December 3, 2011

ලැජ්ජාව හා විලිලැජ්ජාව

මේ ලිපිය ලියන්න පාදක වෙච්ච කථාව සිද්ද වෙලා නම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාවක් තිබුණේ නෑනේ. අද යන්තම් නිවාඩුවක් දා ගත්තා අසනීප නිසා. ඒත් ඉතිං අමාරුව පත්තකින් තියලා මේක ලියලා දානවා කියලා හිතුනු නිසා ලියන්න ගත්තා.

මගේ යාළුවෙක් ඉන්නවා වීඩියෝ සෙන්ටර් එකක. මිනිහා ගාවට නිතරම කස්ටිය එනවා ෆෝන් එකේ තියෙන මෙමරි චිප් වලට සින්දු දාගෙන යන්න. ඉතිං ඒ අතර පාසල් ළමුන් විශේෂයි. දවසක් ගෑණු ළමයි තුන් හතර දෙනෙක් ඇවිල්ලා පොරට මෙමරි චිප් එකක් දීලා මේන්න මෙහෙම කියලා.

" අයියේ. ඕකේ තියෙන වීඩියෝ ටික අයින් කරලා අපිට සිංදු ටිකක් දාලා දෙන්න. "

" නංගි මේකේ ඕන කරන ඒවා එහෙම ඇතිනේ. "

" ඕනේ නෑ අයියේ. එකම ටික බලලා ඇති වෙලා තියෙන්නේ. කමක් නෑ ඔය A කියලා තියෙන ෆෝල්ඩරේ තියලා ඉතිරි ඒවා අයින් කරලා සින්දු දාන්නකෝ. "

මිනිහා ඉතිං ඔය වීඩියෝ තියෙන ෆෝල්ඩරේ නිකම‍ට වගේ අර ගෑණු ළමයාට නොපනෙන්න බලලා. බලපු ගමන් කොපියකුත් මිනිහාගේ යන්තරේට දාගෙන. ඒ කිව්ව විදිහට සින්දු ටික දාන ගමන් පොඩි කථාවකුත් දාලා.

" නංගී ‍මොකද්ද ෆෝන් එක. "

" චයිනීස් එකක් අයියේ. මගේ නොකියා එක කැඩුනා. පස්සේ අඩුවට හම්බ වෙලා ඕක ගත්තා. "

" මෙමරි චිප් එකත් ඔයාගෙද ?. "

" ඔව් අයියේ. "

" ශා ලස්සන සින්දු ටිකක් තියෙන්නේ. කොහෙන්ද දා ගත්තේ. "

" ටිකයි අයියේ සිංදු තියෙන්නේ. ඒකත් දා ගත්තේ මගේ යාළුවෙකු‍ට දීලා. එයා ‍ගේ මැශින් එක මේ දවස් වල කැඩිලා. ඒකයි මෙහේ ආවේ සින්දු දා ගන්න. "

" ආ ආ හරි හරි. "

කස්ටිය ගියාට පස්සේ මිනිහා අර වීඩියෝ ෆෝල්ඩරේ බලලා. මිනිහාගේ ඉහ මොල රත් වෙලා. මොකද තියෙන්නේ සේරම අසභ්‍ය ග‍ණයේ වීඩියෝ. අර තියන්න කිව්ව A ෆෝල්ඩරේ තමා සුපිරිම ටික තිබිලා තියෙන්නේ. සේරම 50 කිට්ටු වෙන්න වීඩියෝ.

මට නම් පෙනෙනා ආකාරයට මෙය ඉතා යෝධ ඉදිරි පියවරකි.

අපේ රටේ කාන්තාවන් බහුතරක් මෑතක් වෙන තුරුම තමන්ගේ මංගල දින රාත්‍රියේදී සිදුවන්නේ කුමක්දැයි හරිහැටි දැනීමක් තිබුණේ නැති තරම්ය. ඇය පිරිමියා ඉදිරියේ ලැජ්ජාවෙන් ඇබරුනාය. පිරිමියාද බලාපොරොත්තු වන්නේ ලැජ්ජාවෙන් ඇඹරෙන කාන්තාවකට මිසක තමාව පෙරලාගෙන දගලන කාන්තාවනකට නොවේය. එවිට මුලසිට සරලවම පිරිමියා විසින් තමා අතිනත ගත් කාන්තාවට සියල්ල කියා දීමට සිදුවේ. ඒය ඉතා සුන්දර වනු ඇත.

