October 12, 2011

දෙවනි කොල්ලත් ගොඩ දැම්මා.


එක පාරක් වගේ මගේ තවත් යාළුවෙක් මගෙන් උපදේශයක් ගන්න මේ ළගදි දවසක අපේ ගෙදර ආවා. කලින් ආපු යාළුවා මගෙන් උපදෙස් අරන් ගොඩ ගිය හැටි මතක ඇතිනේ. අමතක නම් මෙන්න මෙතෙන්ට ගිහින් ඒකත් බලලා එන්න.

මම ඉතිං නිවාඩු බදාදා දවස් වල නිසා එදා‍ට ටිකක් දවල් වෙනකං නිදා ගන්නවා. ඊට පස්සේ තමා නැගිටලා වැඩ පටන් ගන්නේ. මේ වගේ නිවාඩු දවසක මගේ යාළුවෙක් උදේම ආවා අපේ ගෙදර. එතකොට මම නිදි. කෝම හරි මේ ගොයියා මාව ඇහැරෙව්වා. යකෝ නිවාඩු දවසටවත් මුන් නිදා ගන්න දෙන්නේ නැති හැටි. මම පොරට හිතින් බැන බැන ගිහින් ‍දොර ඇරියා.

අනේ මචං උබ නිදාගෙනද හිටියේ.

අනේ නෑ බං. පත්තරයක් බල බල හිටියේ.

උබට මම කරදර කරා නේද ?.

නෑ නෑ කියපං. මොකද්ද කේස් එක.

මම හෙන අවුලෙන් බං මේ දවස්වල ඉන්නේ. උබ දන්නවනේ මම දවසකට සිගරට් 5ක් 6ක් බොනවා කියලා. සමහර දවස් වලට ඊටත් වඩා වැඩී. අන්තිමට අතේ සල්ලිත් නෑ. කරපු දේකුත් නෑ. කියපංකෝ බං මොකක් හරි කරන්න.

යකෝ ඉතිං ඕකට මගෙන් මොනවා අහන්නද ? සිගරට් බොන එක නවත්තපංකෝ.

එහෙම කියන්න එපා බං. පුළුවන්නම් මම උබෙන් අහනවෑ.

හරි හරි. මෙහෙම කරපං. උබ එක පාරටම ඕක නවත් වන්න යන්නත් එපා. ඒක හරි යන්නේ නෑ. උබ දවසකට සිගරට් 5 බොනවා නම් ටික ටික අඩු කරපං. ටික දවසකින් 4 ‍බීපං. ඊට පස්සේ 3 ක්. ඒ විදිහට හිමින් හිමින් ඇගට පතට නොදැනෙන විදිහට අඩු කරපං. දැන් බලපං. උබ නිකං ඉන්න වෙලාවට සිගරට් බොන එකෙන් වැඩක් නෑනේ. නිකං ඉහලට ඇද්දා දුම පිට කරා විතරයි. උබේ පපුවේ දැන් පාරකට දාන්න තරම් තාර පිරිලා ඇති. ඒ හින්දා උබ පොඩ්ඩක් පිරිමියෙක් වගේ තීරණයක් අර ගනින්. මම මේක නවත්තනවා කියලා හිතාගෙන වැඩේ කරපං. අනික බලපං මොකට බං ඔය චූටි ආතල් එකකට ඔච්චර සල්ලි වියදං කරන්නේ. අනික චූටි හරි ආතල් එකක් තියේද ?. ඒක හින්දා මම මේවා කීවට උබ තමා කරන්න ඕනා. උබම පොඩ්ඩක් කල්පනා කරලා බලපං.

දැන් මූ කල්පනා කොරන්න ගත්තා. 

හරි මචං මම ගිහින් එන්නම්. අනේ මචං සොරි බං උබට කරදරයක් එහෙම උනානම්.

නෑ නෑ පිස්සුද බං. ගිහින් වරෙන්.

