February 27, 2011

සත්තයි....මම කාටවත් කියන්නෙ නෑ.

ඔන්න ඉතින් මම අද කියන්න යන්නේ අපේ යාළුවෙක් තමන් යාළු වෙලා ඉන්න ගෑණු ළමයට වෙච්ච පොරෙන්දුවක් අකුරටම ඉස්ට කොරපු විදිහක් ගැන.

ඒ දවස් වල මම ඉතින් තනිකඩයා. මගෙ යාළුවොනම් වැඩි දෙනෙක් ආදර සම්බන්ද පවත්තගෙන හිටිය. ඉතිං අපේ යාළුවෙකුත් පොඩි සම්බන්දයක් කාටත් හොරා ආරම්භ කලා. එයාට අපි කියමු සිරිපාල කියල.


සිරිපාල ගෑණු ළමය එක්ක යාළුවෙලා සෑහෙන කාලයක් ගියාට පස්සෙ තමා අපි දැන ගත්තේ. කෝම හරි අන්තිමට මේක ප්‍රසිද්ධ රහසක් වුනා. කොමින් කොමින් හරි දෙන්නම ෆට්ට ලව්. කුරුළු ජෝඩුව වගේ ඔන්න යස අගේට හිටිය.

ඔන්න ඉතින් සිරිපාලගෙ ලව් එකටත් කණ කොකා හඩන්න ගත්ත. යාළුවෙච්ච ගෑනු ළමය ගැන ගැබෙන ආරංවි අන්තිම නරකයි. ඒව ඌත් එක්ක කියන්නත් බෑ. නොකියත් බෑ. මොනව උනත් පස්සෙ අපේ යාළුවට දුක් විදින්න වෙයි කියල අපි මූට නොකිය අර ගෑණු ළමය දන්න අදුනන කීප දෙනක් ගෙන් විස්තර ඇහුව. බැලින්නම් වැඩේ ඇත්ත.

සිරිපාලය ඔය දෙවල් දන්නේ නෑ. අවසානෙදි අපි තීරණය කොලා මූට මේ සියල්ල කියන්න. හොද වෙලාවක් එහෙම බලල අපි කිහිප දෙනෙක් කථාව කීව. මූ මුල ​ඉදන් අගටම අහගෙන හිටියා. මූ කථාව විස්වාස කලේ නෑ. මූ කියපි

මට ඒකිව විෂ්වාසයි. වැරැද්දක් තියේ නම් මම හදා ගන්නම් කියල.


අපි මේකට හොදක් කරන්න ගිහිල්ල මේක අන්තිමට තරහ වෙන තැනටම ආව. බොට හොදනම් අපිට මොකද කියල අපිත් කර බාගෙන හිටිය.

ඔය අතර අපේ තව යාළුවෙක් සිරිපාල යාළුවෙලා හිටපු ගෑණු ළමයගෙ යාළුවෙක් එක්ක යාළුවෙලා හිටියා. අපි පොරට නිමල් කියමුකෝ. නිමල කරල තියෙන්නෙ ඌ යාළුවෙලා හිටිය කෙල්ලට කියල සිරිපාල යාළුවෙලා ඉන්න කෙල්ලට මොකක්හරි අකරතැබ්බයක් වෙලා ද කියල ෂේප් එකේ අහගන්න කියල. 


ඉතින් අනේ නිමලගෙ කෙල්ලත් කරල තියෙන්නෙ ෂේප් එකේ විස්තර අහගෙන.

අහගත්තට පස්සෙ නිමලට කියල. කියල තියෙන්නෙ විෂේෂ පොරොන්දුවක් පිට. කිසිම කෙනෙකුට මේ කථාව කියන්නෙ නෑ කියල ඔළුවෙ අත තියල පොරෙන්දු වෙන්න කියල.



නිමලත් ඉතින් මේක අහගන්න වෙන ක්‍රමයකුත් නැති හින්දා මෙන්න මෙහෙම පොරොන්දු වෙලා.

ඇත්තමයි සත්තයි. ඔයා පල්ල මගෙ කටින් මේ ගැන කාටවත් කියන්නෙ නෑ.


මූ මේක අහගෙන දුවගෙන ආවෙ කෙලින්ම අපි ළගට. අපුගමන්ම කලේ පන්ති ගෙනිච්ච ​පොත අරගෙන ඒකෙන් කොලයත් කඩල 

සිරිපාලගෙ කෙල්ලට වෙලා තියෙන දේවල් ඈත්ත 

කියල ලියල ඒක අපිට පෙන්නල කොල කෑල්ල කටේ දාලෙන හපන්න ගත්ත. ඒත් එක්කම මේක කියනව 

ඔන්න මම මුකුත් කීවෙ නෑ කියල.


අපි තනිකර හොල්මනයිස් වෙලා බලාගෙන ​ඉන්නව. ටිකකින් මු පොරොන්දුව වෙච්ච හැටි කීව. එතකොටයි අපිට වැඩේ තේරුනේ. මූ පොරෙන්දුව අකුරටම ඉස්ට කලා. වෙච්ච පොරොන්දුවෙ කිසිම තැනක තිබිල නෑනෙ ලියල පෙන්නන්නෙ නෑ කියල. කියන්න එපා කියලනෙ කියල තියෙන්නෙ.

කෝම හරි සිරිපාලයගෙ ලව් එක එතනින් නිමා උනා. ටික කාලෙකට පස්සෙ අපිට ආරන්ච් උනා සිරිපාලයත් හොරෙන්ම කෙල්ලගෙ ගෙවල් පැත්තෙ රිංගපු වග.

February 22, 2011

මාත් ඉදල හිටල හරි හොද හැටි නා ගන්නව

මේ ලිපි පෙළ ලියාගෙන යද්දි සමහර පුද්ගලයින්ගේ ඇත්ත නම භාවිතා කිරීමේදී යම්කිසි අසාධාරණයක් සිදු වෙන නිසා යම් යම් අවස්ථාවන් වලදි වෙනත් නම් වලින් ඒ ඒ පුද්ගලයන් හදුන්වා දීමට මම තීරණය කලා. ඇත්ත නම් හෙලි කිරීමේදී සමහරකුන්ට යම් කිසි අසාධාරණයක් සිදුවන බව අවබෝද වෙනකොව වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඒක තේරුනේ ටිකකට කලින් අපු දුරකථන ඇමතුමකින්. කොහොම හරි කථාව දිගටම ලියාගෙන යනව. සමහර නම් පමනක් වෙනස් වේවි.

කලින් ලිපියෙන් මම ටවුම ව අදුන්නල දුන්නනෙ. ටික දවසකින් ටවුම අපේ හොද යාළුවෙක් වුනා. මොනව උනත් එකට මැරෙන්න උනත් තාමත් අපි අතර ඉන්න හොද යාළුවෙක්. සමහර වෙලාවට අපි කරන සමහර විහිළු වලට මේකා තරහත් වෙනව. වෙන එකෙක්නම් අපිත් එක්ක තරහ වෙලා ගොඩක් කල්. මොනව උනත් මූම ටිකකින් ඇවිත් කථා කොරනව. මොනව උනත් හිත හොද කොල්ල.

අපි ඉස්කොලෙ ඉද්දි ඉතින් අපිට වැඩිය පොරවල් නෑ වගේ තමා හිටියෙ. ඇත්තටම අපි වගේ සෙට් එකක් දන්න තරමින් තාම නෑ ඉස්කෝලෙ හිටියෙ. මුළු උසස් පෙල පන්ති සියල්ල එකා වගේ හිටියෙ. මෙච්චර ගොඩක් එකට හිටියාම මොනවද කරන්න බැරි. කොච්චර අපිට පාට් දාන්න කවුරු ආවත් මුලින්ම කටින් ගහල වැඩේ ෂේප් කර ගන්නව. මොකටද නිකන් අතපය තලා ගන්නෙ. ගුරුවරන්ගෙනුත් පැසසුම් වගේම බැනුම් ඇහිලිත් නොතිබුනාම නෙමේ.

