August 17, 2010

නියම comment එකක්

මම කලින් ලියපු ලිපියට නියම comment එකක් තිබුණ. මම ඒකට නියම කියල කියන්නෙ මම ලියන දේවල් වලට මෙච්චර කාලයක් comment ආවෙ මටනෙ. මේ comment එ‍කේ මාව වගේම මගෙ අම්මවත් මතක් කරල තිබුණ. හැබැයි මට පුතා කියල මගෙ අම්මට ඌට ලියන්න පුළුවන් මට ගියන්න බැරි වචනෙකින් තමා ආමණ්ත්‍රනය කරල තිබුණෙ. මගෙ අම්මව මතක් කරපු එකනම් හොඳා. නමුත් මතක් කරල තිබුණ විදිහෙ වැරැද්දක් තියෙනව. මොකද මගෙ මොකක් හරි වැරැද්දක් තියෙනව නම් අම්මට බැනල වැඩක් නැහැ. මෙතෙක් මට comment කරපු අය බොහොම පළපුරුදු අය. ඒ අය මගෙ වැරදි බොහොම නිහතමාණී විදිහට පෙන්නල දීපු වෙලාවල් තිබුණ. ඒ වගෙම මට සුභ පැතුව. ඒත් මේ comment එක දාපු වීරය මොන මානසික තත්ත්වෙක ඉදල comment කලාම කියල මට හිතාගන්න අමාරුයි. මට ඌත් එක්ක කිසිම තරහක් නෑ. නමුත් බෙහොම කලකිරීමක් අති වුනා. මොකද විශ්ව ගම්මානෙට අපි යන ගමනෙදි මේ වගේ ගෝතයො මෙනව කරයිද කියල මට හිතාගන්න අමාරුයි. මගෙ Blog එකේ කුණු ගොඩවල් තිහගන්න අකමැති නිසා මම ඒක අයින් කරල දැම්ම. හිතට සතුටක් දැනෙන‍්නෙ බහුතරය ඉන්නෙ හොඳ පැත්තෙ නිසා. මට comment කරන ‍ගොඩක් අය මම අදුනන්නෙ Blog ලියන්න ආවට පස්සෙ. මෙතෙක් මට හොඳ වචනෙන් comment කරපු සියළු දෙනාට මගෙ හදපිරි ස්තුතිය.

6 comments:

  1. mchn....mage blog ekatath ohomama tibuna...oya wage manda manisakayo me lankawe innawane ban...owa ganan ganna epa....

    ReplyDelete
  2. අයියෝ බං.. මෝඩයොංගෙ ආතල් වලට ලිපි ලියලා කාලෙ නාස්ති කරන්න එපා. ඔය කමෙන්ටි වලිං අපිට නම් තේරෙන්නෙ උඹ domain එක ගත්තු එකට ඉරිසියා කරන එවුනුත් ඉන්නවා කියන එක :D

    ReplyDelete
  3. ඔව්ව නුපුරුදු දේවල් නෙමෙයි බන්. අවජාතක මානසික රෝගීන් නෙ බන් ඔය.

    ReplyDelete
  4. අම්මට බැනපු එකට තමා දුක හිතුනෙ.

    ReplyDelete
  5. අහ් උඹ මට ඉස්සරවෙලා....මම ඕක ගැන ලියන්න තමයි හිටියේ...එල එල...හැබැයි ඉතිං අර ජාතියක් ජන්මයක් නැතිවුන්ට ඕවකරන එක මහලොකු දෙයක් නෙවේ...ගණන් ගන්න එපා මචෝ.දිගටම ලියන්න.අපි ඉන්නවා නොවැ කියවන්න...

    ReplyDelete
  6. මේක නිදහස තැනක් නෙ බං....
    එක එක මානසික තත්ව වල එවුන් මෙතනට එනව.....
    ගේම තියෙන්නෙ අපි උන්ගෙ මානසික මට්ටමට නොවැටි ඉන්න එකයි...
    මගෙ අදහස ඒකයි...

    ReplyDelete