මිනිහා ගියාට පස්සේ මමත් නැගිටල ගෙදර තියෙන වැඩ ටික කරන්න පටන් ගත්තා. එහෙම්මම දවසත් ගෙවිලා ගියා. පහුවදා ඉදලා මම ආයේ වැඩ. ඉතිං මටත් මේ සිද්දිය එහෙම්මම අමතක වෙලා ගියා.

මෙන්න ඊගාව සතියේ නිවාඩු දවසෙත් මිනිහා ආවා. ආපු ගමන් ආගිය විස්තර එහෙම කථා කරලා ඉවර වෙලා  මම ඇහුවා දැන් සිගරට් කීයක් දවසකට බොනවාද කියලා.

නෑ බං. මම සිගරට් බොන එක නැවැත්තුවා.

සංතෝසයි බං සංතෝසයි. ඇති යන්තං උබට මොලේ පෑදුනා. ඔය කෙහෙල්මල බීලා අපරාදේ සල්ලි නාස්ති කර ගන්න එපා.

ඔව් බං. මොකටද චූටි ආතල් එකකට රැපියල් 20 ක් උනත් වියදම් කරන්නේ. මම තව කීයක් හරි දාලා ජොයින්ට් එකක්ම ගහනවා .....................

23 comments:

  1. :O

    දැන් ඉතින් උබත් ගහපන් ජොයින්ට් එකක්ම

    ReplyDelete
  2. අන්න මිනිශ්සු..........:D

    ReplyDelete
  3. අප්පට තිලි ඔයා නවත්තන්න කියනවත් එක්කම අර අන්තිමට කියපු වැඩෙත් කරන්න කිව්වා නේද අයියේ :P

    ReplyDelete
  4. හෙහ් හෙහ්... අන්න කොල්ලෝ... මරු එකාගෙන් උපදෙස් අරං තියන්නෙ..

    ReplyDelete
  5. ඔන්න කොල්ලෝ,,,,

    ReplyDelete
  6. ආන්න කොල්ලො . . . රට ජාතිය ගැන හිතන එවුං එහෙම තමයි . . . උඹල තවත් ගෝල්ඩ් ලීෆ් ගහ ගහ බ්‍රිටිශ් ඇමරිකන් ‍ටුබැකෝ එකට සල්ලි පූජා කරන්නෙ නැතුව ලංකාවෙ දේශීය ගොවියා නගා හි‍ටුවන්න උපකාරයක් විදියට ඇරපියවු රොකට් . . . .

    ReplyDelete
  7. ජොයින්ට් යනු කිම?

    ReplyDelete
  8. අපූරු උපදෙසක්...හිකිස්‌

    ReplyDelete
  9. අඩේ... මරු උපදේසකනෙව. චූටි ආතල් එකකට වියදං කරන්නෙ මක්කටෙයි. ගහමු ලොකුම එකෙං නේ ;) 

    @නදී අක්කා - ජොයින්ට් යනු නාගරික වදනකි. ගමේදී සූස්තියක් ලෙසද හඳුන්වන මෙය වර්ථමාන කොලු සමාජය තුල මල් යනුවෙන්ද හැඳින්වේ.(ලොවෙත් ළමුන් හෝ කෙල්ලන් නම් නොවෙ) වියලි පොපි මලක් (මං වැරිදි නෑ මයෙ හිතේ) සහ තවත් කලමනා කිහිපයිකින් සමන්විත මෙය පැකට්ටු වශයෙන් පාරිභෝගිකයා අතට ලැබේ. සුදු කඩදාසියක (බහුතරයක් භාවිතාකරන ආකාරයට) ඉතා සියුම් ලෙස ඔතා ගනු ලබන මෙය සිගරැට්ටුවකට වඩා මත් ගතියක් ඇති කරයි. මේවා එතීමේ දක්ෂයන් මල් ගසන සමාජයේ කැපිපෙනෙන වැඩකරුවන් වෙති.
    -වැදගත් මං මලක් වගේ අහිංසකය නිසා ඔව්වා භාවිතා කර නොමැත.