අපිට පල්ලෙහා පන්ති වල හිටිය කස්ටිය පොඩ්ඩක් අපිත් එක්ක ඔරොප්පුවෙන් තමා වැඩි දෙනෙක් හිටියෙ. මොකද උන් මොනව කරන්න ගියත් අපේ මොකෙක් හරි එකෙක් උදැල්ලක් දාල. අපි හිතාගෙන හි‍ටියෙ අපි කරන දේ විතරයි හරි කියල.

මේ සිද්දිය වෙච්ච දවසෙත් අපේ එකෙක් මොකද්දෝ හුටපටයක් කොරගෙන. ආරංචිය ආපු ෂ්ණිකවටම අපේ ගැන්සිය එතන. දැන් වටේටම බනිනව. මාත් එදා ටිකක් සද්දෙ දැම්ම වැඩිද කොහෙද වටේම කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම බලාගෙන. මොනව කරන්නද එතකොට කියවෙන්න ඕන ඒව කියවිලා ඉවරයි. වලිය සමතයකට පත් කරගෙන අපි ආපහු පන්ති වලට ආව.

එදා ඉස්කෝලෙ ඇරුනට පස්සෙ අන්තිමට තමා මට යන්න උනේ. මායි ටවුමයි දෙන්න අනිත් පෝලිමේ යන අයවත් ඉස්සර කරගෙන ඉක්මනින් ඉක්මනින් ටවුමට ආව. එතකොටත් බස් කිවු එක පිරෙන්න ඉස්කෝලෙ ළමයි අවිල්ල. ඔන්න දැන් තමයි හොදම වැඩේ වුනේ.

ඉස්කෝලෙ පැත්තෙ ඉදල එනකොට කිවු එක තියෙන්නෙ වම් පැත්තෙ. කිවු එක කෙරෝලෙ සී ටී බී බස් එකක් තිබුන. අළුතෙන් ගෙන්නපු ටාටා බස් එකක්. ඒක හිමින් හිමින් පස්සට එනව. ඒ කියන්නෙ අපි ඉන්න දිහාට එන්නේ. අද ඉතින් සද්දෙකුත් දාල ඉන්න නිසා අපි දෙන්නම මහ ලොකු චන්ඩි දෙන්නෙක් වගේ ආවෙ.පෝලිමේ වැඩිය කවුරුත් නැති හින්ද අපිව ටිකක් කැපිලත් පේනව.

ඔය අතරෙ ටවුමා මොකක් හරි එකකට පොඩ්ඩක් නතර වුනා. එතකොට අපි කිවු එක ඉස්සරහට ඇවිල්ල. බස් එකත් ටිකක් ඈත තිබුනෙ. මම පිටිපස්ස බලාගෙන ටවුම එනකන් ඉදල හැරෙනවත් රක්කම ඔලුවෙ ඉදල පපුව දිහාට හනකන් අකුණක් වැදුන වගේ එකක් වුනා. මාව තප්පරයක් දෙකක් පා වුනා වගේ දැනිල බිමට ඇද ගෙන වැටුන. ඉන්නෙ කොහෙද වෙන්නෙ මොකද්ද කියල තේරුම් යනකොට වැඩේ වෙලා ඉවරයි.

මම පි‍ටිපස්ස බලාගෙන ඉන්න ටිකට බස් එක මගෙ ළගටම ඇවිත්. මම ඒක දන්නෙ නෑ. හැරෙන කොටම මව බස් එකේ වැදිල තියෙන්නෙ. වැදිච්ච පාර මම කෙලින්ම බස් එක යට.

මම ඉන්නෙ බස් එක යට කියල තේරුනේ  හොද සිහිය අපුවාම මම බස් එක යට ඉදලම බැළුවෙ කිවු එක දිහා. එකී මෙකී නොකී සියළු දෙනාම හිනාවෙනව. කෙටියන්ම කිවුවොත් මුළු කිවු එකේ හිටපු සියළු දෙනා හිනා වෙනව. අම්මා......... මට දැණුනු හැගීම වචන වලට කවදාවත් පෙරලන්න බෑ. අතරින් පතර හූවකුත් ආව. මටමනෙ මේව වෙන්නෙ අම්මප.

කොහොම හරි දනි පනි ගාල මම බස් එක යටට ගිය පැත්තෙන්ම එලියටත් ආව. බස් එකේ කොන්දත් අම්බානක බනිනව. යකෝ මුන්ට තිබුනෙ නැද්ද පොඩ්ඩක් පිටිපස්ස බලල පස්සට එන්න. මගේ කරුමෙට මොනව කරන්නද ?. ඒ අස්සෙ මූනෙ පැත්තක් තාම හිරි වැටිල. ටවුම මාවත් ඇදගෙන ළගම තිබුනු කඩේකට ගිහින් මාව ඉන්දෙව්වා. කඩේ මුදලාලිය අහනව

මල්ලී......... මොකද බස් එක හයියද කියල.

අෆ්ෆා මුදලාලියත් සීන් කොන් එක දැකල. මුදලාලියගෙත් ^#$^#& #$^#$^ #$^*#*$^(.

මොනව කරන්නද අන්තිමට ඔක්කොම ගෙවල් බලා ගියාට පස්සෙ තමා අපි දෙන්න එදා ගෙදර ගියෙ.

February 21, 2011

කුණු බක්කියට ගිය නගරාධිපති

මාතෘකාව බලද්දිම ඔයගොල්ලන්ට හිතෙනව ඇති මේ මොකද්ද මේ කියල. විස්තර ඇතුවම කියන්නම්කෝ. පාසල් කාලෙ ගැන ලියද්දිත් ආයෙත් ඒ කාලෙට ගියා වගේ හැගීමක් මගෙ හිතට එනව. ආයෙත් ඉස්කෝලෙ යන්න ඇත්නම්...... ඒත් අපේ පාසල් කාලය දැන් ඉවර වෙලා. ඒ කියන්නෙ අපි වයසට ගිහිල්ල නේද ?. අපිට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ මතක විතරයි.


නගරාධිපති......... මම මේ කියන්න යන නගරාධිපති අපේ ඉස්කෝලෙට අළුතෙන් ආපු පොරක්. මිනිහට ඇවිල්ල ටික දවසකින්ම නමක් වැටුන. ඒ තමා ටවුම. සිංහල තේරුම තමා නගරාධිපති. මොනව උනත් හිත හොද කොල්ල. මැරුනත් එකට මැරෙන්න තාමත් අපිත් එක්ක ඉන්න සෙහෝදරයෙක් වගේ යාළුවෙක්. මිනිහට නම වැටුනෙ මෙහෙමයි.


ටවුම සා/පෙ ට යනකන් ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ග‍මේ ඉස්කෝලෙට. වැඩිය දැගලිල්ලක් නැතිව ගෙදරටම වෙලා තමයි මිනිහ ඉදල තියෙන්නෙ. කොහොම හරි මිනිහ අපේ ඉස්කෝලෙට ආව. මිනිහගෙ හොදම යාළුව උනේ නිතරම ටවුමෙම ඉන්න පොරක්ව. නමින් සුරංග කියමුකො. ටවුම ඉතින් වැඩිය කවුරුවත් අදුරන්නෙ කියන්නෙ නැති නිසා අරු කෙරුවෙ ඌ අදුරන කියන කොල්ලන්ටයි බල්ලන්ටයි ඔක්කොටම ටවුමව අදුන්නල දුන්න. අන්තිමට වුනේ සුරංගයටත් වඩා වැඩි පිරිසක් ටවුමව අදුරන්න ගත්ත.


