයි බං...

    (මේ මම හිතන විදිහ හොදේ....)

    ReplyDelete
  11. රංග : බෝම ස්තූති රංගයියා. ඒකනේ කැපුනේ නෑනේ.

    නචියා : අනිවා අනිවා නචී. බෝම ස්තූති.

    හසී : බෝම ස්තූති හසී. ඒක සත්තු එනවට කෙමක් නගෝ.

    සිතුවිලි නිහඬයි : බෝම ස්තූති නංගෝ. ගෙවත්තේ වැඩ පටන් අරන් තියෙන්නේ මේ දවස් වල.

    nimanthi : බල බල ඉන්න එපා. කෝම හරි මහන්සි වෙලා වගා කරන්න. ස්තූති මට සුභ පැතුවට.

    ඕනයා : බෝම ස්තූති ඕනයියා. අම්මයි තාත්තයි තමා වැඩි පුරම ගෙවත්තේ වැඩ.

    දිල් : දිගටම වවනවා දිල්. ඒ වගේම ඒවා හරිම රසයි. බෝම ස්තූති සුභ පැතුවාට.

    ReplyDelete
  12. රජිත් : බෝම ස්තූති රජිත්. කෝම හරි මගේම කියලා එකක් පටන් ගන්නවා. අපි වැව්වා අපි කෑවා.

    hare :-) : මොන මගුලක් කොරන්න හදනවාද මන්දා බං උන්. ස්ටුඩියෝ එකක කෙරෙන සියළුම වැඩ කරනවා. තාම ඉගෙන ගන්නවා ඒ වැඩ.

    ReplyDelete
  13. ෴ හසියා ෴ : තාම එයා මගේ ආදර වන්තිනේ මචං. මගේ ලගට ගත්තාම තමා බිරිඳ වෙන්නේ. උබ කියන කථාවෙත් ඇත්තක් තියේ. මොනවා උනත් මට එයාව කියන්න බැරි තරම් විස්වාසයි.

    ඒක හිමීට දාපං මචෝ. අවුලක් නෑ. ඉස්සෙල්ලාම උබේ තියෙන පුරස්න විසද ගනින්කෝ.

    බෝම ස්තූති හසියා. උබ ලැබෙන හැම වෙලේම මාව දිරිමත් කලා.

    ReplyDelete
  14. සාරවත් ගොවිතැනක් තියනවා නේ ......
    දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා පතනවා .....
    අලුත් රැකියවටත් සුබ පැතුම් ......

    ReplyDelete