    ReplyDelete
  10. දියුණු වෙන මිනිස්සු...

    ReplyDelete
  11. ජීවිතේ හැටි ..කතාවක් තියනවානේ ලඟ බලන්න දුර නොබලන්න කියලා

    ReplyDelete
  12. හහ් හහ් හහ් ,,,එළ සීන් එක .....

    ReplyDelete
  13. @නදී:
    ජොයින්ට් යනුන් සන්ධි වේ

    ReplyDelete
  14. වැප් : මම ඕවා ගහන්නේ නෑනේ මාමා.

    ජීවන් : එකෙන්ම .......................:D

    ශානු : එහෙනම් මෙච්චර දේවල් කිය කිය ඉන්නේ නෑ. කලින්ම කියනවා ඒක කරන්න කියලා.

    සිහින : ඇයි අපෙන් උපදෙස් ගත්තාම නරක් වෙලා තියෙයි.

    ItalyDilan : අනිවාර්යයෙන්ම.

    ඕනයා : ඉතිං ඕනයියා මේකට සපෝට් එකක් දෙන්නේ නැද්ද ?.

    Kanishka | කණියා : හික් හික් නේ කණී.

    හසී : හික් හික්.

    නදී : ඔය පල්ලෙහා Prabhath Darshana හොද උත්තරයක් දීලා තියේ අක්කේ.

    දිල් : උපදේසේ නම් හරියට දුන්නා. ක්‍රියාවට නගද්දි තමා ඔහොම උනේ.

    Prabhath Darshana : ආයේ මොකටද පොඩි පොඩි දේවල්.

    තිස්ස දොඩන්ගොඩ : හපොයිදත් කියනවා.

    තාරක Dilsh@n : මිනියා නියමෙට දියුණු වෙනවා දැන්.

    හිස් අහස : මොකද්ද අප්පේ ඒ හරුපේ.

    ඔබ නොදු‍ටු ලොවක්..... : :D :D :D :D

    ඕනයා : ඔය ඕනයියා විවිදාකාර වූ ජොයින්ට් ගැන දන්න මහා වියතෙක් නදී අක්කේ......:D :D :D

    ReplyDelete
  15. අපොයි.....මටත් කතාව තේරුණේ නම් නැ...ඒත් නදී අක්කට ප්‍රභාත් දීපු උත්තරෙන් ‍කියන්නේ මෙකද්ද කියලා තේරුණා....

    බුල්ටො අයියාත් මේවා පාවිච්චි කරනවද?

    ReplyDelete
  16. "ඔව් බං. මොකටද චූටි ආතල් එකකට රැපියල් 20 ක් උනත් වියදම් කරන්නේ. මම තව කීයක් හරි දාලා ජොයින්ට් එකක්ම ගහනවා"

    මොනව වුනත් මුගේ කතාව ඇත්ත....

    ReplyDelete
  17. @ප්‍රභාත් දර්ශන:
    හික් හික් . . . ඔය මල පොපි අලක් උනා නං නියමෙට තියෙයි . . . . . පොපි නෙමෙයි යකෝ ඔය . . . පොපි කොහෙද ලංකාවෙ වැවෙන්නෙ ???? ඔය ගස් ජාතිය තමයි බොල "කැනබිස් සැටයිවා"

    ප.ලි.
    මමත් පාවිච්චියක් නැති නිසා සිංහල නම හරියටම දන්නෙ නෑ (උඹ වගේම මමත් බබා)

    ReplyDelete
  18. හනේ බුදු මස්සිනේ ඕකා ජොයින්ට් ගහන එක නං නවත්තන්න වදන් නං දාන්න යන්න එපා...
    ඒ ගමන ඒකා කියයි මම දැන් ජොයින් එකත් නැවත්තලා කුඩු වලට බැස්සා කියලා.

    ReplyDelete
  19. හැක් හැක්... ඌ හරියටම උපදේසෙ පිළිපැදලා වගේ....

    ReplyDelete