ඕකෙන් මේකෙන් උනේ රැයක් දවාලක් නැතිව මූ ටවුන් එකේ. උදේ 6 මූ ටවුමෙ. හැන්දෑවෙ 6 මූ ටවුමෙ. මේ නම රෙජිස්ටර් වෙන්නත් හේතුවත් ඕකම තමා. ඉතින් අන්තිමට ටවුමව ටවුමට නැතිවම බැරි චරිතයක් වුනා. මගුලට, මරණෙට, තොයිලෙට, බයිලෙට, වලියට අරකට මේකට හැම එකටම ටවුම ඉන්නව. උපාසකය වගේ හිටියට මූ මොකක් හරි වලියකුත් දාගන්නව නිතරම. අන්තිමට අපිටත් ඒ වලි වලින් හැන්දක් දෙකක් මූම ඇවිල් බෙදනව.


මේ වෙච්ච සිද්දිය වුනේ ටවුම ඉස්කෝලෙට ඇවිල් ටික කාලෙකින්ම. නගරාධිපති උනාට මොකද මූ ගාව කොයි වෙලාවෙ බැළුවත් අතේ සතේ නෑ. මූට ඉතින් මොනව හරි උවමනාවක් උනොත් කරන්නෙ ටවුමෙ එහෙන් මෙහෙන් ඇවිදල අදුරන එවුන්ගෙන් රු 5, 10, 20 ඉල්ලගෙන ගාන හෙයා ගන්න එක. ඒ කියන්නෙ ‍නොම්මර එකේ දත් දොස්තර කෙනෙක්. ආයෙ මොකුත්නෑ ජීවිතේට අදුරනු නැති එකෙක්ගෙන් උනත් මේකා දත් ගලෝනව. කොච්චර එපා කීවත් මේකා ඒ දවස් වල ඇහුවෙ නෑ. උඹට ඕන වෙඩින් එකක් කොර ගනින් කියල අපිත් හිටිය.


දවසක් මූට හදිස්සි අවශ්‍ය තාවයකව ඒ දවස් වල හැටියට රු 10 ඕන වෙලා. කොහෙම හරි මූ 5ක් හොයාගෙන. තව 5යි ඕන. එහෙට මෙහෙට දුවන ගවන් කවදාවත් දැකල නැති නෝමල් බුවෙක් බස් කිවු එක ඇතුලෙ ඉන්නවලු. ටවුමත් හිමීට ළඟට ගිහින්. වට පිටාවෙත් කවුරුත් හිටියෙ නැති හින්ද ටවුම වැඩේට බැස්ස. ඈත තියා


ටවුම : ඒ......


නොදන්න බුවා : මමද අයියේ....


ටවුම : ඔවු ඔවු උබ තමා බන්ස්...මෙහෙට වරෙන්. මොකද්ද උබේ නම.


නොදන්න බුවා : මගෙද අයියේ...


ටවුම : නැතු‍ව උබෙ ආච්චිගෙද ?. නම කියපන්.


නොදන්න බුවා : පියරත්න අයියේ.


ටවුම : ගෙවල් කොහෙද ?.


නොදන්න බුවා : වාරියපොළ අයියේ.


ටවුම : මෙහෙ මොකද කොරන්නෙ.


නොදන්න බුවා : යාළුවෙකුගෙ ගෙදර යනව අයියේ.


ටවුම : ඒ වයින් මට වැඩක් නෑ. දීපන් රු 5 ක්.


නොදන්න බුවා : අනේ මා ගාව සල්ලි නෑ අයියේ.


ටවුම : යකෝ තෝ ගාව සල්ලි නෑ ?. සල්ලි නැත්කම් කොහෙමද උඹ යාළුවන්ගෙ ගෙවල් වල යන්නෙ.


බස් කිවු එක ඉස්සරහ ලොකු හෝටලයක් තියෙනව දේශක හොටෙල් කියල. ඒ වෙලාවෙ එතන කොල්ලෙ සෙට් එකක් ඉදල. නොදන්න බුවා ඒ කොල්ලෝ සෙට එක පෙන්නල කියල තියෙනව


අයියෙ අර අතන ඉන්නෙ මගෙ යාළුවො ටිකක්. එතෙන්ට එන්නොකො මම ඉල්ල දෙන්නම්.
කියල කියාගෙන නොදන්න බුවා එතනට ගිහිල්ල. ටවුමත් ටිකකින් විෂිල් එකකුත් ගහගෙනම එතනට ගිහින් නොදන්න බුවාට මෙහෙම කියල.


දැන් දීපන් 5


කියනකොටම පස් හය දෙනෙක් ටවුමව වට කොරගෙන.


උඹට ඕනෙ 5 නේද කියල වට කොරගෙන ටවුමට හොදටම තඩිබාල. බේරිලා දුවන්නවත් හම්බ වෙලා නැහැ. හොදටම ගහල හයේ හතරෙ පොරක් මූව උස්සල එතන තිබුනු ලොකු ඩස්පින් එකට මූව ඔබල. ඔබල තියෙන්නෙත් ඔළුව යටට හිටින්න. කොහොම හරි ටවුම දගලල ඩස්පින් එකත් පෙරලගෙන ඉහින් කනින් කුනුත් නාගෙන් පන එපා කියල දුවල. අපේ එකෙක් වත් ඒ වෙලාවෙ ටවුමෙ ඉදලත් නෑ.


පහුවදා සෙනසුරුද දවසක්. අපි පන්ති යන්න ආව. එතකොට අපිට කලින් බැජ් එකේ හිටිය කොල්ලෙක් යම්බ වුනා. මිනිහ අපෙන් අහනව හැඩහුරුනම් කිය කිය කොල්ලෙක් ගැන. හැඩ හුරුකමේ හැටියටනම් ටවුමම තමා. අපි ඇහුව මොකද්ද සිද්ධිය කියල. එතකොට තමා අපි ටවුමට වෙච්ච දේ සහ සුද්දෙන්ම දැනගත්තෙ.


අර කලින් බැජ් එකේ බුවාගෙන් තමා ටවුම සල්ලි ඉල්ලල තියෙන්නෙ. ටවුම ඉස්කෝලෙ කලින් හිටපු කස්ටිය දන්නෙ නෑනෙ. මොකද මූ අළුත්නේ. කොහොම හරි ටවුම ආපුවාම ඇහුව සිද්දිය. මේකා නෑමයි කියන්නෙ. කොච්චර ඇහුවත් කීවෙ නෑ. සෑහෙන කලෙකට පස්සෙ මූට කෙල්ලෙක් බූටු එකක් තියල බොන්න ඕන කීව. මුගේ ගාව කොයි වෙලාවෙත් සල්ලි නෑනෙ. මම ඉතින් මගේ ගානෙ මුට බොන්න අරගෙන දුන්නා. හොදටම බීල මුගෙ මුළු ජීවිත කථාවම මාත් එක්ක කියනව. මාත් ඩස්පින් කේස් එක හිමීට ඇහු‍ව ඇත්තද කියල. බැලින්නම් වැඩේ ඇ‍ත්ත. මාත් ඉතින් ඕක කාටවත් කියන්න ගියේ නෑ විෂ්වාස වන්තම 10 කට ඇර.

