එක දවසක් මම කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නකොට ඉස්සර අපි හිටිය ගෙදරට අල්ලපු ගෙදර හිටිය මගේ අතිජාත මිත්‍රයා මාව හොයාගෙන ආවා.
අනුරුද්ධ : ඒ උබ මොකද බන් කරන්නේ.
අනුරුද්ධ : ඒ උබ මොකද බන් කරන්නේ.
මම : මුකුත් නෑ බං.
අනුරුද්ධ : එහෙනම් වරෙන්කෝ ගමනක් යන්න.
මම : කොහෙද බං.
අනුරුද්ධ : අපේ ගෙදර අද තෝත්තරයක්ද මොකද්ද එකක් තියෙනවා. කට්ටඬියෙකුත් ඇවිල්ලා. මල් පහන් පැල එහෙම හදා ගන්න ලී දඩු ටිකක් කපාගෙන එන්න යන්න. යමුද ?.
මම : යමුද කියලත් අහනවා. යමන් යමන් මාත් මේ කම්මැලි කමේ හිටියේ.
දැන් අපි දෙන්නත් එක්ක අපේ පුටාර් එකත් පැදගෙන දැන් යනවා.
අනුරුද්ධ : දොරයලෑ ගෙවල් පැත්තට යමන්. ඒ පැත්තේ පොල් වතුවලින් ඕන තරමක් කපා ගතහැකි.
මම : අඩේ ආන්න අමරසිරියා. ඌවත් එක්කගෙන යං.
කෝම හරි මායි අනුරුද්ධයි අමරසිරියයි තුන් දෙනාම පුටාර් වලින් ගියා දොරයලගෙ ගෙදර. දොරයා කියන්නේ අපේ යාළුවෙකුට කියන සුරතල් නාමේ.
දොරයා කකුල් දෙකත් පුටුවක් උඩින් තියාගෙන ටී වී බලනව අපි යනකොට. කොහොම හරි අපි ඌවත් අඩ ගහගෙන දැන් යනවා ලී දඩු කපන්න. මොකද මේ පැත්තේ පාරවල් දන්නේ දොරයා. අඩේ මෙන්න මූ කොර ගහනවා. බැලින්නම් ගල් තැළුමක් ඇවිල්ලා.
කෝම හරි අමාරුවෙන් කොර ගගහා දොරයත් එනවා.
දොරයා : දැන් රෑටද ඕක තියෙන්නේ.
අනුරුද්ධ : ඔවු බං.
අමරසිරියා : අඩේ අමුවෙන්ම ඕව බලන්න පුළුවන්ද බං.
අනුරුද්ධ : මොකක් හරි කරමු බං. මගේ අතේ සල්ලිත් නෑ. බලමු.
දැන් අපි බුලත් කොටුවක් එහෙම පහු කරගෙත වැටකින් එහෙම පැනලා ලොකු පොල් වත්තකට ආවා. මේ තියෙන්නේ ලී කෝටු ඕන තරම්. පිහියත් අරගෙන ලී කෝටු දෙකයි කපන්න හම්බ උනේ...........
අමරසිරියා : අර බලපංකෝ අර බිම තියෙන ඒවා.
මම : මොනවද බං.
අමරසිරියා : අර අර බලපං. 10 ගෙඩිනේද යකෝ අර තියෙන්නේ.
කිව්වත් වගේ වේලිලා වැටිච්ච පොල් හැම තැනම. හරියට අපිටම කියලා තිබ්බා වගේ. කස්ටියම ෆුල් හොල්ම නයිස් වෙලා බලාගෙන ඉන්නවා.
අමරසිරියා : බලාගෙන ඉන්නේ........ අහුලපිය යකෝ බලාගෙන ඉන්නේ නැතිව.
දැන් කස්ටියම මුරකාරයා එනවද කියලා බල බල පොල් අහුලනවා. අපි ඉතිං වැටිච්ච පොල්නේ අහුලන්නේ. කැඩුවනම්නේ හොරුවෙන්නේ. අනික රෑට අමුවෙන් බලන්නත් බෑ කීවානේ. මායි අනුරුද්ධයි අමරසිරියයි පොල් අහුලනවා. දොරයා අකුලකට මුවා වෙලා මුරකාරය එනවද කියල බල බල පිහියෙන් පොල් ලෙලි ගහනවා.
