පුදුම රස්නක් නොවැ මේ දවස්වල තියෙන්නේ. ඉන්න හිටින්න බැහැ නොවැ. මේ දවස්වල මේ දේෂගුණ වෙනස් වීම මට සෑහෙන්න බලපෑව. මොකද උනත් එක්ක හෙම්බිරිස්සාවකුත් හැදුන නොවැ. පස්පංගුව පැකැට් එකකින්ම වැඩේ ගොඩදාගන්න බැළුවට හරි ගියෙ නෑ.
අන්තිමට උනේ බේත් ගෙන්න යන්න ඕන කියන තීරනේට මට එන්ට උනු එක. ගෙදර හරියේ තබ දොයිතුවක් නෑ. මොනව කරන්නද අන්තිමට ඉස්පිරිතාලෙට ගොඩ උනා. අපරාදෙ කියන්න බෑ වෙනදට වඩා ඉස්පිරිතාලෙත් වැඩ පිළිලත් හොදා. වැඩි වෙලාවක් යන්න කලියෙන් බේත් පෝලිමේ ඉදල ගෙදර එන ගමන් මාමලගෙ ගෙදරත් ගිහින් ජාලෙත් පොඩ්ඩක් විතර සැරිසරල ඔන්න ගෙදරට ආවා.
අම්මත් කෑම ටික උයල තිබුනු හින්ද ඒකත් ඉක්මට කොටාබාල බේතුත් බීල ඇදට ගියා පොඩ්ඩක් නිදා ගන්න කියල. මොකද දොස්තර මහත්තය කීවනේ පොඩ්ඩක් රෙස්ට් කොරන්න කියල. අන්න එහෙම කොරන්න කියල හිතාගෙන තමා ඇදට ගොඩ උනේ.
නිදා ගන්නව තියා හිතන්නවත් බෑ. මොකද මගෙ කාමරේ වහලෙ සෑහෙන්න පාතයි නොවැ. වහලෙට දාල තියෙන්නෙත් ඇස්බැස්ටෝස්. තැම්බෙනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. ඕකෙන් මේකෙන් උනේ සෑහෙන කාලෙකට පස්සේ මම කාමරේ කරන්න කියල කිසිම වැඩක් නැතිව ඇදට වැටිල හිටපු එක.
කම්මැලි කම යන්නත් එක්ක යන්තරේ දාල සින්දුවකුත් දා ගත්තා. දැන්නම් ටිකක් විතර හිතට සහනයක් ආව. ඉතින් ඔහොම ඇදේ පෙරලි පෙරලි ඉන්න ගමන් කල්පනාවට ආවෙ මොන අමාරුවකින් මෙතන හිටියත් අතේ සතේ නැතිව ගියත් දැන් වැටිල ඉන්න අපිටම කියල තැනක් තියනවනෙ කියලා.
අපේ තාත්තා විදුලි කාර්මික ශිල්පියෙක්. වැඩකලේ කර්මාන්ත ශාලාවක. අපිට ඉතින් අපේම කියල ඉන්න තැනක් තිබුනේ නෑ. තාත්තා කෝම හරි ගන්න පඩියෙන් මටයි අම්මටයි කන්නයි බොන්නයි මට ඉස්කෝලෙ යන්නයි ගෙවල් කුලියයි ලැබෙන පඩියෙන් ගෙවනව. ඒ ටික කරල ඉවර උනහම තාත්තගෙ අතේ ඉතිරියක් කියල සතයක් වත් ඉතිරි වෙන්නෙ නෑ. තවත් ණය උනොත් ඇරෙන්න.
අපි අන්තිමට හිටියේ කඩ කාමරයක් කුලියට අරගෙන. ඒකත් එත දොරයි. ඉස්සරහින් ලෑලිදාල වහල තියෙන්නේ. ඉස්සර මහ පාර. කොයිවෙලාවෙත් දූවිලි එන හින්ද වහල තිබුනේ. අපි ඉතින් කොයි තරමෙ ගමනක් ගියත් පිටිපස්සේ දොරෙන් තමා තියේ.
ඒ හිටපු තත්ත්වේ මතක් වෙන කොට දැන් ඉන්න තත්ත්වේ දාහින්සම්පතයි.
අපේ තාත්ත්තා වැඩ කරපු කර්මාන්ත ශාලාව හදිස්සියෙම වැහුනා. ඒකෙන් ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරපු ගොඩක් දෙනෙක් බොහෝම අසරණ උනා. මම යන්තන් උසස් පෙළට ඉස්කෝලේ යන්න පටන් ගත්තා විතරයි. ඒකටත් ඉතින් සෑහෙන මුදලක් යනවනේ.
ගෙවල් කුලියි කඩේ ණයයි මගේ වියදමයි කෑම බීම වලටයි සෑහෙන මුදලක් වැය කරන්න තාත්තට වත් කමක් නැතිව ගියා. ඒත් අපේ තාත්තා අපිව බඩගින්නෙ තිබ්බේ නෑ.
අන්තිමට අපිට දිනයක් දීලා එදාට කලින් කුලියට හිටපු තැනින් යන්න කියල අයිතිකාරය කීව.
අපිට යන්න තැනක් තිබුනේ නෑ.
අම්මයි තාත්තයි නෑදෑයින්ගෙ ගෙවල් වල ගිහින් අපිට මාස කිහිපයකට ඉන්න දෙන්න කියල ඉල්ලීම් කලා. අන්තිමට එක ගෙදරකින් කැමති උනා. මම දන්න කාලෙ ඉදල මම හැදුනු වැඩුණු පරිසරයෙන් අපිට එන්න උනා. ආවෙ අපේ අම්මගේ ගමට. ඒ උනාට මම හැදුනු වැඩුනු තැන දාල එන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.
ඒත් ඉතින් ඉන්න තැනක් නැතිව කොහොමද එහෙ ඉන්නේ.
අන්තිමට අපි දැන් ඉන්න ගේ අපිට ලබා ගන්න පළුවන් උනා. අපිට අයිති ගෙයක් උනාට අපේ නෑදෑයො වගයක් අයිති කරගෙන හිටියේ. කොහොමහරි දගලල ගේ ගත්තා.
ගෙට ගෙවදුනේ හරියටම මගේ 20 වෙනි උපන්දිනේ දවසේ. එදා තරන් අපේ අම්මයි තාත්තයි සතුටෙන් හිටපු දවසක් මම මගෙ ඇස් දෙකින් දැකල නෑ. මොකද එයාලට සතුටු වෙන්න පුළුවන් තැකට මට එන්නත් බැරි උනා. ඒ අතරේ මේ ලැබිච්ච දේ මගෙ අම්මටයි තාත්තටයි මහ මෙරක් වගේ.
අපේ අම්මයි තාත්තයි සෑහෙන කාලෙකින් හරියට හිනාවෙනව දැක්කෙත් එදා තමා. දැන්නම් ඉතින් කන්න නැතිව ගියක් වැටිල ඉන්න තැනක් තියනවනෙ අපිට කියල ඇස් වලින් එන කදුළු බොහොම අමාරුවෙන් නවත් වන ගමන් අම්මා කීව මට අද වගේ මතකයි.
අම්ම කියපු කථාව ඇත්ත තමයි.
මොනව උනත් දැන් අපිට වැටිල ඉන්න කියල අපේම කියල තැනක් තියෙනවා.