February 18, 2011

සුනිල්වලා

කොහොමින් කොහොමින් හරි උ/පෙ පන්තියට ආපු පළවෙනි දවසෙම ගුටි නොකා යන්තන් බේරුනා. අද කථාව පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕන මගෙ කලින් ලිපියට කමෙන්ට් කරපු කට්ටියටම බොහොම ස්තූති. ඒව මගෙ ඉදිරි ලිපි වලට සෑහෙන ශක්තියක් වෙනව. මට ඉතින් පිළිවෙලට වැඩක් කොරල පුරුද්දක් නැති හින්ද තැන් තැන් වලින් තමා කියන්නෙ. මුල ඉදන් අගට ගියාමත් කිසි ගතියක් නෑ වගේ කියල හිතුන. මේ කථාව නම් ටිකක් දිගයි ඕං. ඔක්කොම කියවන්න කියල ආරධනා කොරනව. පතං අයියගෙ අහිංසක ඉල්ලීම පරිදි ඔන්න අකුරුත් ටිකක් ලොකුවට දැම්මා. :D :D :D :D

ඕන්න දැන් අළුතින් ආපු එවුන් අපිත් එක්ක සෑහෙන ෆිට්. ඉගෙන ගන්න අතරෙම විෂය බාහිර වැඩ වලටත් ඉගෙන ගන්නවට වඩා වැඩි කැපවීමකින් කස්ටියම වැඩ. මම අද කියන්න යන්නෙ විෂය බාහිර වැඩකට ගිහිල්ල වෙච්ච සන්තෑසියක් ගැන.

අපේ ‍ඉස්කෝලෙ වත්ත පල්ලහයින් මායිම් වෙන්නෙ ඔයකට. ඔයයි ඉස්කෝලෙයි අතර කෙසෙල් ගස් එහෙම සරුවට වැවිල තියෙනව. ඒ අතර අපේ උසටම ඉලුක් වැවිල තියෙන්නෙ. ( ආ මගෙ උස අඩි 6 ජුන්ඩක් වැඩියි ) ඔය ගාවට යනකන්ම සාමාන්‍ය පල්ලමක් තියෙන්නෙ. උඩහ පැත්තෙන් කවුරු හරි ආවෙත් ඉලුක් කැලෑවට වැහිල නොපෙනී හිටියැහැකි කිසිම කරදරක් නැතිව. ඉතින් එදා විෂය බාහිර වැඩේට කියාපු දවස. මොකද කෙහෙල් ගහක අන් බදරබල් ( බදන්න බැරි ) ඇම්බුං කෙහෙකනක් වැටිල. කපන්න නියම ගාන. මාත් ඉතින් බොක්කෙන්ම වැඩේට බැහැල මන්නයක් එහෙම හොයාගෙන මන් සයිස්ම පොරක් එක්ක වැඩේට බැස්ස. මායි ඌයි අනිත් එවුන්ව CID පාර දාගෙන ඉදපල්ල කියාගෙන කොමාන්ඩෝ ගමනින් කෙහෙල් ගහ ගාවට කිට්ටු උනා.

කෝමහරි කෙහෙල් කන කපා ගත්ත. විකුනන්න එහෙම නෙමේ. අපේ ලොකර් වල දාල ඉදෝල කන්න තමා මේ විෂය බාහිර කටයුත්තෙ අරමුණ. මම ගත්ත කෙහෙල් කැන කරට. අම්මා මේකෙ බර. දැන් පල්ලෙහා ඉදල උඩහට අරන් ඇවිල්ල ඇවරි කැපීම තමා සැලැස්මෙ තිබුනෙ. පොතේ හැටියට සියල්ල අකුරට යනව. මාත් දැන් අරුත් එක්ක ඉලුක් ගාල් අස්සෙන් අපිම හදාගත්තු පාරවල් වලින් එනව. තව චුට්ට දුරයි තියෙන්නෙ. මම කෙහෙල් කන බිමින් තියල කීව අරූට

කෝ බලපන් CID සෙට් එක ඉන්නවද කියල.

අරුත් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඇවිත් කිවුව

අවුලක් නෑ යමන් කියල.
මමත් ආයෙ කෙහෙල් කන කරට අරගෙන අඩිය තියන්න හදනකොටම

එ එ එ එ එ ක ක ක ක ක කවුද කවුද කවුද ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔහෙ හිටු කියපි.

කටහඩිනුයි භාෂාවෙනුයි මම දැන ගත්ත සුනිල් සර් කියල. මොකද සර්ට තද උනාම ගොත ගැහෙනව. දැම්ම කෙහෙල් කන බිමට. දැන් අරුයි මායි ඉලුක් ගාල් කඩාගෙන පාරවල් හදාගෙන දුවනව. පසුව දැනගත් පරිදි සුනිල් සර් ගුරු නිවාසෙ ඉදල ඔෆිස් එකට යනගමන් ටොයිලට් එකට ගිහින්. එතකොට තමා ඉලුක් ගාල් උඩින් කෙහෙල් කනක් එනව දැකල තියෙන්නෙ. මොකද ඉලුක් ගස් අපේ උසට සමාන හින්ද අපිව පේන්නෙ නෑ. කෙහෙකන විතරයි පේන්නෙ. ගෙනාපු එවුන්ව සර් දැකල නෑ.

ඉලුක් වලට සීරිලා ඇග හැම තැනම තුවාල. ගන්ඩ දෙයක් නෑ. මගෙ සුදු කලි‍සමේ කෙහෙල් කිරිත් ගෑවිලා. වෙනදට නම් කිසි කරදරයක් වෙලා නෑ මේ විෂය බාහිර කටයුතු වලට. අපේ CID සේවය කොච්චර උසස්ද කියනවනම් උන්ව හොයාගන්නත් සෑහෙන වෙලා ගියා. මොකද සර්ව දැකල උනුත් සී සී කඩ දුවල. නොම්මර එකේ CID සේවය. උන්ව හොයා ගත්තට පස්සෙ අපෙන් අහනව මොකද උනේ කියල.

අනෙ තො‍ගෙ @%#^ $&( *^$&#* . අන්න සර් කොහෙල් කන අරන් ගියා. දැන් යමන් යකෝ කෝම හරි ඒක එතනින් වත් උස්සන්න.

සර් කොල්ලො දෙන්නෙක් වත් අල්ලගෙන කෙහෙල් කන ගුරු නිවාසෙට අරගෙන ගියා. අපි ඈත තියා දූකේන් කෙල ගිල ගිල බලාගෙන ඉන්නව. ගුරු නිවාසයක් කීවට සර් සංගීත ගුරුවරය. සංගීත කාමරේ කියල තමා අපි එතනට කියන්නෙ. ඕන වෙලාවක ඇතුලට ගියෑකි. සියළුම සංගීත කටයුතු වෙන්නෙ එතන. අර කොල්ලො දෙන්නගෙන් කෙහෙල් කන තියෙන තැනත් අහ ගත්ත. ඇතුලට පැන ගත්තොත් උස්සන එක ගේමක් නෑ වගේ. දැන් ඉතින් සර් යනකන් බලාගෙන ඉන්නව ඈත තියා.

පැය බාගෙට විතර පස්සෙ සර් ගියා. සර්ගෙ ගුරු නිවාසෙ වටේටමත් පන්ති තියෙන බිල්ඩිං. උස්සන එකත් හිතපු තරම් ලේසි නෑ. මොනව කරන්නද කෙහෙල්කනේ සයිස් එක මතක් වෙන කොට ඉස්සරහටමයි යැවෙන්න. කොහොම හරි සංගීත කාමරේ ඇතුලට පැන ගත්ත. හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වළු. කෙහෙල් කන නෑ. හැමතැනම බැළුව. නෑ. මෙතන හිටියෙත් තවත් නඩුවක් වැටෙන හින්ද කස්‍ටිය ක්ෂනිකව වාෂ්ප උනා.