දැන් පොල් ගෙඩි 50 ක් එකතු කරලා ලෙලි ගහලා ඉවරයි. ඒකාලේ පොල් මැහි වලින් පොල් ගෙඩියක් ගන්නේ රු : 10 ට. ඒ කියන්නේ දැන් රු : 500 පොල් තියෙනවා. කෝම හරි දොරයා කොර ගගහා අයෙත් ගෙදර ගිහින් පෝර උරත් ගෙනැල්ලා ඔක්කොම පෝර උර වලටත් දාලා වත්තෙන් ඇවිත් වෙලක් ලග හැංගුවා.
අමරසිරියා : දැන් එතකොට 500 ඇති වෙයිද ?. තව 10 ඇහිද ගෙන එමු බං.
තිබිච්ච පෙරේත කමට ආයේ ගිහිල්ලා පොල් ගෙඩි 10 ඇහිද ගෙන එද්දී සරමක් ගහගෙන බුවෙක් අපිට සමාන්තරව වෙන පැත්තකින් ඇවිලා කොහොන්ද බොල පොල් කීවා.
අපිත් ඉතිං ලැජ්ජාවේ බැරි කමට සද්ද නැතිව බිම බලා ගෙන යනවා. එතකොටම මේ බුවා අපි යන ඉස්සරහට පැනලා.....
හිටපියව් තොපේ .... .... බල්ලෝ. දාපිය පොල්ටික බිම. කියලා පිහියකුත් ඉනෙන් ඇදගෙන මේ යකා කෑ ගහපි.
කස්ටිය හිටි තැනම ගල් උනා. පොල් අහුලන්න කීව අමර සිරියාම කීවා දුවහල්ලා කියලා. නැත්නම් තාම අපි කස්ටියම එතන.
දොරයා තමා මේ පැත්තේ පාරවල් හොදට දන්නේ. ඒක හින්දා මම දොරයා පස්සෙන් දුවනවා. ඌ හරි පාරෙන් දුවනවා. මම කැලේ කඩාගන උගේ දකුණු පැත්තෙන් දුවනවා. දොරයා යන්‍නේ අඩි පාරේ. උගේ පිටි පස්සෙන් අර බුවා. ඒක හින්දා මට අඩි පාරට යන්න බැහැ. දොරයත් කොර ගගහා ආවට මොකද දැන් කගවේනා වගේ දුවනවා. එත් එක්කම ඇල. ඊට පස්සේ වෙල. දොරයා ගානට අඩිපාරෙන් ගිහික් ඇලෙන් එගොඩ වෙලා වෙලේ නියර දිගේ දුවනවා. දොරයාව අල්ලන්න බෑ කියලා තේරිච්ච අර බුවා මගේ පස්සෙන් වැටුනා.
මට අඩිපාරට යන්න විදිහකුත් නෑ. මොනව කරන්නද කැලේ කඩගෙන අඩි දෙකක් යන්න හම්බ උනේ නෑ වත්ත ඉවර වෙන වැට. හෙන කෙකටිය ගාල් හැමතැනම. ඔන්න මගේ ජීවිතේ මම කකුල් දෙකෙන් පැනපු ලොකුම පිම්ම එදා පැන්නා. මට තේරුනා මම සෑහෙන වෙලා ගිහින් තමා අර කෙකටිය ගාල උඩින් ආවේ. කෙලින්ම ඇලේ. දනි පනි ගාලා නැගිටලා මාත් දොරයා දුවපු නියර දිගේම දුවලා ගියා.
පැයකට විතර පස්සේ ආයේ කස්ටියම එකතු උනා. ඒත් අමර සිරියා නෑ. අපි ආයේ වෙන වත්තකට පැනලා ලීදඩු කපාගෙන ගෙදර ගියා. අර පොල්ටික හංගපු තැනමයි.
යන ගමන් අමරසිරියාගේ ගෙදරටත් ගොඩ උනා මූට මොකද උනේ බලන්න. මොකද අන්තිමට අමරසියාව දැක්කේ හබරල ගාලක් පොඩි කොරගෙන දුනවා විතරයි. මෙන්න මේකා බත් කනවා. හැබැයි වෙනදා සාලෙට වෙලා පුටුවක් උඩන් කකුලකුත් තියාගෙන බත් කාපු අමරසිරියා අද පිලිකන්නෙන් පුටුවක් තියාගෙන අර වත්ත තිබුණු පැත්තට පස්ස හරෝගෙන බත් කනවා.