නමුත් මෙම යෝධ ඉදිරි පියවරත් සමග පරිමියා අතිනත ගන්නේ සියළු දැණුමෙන් පරිපූර්න කාන්තාවකි. ඇය සියල්ල දනීය. පරිමියා විසින් ඇයට කියා දීමට දෙයක් නොමැත. පරිමියා සමග කරට කර ඇයද හිදිණු ඇත. සමහර විට පිරිමියාට වඩා දැනුමින් ද සමහර විට අත්දැකීමෙන්ද ඇය ඉදිරියෙන් සිටිනු ඇත. එවිට ඇය ඔහුට මුල සිට සරළව කියා දෙනු ඇත. මා ඉහතින් සදහන් කල යෝද පියවර මෙයය.

එවිට

අතීතයේද පිරිමියා ඉදරියේ ගැහැණිය ලැජ්ජාවෙන් ඇඹරුනාය. මතු දිනෙක ගැහැණිය ඉදිරියේ පිරිමියා විලි ලැජ්ජාවෙන් ඇඹරෙනු ඇත.

10 comments:

  1. දැං තත්වෙ ඔහොම තමයි මචං . . . ඒක උඹට මට වලක්වන්නබෑ . . . මම දන්න කෙල්ලො දෙන්නෙක් ඉන්නව අක්කයි නංගියි . . අක්ක A\L නංගි තාම නමය වසරෙ . . . කෙල්ලො දෙන්න ගාව තියන වැල සීඩී ගාන උං දෙන්නවත් දන්නෙ නෑ . . . "සමරවිට" 500 පනී කියල තමයි මට කිවුවෙ . . . ඊට එහා මිසක් මෙහා නෑ කිවුව . . හැබැයි . . ඒ කෙල්ලො දෙන්නම මම දන්න විදියට වැල බලල ඔල්මොරොන්දං වෙලා නෑ . . .

    ප.ලි.
    මගෙ පුද්ගලික අදහසක් මේක . ..කොල්ලන්ට වැලක් බලල ආතල් ගන්න පුලුවන් නං . . කෙල්ලන්ට බැරිද ???? ඒක සාධාරනද ?????

    ReplyDelete
  2. මාර කතන්දරයක් නේ බං!!!!

    ReplyDelete
  3. මල හත් ඉල්ලව්වයි // බලන එක මොකක්හරි කියමුකෝ ... යකෝ බය නැතුව chip වල දාගෙන video center වලට යන එකනේ වැඩේ ... කොල්ලොවත් ඔහොම ගෙනියනවද මම අහන්නේ .

    ReplyDelete
  4. ලංකාව දැන් දියුනුයි නෙ අප්පා...බටහිර වගේ.....ඒත් හැම අතින්ම ඔහොම දියුනු වෙන්න අපේ අයට පුලුවන්නම් කොච්චර හොඳද..?

    ReplyDelete
  5. අවුලක් නෑ...කියලා දෙන්න යන කාලේ ඉතුරුයි......ඒකත් ඔය මොන මොනවට හරි කරන්න බැරියෑ...

    ReplyDelete
  6. කොල්ලන්ට විතරක් බලන්න හොඳ දේවල් කියලා එකක් නෑනේ බං. ඕනයියාගේ ප.ලි කෑල්ලේ තියෙන ප්‍රශ්නේ මටත් තියෙනවා.
    හැබැයි ඉතිං ඔව්වා බය නැතිව වීඩියෝ සෙන්ටර් එකකට අරං ගිය එකනේ වැඩේ :D

    ReplyDelete
  7. ඒ ගෑණු ළමයි තුන් දෙනාගෙ මොකුත් නැද්ද?

    ReplyDelete
  8. මමත් වීඩියෝ සෙන්ටර් එකක් දාන්න ඕන බලන්න.... :D

    ReplyDelete
  9. //අතීතයේද පිරිමියා ඉදරියේ ගැහැණිය ලැජ්ජාවෙන් ඇඹරුනාය. මතු දිනෙක ගැහැණිය ඉදිරියේ පිරිමියා විලි ලැජ්ජාවෙන් ඇඹරෙනු ඇත.//
    විලිලැජ්ජාවයි සංතෝසෙ බෑ!

    ReplyDelete
  10. ඔය ගැන කතා කරලා වැඩක් නෑ බන්, සමාජය අන්තිම නරක තත්වෙකට පත්වෙලා තියෙන්නෙ, කාගෙ වැරැද්දක් හින්ද්ද කියන්න දන්නෙ නෑ....

    ReplyDelete