දැන් ඉකින් කොරගන්න දෙයක් නැතිව කොරවෙලා දහ අතේ කල්පනා කර කර ඉද්දි සංගීත කරන බුලට් එකක් ආව.

අලෝ මචං චමියා.....දැක්ක කල්. කොහෙද යකෝ පාවෙන්නෙ වැනි වැනී. ෂික් තෝ හිටියටත් වැඩිය පොඩ්ඩක් කළු වෙලාද මන්ද ?. පොඩ්ඩක් රැවුලත් වැවිලද මන්ද ?. මචං උඹ රැවුල වවන්න එපා. උඹට කැතයි රැවුල වැවුනාම. කෙල්ල එහෙම ෂනීපෙන්ද බන්ස්. මම කීව කියල පොඩ්ඩක් මතක් කොලා කියහං.

මම කියාගෙන යද්දි මූ ෆුල් හොල්මනයිස් වෙලා බලාගෙන ඉන්නව.

පොඩි කේෂ් එකක් තියෙනව කොල්ල. අනේ හොද සමනළය වගේ ගිහින් සුනිල් සර්ගෙ සංගීත කාමරේ කෙහෙල් කනක් තිබුනුලු. ආන්න ඒ කෙහෙල් කනට මොකද උනේ කියල හොයාගෙන වරෙන් මයෙ අම්මා.

මූ බලනව මොකද්ද මේ වෙන්නෙ කියල. අතුරු පුරස්න පස්සෙ අහපන් බන්ස්. හොයල දුන්නොත් ඇවරියක්ම දෙනව උඹට. කියල ඌව පිටත් කොලා. මූ ගිහිල්ල ආව. මොකෙක් හරි අපිටත් හොරෙන් ඩ්‍රැකියුලා ගේමකි දීල. අපිටත් හොරෙන් එතනින් කෙහෙකන උස්සල. දැන්නම් අසූහාර දාහට මල. මොනව කරන්නද. හිත හදාගෙත ගෙවල් වලට ගියා.

පහුවදා උදේ ඉස්කෝලෙ අපුවාම හැමෝම සුනිල් සර්ගෙ සංගීත කාමරේ පැත්තට යනව. ගිහිල්ල එන හැම එකාම බඩ අල්ලගෙන හිනා වෙවී එන්නෙ. මොකද කියල අහපුවාම එකෙක්වත් කියන්නෙ නෑ. ගිහිල්ලම බලපන් කියනව. මාත් ඉතින් ඔහෙ ගියා ඒ පැත්තට. අපේ ඉස්කෝලෙ තියෙන හැම බිල්ඩිමකටම නමක් තිබුන. මහවැලි, කැළණි, නිල්වලා, ගැමුණු මේ නම් වලින් කීපයක්. 


ඉතින් සුනිල් සර්ගෙ සංගීත කාමරේ ඉස්සරහත් තට්ටු දෙකේ බිල්ඩිමක් තිබුන. ඒකට දාල තිබුනු නම තමා නිල්වලා. ලොකු කළු අකුරින් තමා ලියල තිබුනෙ.



මොකෙක් හරි නිල්වලා ට ඉස්සරහින් ලොකුව‍ටම අඟුරු වලින් සු යන්නක් දාල. එතකොට සුනිල්වලා. සුනිල් වලා. සර් උදේ නැඟිටල දෙයියනේ කියල දොරත් ඇරගෙන එලියට බහිනකොටම දැකල තියෙන්න ලොකුවටම සුනිල්වලා. සර්ගෙ නම සුනිල් නේ. සර්ට අම්බානක තද වෙලා ගොත ගගහ වටේටම දෙහි නෙමේ ජම්බෝල කපනව.

අද තව වෙනකන් කෙහෙල්කන උස්සපු එකා අපි දන්නෙ නෑ. අර අකුර දාපු එකත් දන්නෙත් නෑ. කෙහෙකන් කිරි වැටිල මගෙ කලිසමත් අහකටම ගියා. මොනව උනත් අදත් අපි කස්ටිය සෙට් උනාම ඕක මතක් කරල හොද‍ට හිනා වෙනව.

සුනිල්වලා

කොහොමින් කොහොමින් හරි උ/පෙ පන්තියට ආපු පළවෙනි දවසෙම ගුටි නොකා යන්තන් බේරුනා. අද කථාව පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕන මගෙ කලින් ලිපියට කමෙන්ට් කරපු කට්ටියටම බොහොම ස්තූති. ඒව මගෙ ඉදිරි ලිපි වලට සෑහෙන ශක්තියක් වෙනව. මට ඉතින් පිළිවෙලට වැඩක් කොරල පුරුද්දක් නැති හින්ද තැන් තැන් වලින් තමා කියන්නෙ. මුල ඉදන් අගට ගියාමත් කිසි ගතියක් නෑ වගේ කියල හිතුන. මේ කථාව නම් ටිකක් දිගයි ඕං. ඔක්කොම කියවන්න කියල ආරධනා කොරනව. පතං අයියගෙ අහිංසක ඉල්ලීම පරිදි ඔන්න අකුරුත් ටිකක් ලොකුවට දැම්මා. :D :D :D :D

ඕන්න දැන් අළුතින් ආපු එවුන් අපිත් එක්ක සෑහෙන ෆිට්. ඉගෙන ගන්න අතරෙම විෂය බාහිර වැඩ වලටත් ඉගෙන ගන්නවට වඩා වැඩි කැපවීමකින් කස්ටියම වැඩ. මම අද කියන්න යන්නෙ විෂය බාහිර වැඩකට ගිහිල්ල වෙච්ච සන්තෑසියක් ගැන.

අපේ ‍ඉස්කෝලෙ වත්ත පල්ලහයින් මායිම් වෙන්නෙ ඔයකට. ඔයයි ඉස්කෝලෙයි අතර කෙසෙල් ගස් එහෙම සරුවට වැවිල තියෙනව. ඒ අතර අපේ උසටම ඉලුක් වැවිල තියෙන්නෙ. ( ආ මගෙ උස අඩි 6 ජුන්ඩක් වැඩියි ) ඔය ගාවට යනකන්ම සාමාන්‍ය පල්ලමක් තියෙන්නෙ. උඩහ පැත්තෙන් කවුරු හරි ආවෙත් ඉලුක් කැලෑවට වැහිල නොපෙනී හිටියැහැකි කිසිම කරදරක් නැතිව. ඉතින් එදා විෂය බාහිර වැඩේට කියාපු දවස. මොකද කෙහෙල් ගහක අන් බදරබල් ( බදන්න බැරි ) ඇම්බුං කෙහෙකනක් වැටිල. කපන්න නියම ගාන. මාත් ඉතින් බොක්කෙන්ම වැඩේට බැහැල මන්නයක් එහෙම හොයාගෙන මන් සයිස්ම පොරක් එක්ක වැඩේට බැස්ස. මායි ඌයි අනිත් එවුන්ව CID පාර දාගෙන ඉදපල්ල කියාගෙන කොමාන්ඩෝ ගමනින් කෙහෙල් ගහ ගාවට කිට්ටු උනා.