අනුරුද්දගේ කකුලෙන් ලේ පොරෙනවා කම්බි වැටක පටලිලා.
ඒ අතරේ දොරයාගේ ගෙදර ගිහින් මුරු කාරයා දොරයාගේ තාත්තට විස්තරේ කියලා. අන්තිමට දොරයාව ගෙදරිනුත් පැන්නුවා.
මට වෙච්ච දේ නම් කියන්න ඕනේ නෑනේ. කියන්න තරම් දෙයක් උනෙත් නැහැ. :D :D :D :D
කෝම හරි අන්තිමට උගුඩුවෝ වගේ මූනෙන් මූන බලාගෙන තෝත්තරේ ඇහුවා.
මේක සිරා සීන් එකක්ද බන් ? මොන උනත් මට මැවිලා පෙනුනා, අර කොර ගගහා ආපු එකා , දුවපු දිවිල්ල !
ReplyDeleteහෙහෙහ්..ඇත්තටම මටත් නම් මැවිලා පෙන්න ගත්තා මෙයාල දුවන හැටි හෙහෙ...
ReplyDeleteමං හිතුවා හරි..මුං තමා පොල් හොරු..ගමක ගහක ගෙඩියක් තියා ගන්න නැහැ...වැලක චීත්තයක් තියෙන්න බැහැ..විනාසේ..විනාසේ...
ReplyDeleteඔය අහු වෙන්නේ... හික් හික් :)
ReplyDelete"දැන් එතකොට 500 ඇති වෙයිද ?. තව 10 ඇහිද ගෙන එමු බං"
ReplyDeleteමේ කාලේ වගේ නං 2500ක පොල් අපරාදේ!
හොද වැඩේ අනුන්ගේ දේවල් හොරෙන් ගන්න යනවට................
ReplyDeleteමේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ එක පාරක් හොරකම් කරලා රස වැටුනට ආයේ ආයේ හොරකමේ යන්න එපා කියන එකයි . . එහෙම නේද??
ReplyDeleteමාට්ටු වෙන්නේ නැතුව හොරකමක් කරගන්න බෑනේ තාම.... කවදා හැදෙයිද මන්දා...
ReplyDeleteපට්ට කතාව බං...
රුපියල් 100ක් ගන්න පෙරේත කමට රිටන් හම්බවුනානේ... හි හි... ලදදෙයින් සතුටුවෙයන් කියන්නෙ ඕකට තමා....
ReplyDeleteඅඩෝ පොල් හොරා....!!
ReplyDeleteරොකියා | Udara : ඇත්ත කථාවක් බං. ඌ දිව්ව හැටි උබ දැක්කානම් තමා වටින්නේ.
ReplyDeleteනිම්ශා : අන්න දිවිලි.
මාරයාගේ හෝරාව : කැත කථා කියන්න එපා මාරයියා. අපි චීත්ත හොරකමේ ගියේ නෑ බොල.
හසී : මොනවද අහුවෙන්නේ හසී .........:D :D :D
රාජ් : සිරාවටම ................:D :D :D
සිතුවිලි නිහඬයි : අපි වැටිච්ච පොල් ඇහිළුවා විතරනේ ...........
දුකා : ඒකනේ කියන්නේ දුකා අයියා.
prasanna86k : කියලා වැඩක් නෑ බං.........:D :D :D
කිඩෝ : ඒ කාලේ සීයකින් සෑහෙන දේවන් කොරන්න පුළුවන් බං.
සෝරෝ : යකෝ කෙලින්නම කියන්න එපා. රට්ටු වැරදියට හිතයි ....:D :D :D
තොන්තරයක් කියන්නේ මොකක්ද බන්?
ReplyDeleteඋබලත් කොරන වැඩ..... දෙමව්පියන්ට බැනුම් අස්සවන්න එපා බන්.........
ReplyDeleteතෝත්තරේ කියන්න මොකක්ද ? එහෙම වචනයක් ඇහුවමයි
ReplyDelete