කෝමහරි කෙහෙල් කන කපා ගත්ත. විකුනන්න එහෙම නෙමේ. අපේ ලොකර් වල දාල ඉදෝල කන්න තමා මේ විෂය බාහිර කටයුත්තෙ අරමුණ. මම ගත්ත කෙහෙල් කැන කරට. අම්මා මේකෙ බර. දැන් පල්ලෙහා ඉදල උඩහට අරන් ඇවිල්ල ඇවරි කැපීම තමා සැලැස්මෙ තිබුනෙ. පොතේ හැටියට සියල්ල අකුරට යනව. මාත් දැන් අරුත් එක්ක ඉලුක් ගාල් අස්සෙන් අපිම හදාගත්තු පාරවල් වලින් එනව. තව චුට්ට දුරයි තියෙන්නෙ. මම කෙහෙල් කන බිමින් තියල කීව අරූට

කෝ බලපන් CID සෙට් එක ඉන්නවද කියල.

අරුත් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඇවිත් කිවුව

අවුලක් නෑ යමන් කියල.

මමත් ආයෙ කෙහෙල් කන කරට අරගෙන අඩිය තියන්න හදනකොටම

එ එ එ එ එ ක ක ක ක ක කවුද කවුද කවුද ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔහෙ හිටු කියපි.

කටහඩිනුයි භාෂවෙනුයි මම දැන ගත්ත සුනිල් සර් කියල. මොකද සර්ට තද උනාම ගොත ගැහෙනව. දැම්ම කෙහෙල් කන බිමට. දැන් අරුයි මායි ඉලුක් ගාල් කඩාගෙන පාරවල් හදාගෙන දුවනව. පසුව දැනගත් පරිදි සුනිල් සර් ගුරු නිවාසෙ ඉදල ඔෆිස් එකට යනගමන් ටොයිලට් එකට ගිහින්. එතකොට තමා ඉලුක් ගාල් උඩින් කෙහෙල් කනක් එනව දැකල තියෙන්නෙ. මොකද ඉලුක් ගස් අපේ උසට සමාන හින්ද අපිව පේන්නෙ නෑ. කෙහෙකන විතරයි පේන්නෙ. ගෙනාපු එවුන්ව සර් දැකල නෑ.

ඉලුක් වලට සීරිලා ඇග හැම තැනම තුවාල. ගන්ඩ දෙයක් නෑ. මගෙ සුදු කලි‍සමේ කෙහෙල් කිරිත් ගෑවිලා. වෙනදට නම් කිසි කරදරයක් වෙලා නෑ මේ විෂය බාහිර කටයුතු වලට. අපේ CID සේවය කොච්චර උසස්ද කියනවනම් උන්ව හොයාගන්නත් සෑහෙන වෙලා ගියා. මොකද සර්ව දැකල උනුත් සී සී කඩ දුවල. නොම්මර එකේ CID සේවය. උන්ව හොයා ගත්තට පස්සෙ අපෙන් අහනව මොකද උනේ කියල.

අනෙ තො‍ගෙ @%#^ $&( *^$&#* . අන්න සර් කොහෙල් කන අරන් ගියා. දැන් යමන් යකෝ කෝම හරි ඒක එතනින් වත් උස්සන්න.
සර් කොල්ලො දෙන්නෙක් වත් අල්ලගෙන කෙහෙල් කන ගුරු නිවාසෙට අරගෙන ගියා. අපි ඈත තියා දූකේන් කෙල ගිල ගිල බලාගෙන ඉන්නව. ගුරු නිවාසයක් කීවට සර් සංගීත ගුරුවරය. සංගීත කාමරේ කියල තමා අපි එතනට කියන්නෙ. ඕන වෙලාවක ඇතුලට ගියෑකි. සියළුම සංගීත කටයුතු වෙන්නෙ එතන. අර කොල්ලො දෙන්නගෙන් කෙහෙල් කන තියෙන තැනත් අහ ගත්ත. ඇතුලට පැන ගත්තොත් උස්සන එක ගේමක් නෑ වගේ. දැන් ඉතින් සර් යනකන් බලාගෙන ඉන්නව ඈත තියා.

පැය බාගෙට විතර පස්සෙ සර් ගියා. සර්ගෙ ගුරු නිවාසෙ වටේටමත් පන්ති තියෙන බිල්ඩිං. උස්සන එකත් හිතපු තරම් ලේසි නෑ. මොනව කරන්නද කෙහෙල්කනේ සයිස් එක මතක් වෙන කොට ඉස්සරහටමයි යැවෙන්න. කොහොම හරි සංගීත කාමරේ ඇතුලට පැන ගත්ත. හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වළු. කෙහෙල් කන නෑ. හැමතැනම බැළුව. නෑ. මෙතන හිටියෙත් තවත් නඩුවක් වැටෙන හින්ද කස්‍ටිය ක්ෂනිකව වාෂ්ප උනා.

දැන් ඉකින් කොරගන්න දෙයක් නැතිව කොරවෙලා දහ අතේ කල්පනා කර කර ඉද්දි සංගීත කරන බුලට් එකක් ආව.

අලෝ මචං චමියා.....දැක්ක කල්. කොහෙද යකෝ පාවෙන්නෙ වැනි වැනී. ෂික් තෝ හිටියටත් වැඩිය පොඩ්ඩක් කළු වෙලාද මන්ද ?. පොඩ්ඩක් රැවුලත් වැවිලද මන්ද ?. මචං උඹ රැවුල වවන්න එපා. උඹට කැතයි රැවුල වැවුනාම. කෙල්ල එහෙම ෂනීපෙන්ද බන්ස්. මම කීව කියල පොඩ්ඩක් මතක් කොලා කියහං.

මම කියාගෙන යද්දි මූ ෆුල් හොල්මනයිස් වෙලා බලාගෙන ඉන්නව.

පොඩි කේෂ් එකක් තියෙනව කොල්ල. අනේ හොද සමනළය වගේ ගිහින් සුනිල් සර්ගෙ සංගීත කාමරේ කෙහෙල් කනක් තිබුනුලු. ආන්න ඒ කෙහෙල් කනට මොකද උනේ කියල හොයාගෙන වරෙන් මයෙ අම්මා.

මූ බලනව මොකද්ද මේ වෙන්නෙ කියල. අතුරු පුරස්න පස්සෙ අහපන් බන්ස්. හොයල දුන්නොත් ඇවරියක්ම දෙනව උඹට. කියල ඌව පිටත් කොලා. මූ ගිහිල්ල ආව. මොකෙක් හරි අපිටත් හොරෙන් ඩ්‍රැකියුලා ගේමකි දීල. අපිටත් හොරෙන් එතනින් කෙහෙකන උස්සල. දැන්නම් අසූහාර දාහට මල. මොනව කරන්නද. හිත හදාගෙත ගෙවල් වලට ගියා.

පහුවදා උදේ ඉස්කෝලෙ අපුවාම හැමෝම සුනිල් සර්ගෙ සංගීත කාමරේ පැත්තට යනව. ගිහිල්ල එන හැම එකාම බඩ අල්ලගෙන හිනා වෙවී එන්නෙ. මොකද කියල අහපුවාම එකෙක්වත් කියන්නෙ නෑ. ගිහිල්ලම බලපන් කියනව. මාත් ඉතින් ඔහෙ ගියා ඒ පැත්තට. අපේ ඉස්කෝලෙ තියෙන හැම බිල්ඩිමකටම නමක් තිබුන. මහවැලි, කැළණි, නිල්වලා, ගැමුණු මේ නම් වලින් කීපයක්. 


ඉතින් සුනිල් සර්ගෙ සංගීත කාමරේ ඉස්සරහත් තට්ටු දෙකේ බිල්ඩිමක් තිබුන. ඒකට දාල තිබුනු නම තමා නිල්වලා. ලොකු කළු අකුරින් තමා ලියල තිබුනෙ.

මොකෙක් හරි නිල්වලා ට ඉස්සරහින් ලොකුව‍ටම අඟුරු වලින් සු යන්නක් දාල. එතකොට සුනිල්වලා. සුනිල් වලා. සර් උදේ නැඟිටල දෙයියනේ කියල දොරත් ඇරගෙන එලියට බහිනකොටම දැකල තියෙන්න ලොකුවටම සුනිල් වලා. සර්ගෙ නම සුනිල් නේ. සර්ට අම්බානක තද වෙලා ගොත ගගහ වටේටම දෙහි නෙමේ ජම්බෝල කපනව.

අද තව වෙනකන් කෙහෙල්කන උස්සපු එකා අපි දන්නෙ නෑ. අර අකුර දාපු එකත් දන්නෙත් නෑ. කෙහෙකන් කිරි වැටිල මගෙ කලිසමත් අහකටම ගියා. මොනව උනත් අදත් අපි කස්ටිය සෙට් උනාම ඕක මතක් කරල හොද‍ට හිනා වෙනව.

February 15, 2011

අතීතයේ මතක

මහලොකුවට ලියනව කියල පටන් ගත්තට මට හරියට රචානාවක් වත් ඒ කාලෙ ඉදන්ම ලියාගන්න බැරි බව පස්සෙනෙ මතක් වුනේ. මම ඉතින් ලියන වැඩ වලට දස්ස මනුස්සෙයෙක් නම් නෙමේ. ඔන්න ඔහෙ හිතට එන දෙයක් ලියල දාන්නයි යන්නෙ. මොනව උනත් මෙතෙක් කල් මගේ ජීවිතේ ඔහේ ගලාහෙන ගියා. තාමත් ඉතින් එහෙම්මමයි. ඉතින් ජීවිතේ ගෙවුන විදිහ තමා ලියන්න යන්නෙ. මගෙ හැම වැඩේම පටන් ගත්ත ක්‍රමේට මේකත් පටන් ගන්නම්කො. ඒ කියන්නෙ කථාවෙ මැද්දෙ ඉදල තමා පටන් ගන්නේ.


අපි කවුරු කවුරුත් තමන් පසු කරගෙන ආපු කලපරිච්ඡේද  දිහා ආපසු හැරිල බැළුවොත් පාසැල් කාලයට නම් හිමි වෙ​න්නෙ බොහොම සුවිශේෂී කාල පරිච්ඡේදයක් කියල මට නම් හිතෙන්නෙ. මම එහෙම කීවෙ මගෙ ජීවිතේ සුන්දරම කාලෙ ගෙවුනෙ ඒ පාසල් කාලය තුල වීම. සමහරකුන්ට නම් පාසල් කාලයට වඩා සුන්දර කාල පරිච්ඡේදත් ඇති. කොහොම නමුත්  ඒ වකවානුව තුළ සිදුවූ මගේ මතකයේ රුදුනු සිදුවීම් පිළිබද යම් තාක් දුරකට සටන් තබන්නයි මෙම ලිපි පෙලේ අරමුණ.


කොහොම උනත් මට උ/පෙ යනකන් ඉගෙන ගන්න වාසනාව තිබුණ. එහෙම කීවෙ මම ස/පෙ කොහොම පාස් උනාද කියල තාමත් හිතා ගන්න බෑ. එක්කො කොහොම හරි මම ලියපු උත්තර හරි ගියා. නැත්නම් උත්තර පත්තර බලපු අයට මං ගැන දුක හිතුන. අපේ සා/පෙ පන්තියට උගන්නපු ගුරුවරු නම් කීවෙ පන්තියෙ හිටපු කීප දෙනෙක් ඇරෙන්න අනිත් එකෙක් වත් පාස් වෙන්නෙ නෑ කියල. මම හිටියෙ ඒ කොටසෙ. අපි පාස් උනා කියපුවාම ගුරුවරුන්ටත් පුදුමයි.


ඔන්න උසස් පෙළට ආවනෙ කෝම හරි. මේ කාලෙ තමා පාසල් ජීවිතෙත් සුන්දරම කාලෙ. පරණ යාළුවො වගේම අළුත් යාළුවෙත් ගොඩක් ආව. අළුත් කට්ටිය නම් ගොඩක් බයෙන් තමා ඉස් ඉස්සෙල්ලාම ඇවිල්  හිටියෙ. සමහර විට අපි අමුතු සත්තු වගේ පෙනුනද දන්නෙ නෑ. බොහෝම බයාදු විදිහට තමා අපි දිහා බලන්නෙ. දැන් ඉතින් කස්ටියම ගිහිල්ල එහෙන් මෙහෙන් එබිකම් කර කර ගෑණු පරාන තෝරනව. මොන තේරිලිද මුං ඔක්කොම බිම බලාගෙනමනෙ ඉන්නෙ. අන්තිමට උත්සව කටයුතු එහෙම ඉවර වෙලා කට්ටියව පන්ති වලට දාන්න ගත්ත.


අපේ පන්තියෙ තමා අඩුම පිරිසක් හිටිය පන්තිය. වැඩිපුරම හි​ටයෙ අළුතෙන් ආපු අය. පන්ති නායිකාව උනෙත් අළුතෙන් ආපු එකියක්මයි. අලුතෙන් ආවට මොකද මේකිගෙ අම්බානක කට. අවුරුදු 11 ක්ම මේ ඉස්කෝලෙට අපු මට මේකි උපදෙස් දෙන්න ගත්ත. මටත් අසූහාර දාහට තද උනා. ඉවසල ඉවසල බැරිම තැන මනුස්සකම පැත්තකින් තියල මම කීව


නැගිටපිය......... තෝ හිතාගෙන ඉන්නෙ මාත් මෙහෙට අද කඩාගෙන පාත් වෙච්ච එකෙක් කියලද යකෝ.......


කියල කිවුව විතරයි කෙල්ල සද්ද නෑ. බිම බලාගෙන ඉන්නව විතරයි කිසිම සද්දයක් නෑ. දැන් අනිත් එවුනුත් හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නව. මට දැන් මේකිගෙ මූනවත් හරියට පේන්නෙ නෑ. ආයෙ මම කීව


උස්සාපිය මූන කියල.


මේකි හිමිට මූන ඉස්සුව. එතකොටම මළ පැනපුව පැත්තකින් තියල මට බකස් ගාල හිනා ගියා. අනිත් එවුන්ට වැඩේ එච්චර ගානක් නෑ. මේකි සුදුයි කියල කියන්න පුළුවන් මට්ටමේ සුදුයි. බයවෙලාද කොහෙද නහය රතුම රතු වෙලා. මට මතක් උනේ කාඩ් කුට්ටමේ හිටිය ජෝකර්ව.


දැන් අඩන්න ඔන්න මෙන්න. මෙතන මේකි අඩන්න ගත්තොත් ලෝක ලෙඩක් වෙන හින්ද මම කීව


හරි. ඉස්සෙල්ලාම පාඩම තමා මේ ඉස්කොලෙ පරණ එවුන්ට හොදට කථා කරන්න ඉගෙන ගනිල්ල. මල්ලි කෙනෙක් උනත් කමක් නෑ සුදු කලිසමක් ඇදල ඉන්නව නම් අයියෙ කියහන්. පන්තියෙන් එලියට යනවනම් කෙල්ලො ඔක්කොම එක පෙලට පෝලිමට යන්න ඕන. අද ඉදන් සතියක් යන තුරු කට්ටියම චොකලට් බිස්කට් පැකැට් එක ගානෙ ගේන්න ඕනෙ. තෝ විතරක් බිස්කට පෙට්ටියක් අරගෙන එන්න ඕන. නැත්නම් ගෙදරට වෙලා හිටපිය. තේරුනානෙ .


කොමහරි එදා ඉගෙනීමක් උනේ නෑ. අළුතෙන් ආපු උන්ව අල්ලගෙන පොර ටෝක් දී දී හිටිය මිසක. ​දැන් ඉස්කෝලෙ ඇරෙන වෙලාව. කට්ටියම පොලිමේ යනව. මම ආයෙ පාරක් අර කෙල්ලට කීව


මතකනෙ......... බිස්කට් පෙට්ටියක්. කියල.


ඒකිත් බායාදු විදිහට ඔළුව හොලෝල හා කීව. මම සුපුරුදු ව්දුහට අපේ කොල්ලො ට්කත් එක්ක කයියකුත් දාගෙන ගෙදර ගියා.


පහුවදා උදේ සුපුරුදු ව්දිහට යන්තන් බෙල්එක ගහල විනාඩි 10 විතර පස්සෙ මම ඉස්කෝලෙ ගේට්ටුව ලගට ආව.දැන් ඉතින් පන්සිල් අරන් ඉවර වෙනකන් අපි එතන. ඔය අතරෙ අර කෙල්ලත් හිටගෙන ඉන්නව. පන්සිල් අරන් ඉවරවෙලා කට්ටිය පන්තිවලට යනව. මාත් පන්තියට ගියා. විනාඩි පහ උනා, පහ දහය වුනා අර කෙල්ල තාමාත් නෑ. ටික වෙලාවකට පස්සෙ මෙන්න පන්තිබාර සරුත් එක්ක මේකි එනව.


අපේ පන්තිය බාර වෙලා තිබුණු සර් තමා මම ඉස්කෝලෙන්ම අදටත් ගරු කරන මගේ  ප්‍රියතම ගුරුවරය. මොකද සර් කොයි දේත් හරියට කලා. හැම වෙලේම සාධාරණව කටයුතු කලා. ඒ වගේම සර් ගෙන් ගුටියක් කෑවොත් ඒක රිදෙන්නෙ පහුවදාට. ටොක්කක් ඇන්නොත් යටිපතුල් රිදෙන්නෙ. සරීරෙන් පොඩි උනාට ඕන හයේ හතරෙ එකෙක් කොනිත්තල දණ ගස්සවනව. දැන් මටත් හීන් දාඩිය දැම්ම. මොකක් හරි අවුලක් තියෙනව කියල තේරෙනව සර් එන තාලෙන්ම. මාත් මුකුත් නොදන්න තාලෙට පුටුවෙ ඉදගෙන ඉන්නව. ආපු ගමන්ම පොත්ටික දාල ​ගුරු මේසෙ උඩට


කවුද පියුමිට බිස්කට් ගේන්න කීවෙ කියල. ඇහුව.


එතකොටයි මම දැන ගත්තෙ මේකිගෙ නම පියුමි කියල. මට ඉන්න තැනත් එක්ක අමතක වුනා. කොහෙන්ද මන්ද ආපු මූත්‍රා බරකුත් සෙට් වුනා. දැන් මම දන්නව අද කන්නවෙනව මාසෙකට ඈති වෙන්න කියල. අනිත් කට්ටියත් කිසිම සද්දයක් නෑ. කවුරුත් කථා කරපු නැති නිසා සර් පියුමි දිහාට හැරිල ඈහුව


කියපු එකා මෙතන ඉන්නවද කියල.


පියුමි දැන් හිමීට කට්ටිය දීහා බලාගෙන එනව. මගේ දිහාට ඇස් ආවාම සර්​ට නොපෙනෙන්න දන්න සෙල්ලං ඔක්කොම දාල කිව්වොත් මම තෝව කනව වගේ බැල්මක් දැම්ම. ඒක පියුම් නම් හොදට දැක්ක. ඊට පස්සෙ පියුමි කීව


එයා මෙතන නෑ කියල.


හම්මේ........දැනුයි මගේ සරීරෙ සියළු අවයව වල​ට ලේ ගමන් කරනව වගේ තේරුනේ. ඒත් එක්කම සර් අහපි


මේ ළමය හතයි කාලෙ ඉදල ගේට්ටුව ගාව ඉදල තියෙන්නෙ. ශාමින්ද තමුසෙ දැක්කෙ නැද්ද කවුද කියල.


සර් මාව හොදට අදුරනව. මොකද සර් මව දන්නෙ 9 වසරෙ ඉදල. කොහොම හරි මම අමාරුවෙන් නෑ කියන්න ඔළුව දෙපැත්ට වනා ගත්ත. අනිත් කට්ටිය නම් සතියක්ම බිස්කට් ගෙනාව. පියුම්ත් පස්සෙ පොඩි බිස්කට් පැකට් වගයක් ගෙනාව. කොහොම උනත් උ/පෙ පන්තියට ආපු පළවෙනි දවසෙම මගෙ ලේ නම් සෑහෙන්න පිච්චෙන්න ඇති.


බොහොම අමාරුවෙන් ආරම්භය නම් ගත්ත. මොනව හරි හිතෙනව නම් කමෙන්ට් එකකුත් දාල යන්න. එහෙනම් ඊ ළග ලිපියෙන් හමු වෙමු.

February 14, 2011

මගේ සෙවනැල්ල

මම ඉතින් කල්පනා කොරල කොරල අන්තිමට මගෙ බ්ලොග් එකේ නම (ශාමින්දගේ සිතුවිලි) වෙනස් කලා. පොඩි වෙනසකටත් එක්කයි මම නම වෙනස් කලේ. (වෙනස් කොලා කීවට වෙනස් වෙයිද දන්නෙ නෑ) මෙතෙක් මම ලීවෙ ගොඩක් මම කැමති ගීතවල පදවැල්. දැන් මේ වෙනසත් එක්කම නව ලිපි පෙලක් ආරම්භ කරන්නයි මගේ බලා පොරොත්තුව. මේ ලිපි පෙල ආරම්භ කරන්න මට මූලික අදයස දීපු යොහාන් කණිෂ්ක මල්ලිට මම මුලින්ම සුතූති කරන්න ඕන.


අළුත් ලිපි පෙළත් එක්ක අළුත් අද්දැකීමක් ඔය ගොල්ලන්ට ලබා දෙන්නයි මගේ බලාපොරොත්තුව. එහෙනම් පළවෙනි ලිපියෙන් හමුවෙමු. එතකන් මම නවතින්නම්.

February 11, 2011

මං මුලා වී

මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක​ගෙනි
පාර අසා තිබුණේ........//


ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩ මානය.......//
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය 


මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක​ගෙනි
පාර අසා තිබුණේ........//


අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි.......//
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි


මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක​ගෙනි
පාර අසා තිබුණේ........


ගායනය : ගුණදාස කපුගේ

February 9, 2011

අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්

අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්.....//
හඳ පානේ මද අඳුරේ
අත්පටලා යමු ආයේ.....//


ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී.....//
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මද අඳුරේ


හඳ පානේ මද අඳුරේ
අත්පටලා යමු ආයේ.....//


හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනහෙමු සපුරා පැතුම්.....//
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ


හඳ පානේ මද අඳුරේ
අත්පටලා යමු ආයේ.....////


ගායනය : වික්ටර් රත්නායක

February 1, 2011

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට...

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට...
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට...
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට...
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට...


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ...
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ...
මල් විය නොවෙද මේ දියකර හරින්නේ...
මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ...


රෑ වැඩ මුරය..........


නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ...
හද සුසුමන්ද පවනක් වී හමන්නේ...
තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ...
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ...






ගායනය  :   සුනිල් එදිරිසිංහ