January 31, 2011

මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා

මිහි මඩලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා...
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා...
නිල් දෙරණේ තුරු ලිය මත
මල් සම්පත අම්මා...
තුරුලිය මත පිපි කුසුමේ
පල සම්පත අම්මා...


සිය දහසක් නෙක ලෝ දා
එළිය කරන අම්මා ‍
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා


මිහි මඩලේ..........


සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා
උදා ගිරෙන් ලොවට වඩින
ළහිරු මඬල අම්මා


මිහි මඩලේ..........






ගායනය : විශාරද නන්දා මාලිනී

මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා

මිහි මඩලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා...
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා...
නිල් දෙරණේ තුරු ලිය මත
මල් සම්පත අම්මා...
තුරුලිය මත පිපි කුසුමේ
පල සම්පත අම්මා...

සිය දහසක් නෙක ලෝ දා
එළිය කරන අම්මා ‍
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා

මිහි මඩලේ..........

සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා
උදා ගිරෙන් ලොවට වඩින
ළහිරු මඬල අම්මා

මිහි මඩලේ..........



ගායනය : විශාරද නන්දා මාලිනී

January 28, 2011

ඡන්ද ඡන්ද ඡන්ද

ආයෙත් ඡන්දයක් එනව. ඉන්න හම්බ වෙන්නෙ නෑ කනක් ඇහිල. ඉන්න පක්ෂ ඔන්කොම මඩ ගහගන්නව මිසක් අපිට කිසිම හොදක් කොරන අදහසක් නෑ. මේ තියෙන ඡන්ද කන්දරාවට මෙන වියදමක් යනව ඇත්ද ?. ඒවත් අපි වගේ මිනිසුන්ට තමා හොදට දැනෙන්නෙ. මම මේ දේෂපාලන කතාවක් නෙමේ කරන්න යන්නෙ. මොකද මොන පක්ෂෙට කථා කලත් ඡන්දෙ දිනල ටික දවසකට පස්සෙ වටෙ ඉන්න උන් අහනව දැන් හරිද ? දුන්නනම් දැන් කාපිය කියල. ඊට වඩා හොදා පොළව කෙටල පාත්තියක් දෙකක් හදාගෙන එළවළු ටිකක් හිටෝනව. කන්න හරි පුළුවන්.

දැන් ඉතින් ඡන්දෙ ‍එනව කියනවනෙ. දැන් සතියක විතර ඉදල මේ පැත්තටත් හොදටම ඡන්ද උණුසුම ඇවිල්ල. කට්ටිය සද්දෙත් දාගෙන එහෙ මෙහෙ යනව. පාරෙ යනකොට තාප්පවල, බිත්තිවල, බොක්කුවල, ලයිට් කණු වල එකී මෙකී නොකී හැම තැනකම පොලොස් කොට්ටෝරුවෙ වගේ හිනා වෙවී ඉන්නව.

ඔන්න ඉතින් අපිත් දන්න කියන කිහිප දෙනෙක්ම විවිද පක්ෂ වලින් ඡන්දෙ ඉල්ලනව. අපරාදෙ කියන්න බෑ මේ දවස්වල නම් මල්ලී කියල හෙදට හිනා වෙනව.

ඔය අතරෙ පෝස්ටර් කෙරුවාවත් ජයටම යනව. ඉතින් ඒ ඡන්දෙ ඉල්ලන කස්ටිය දකින දකින හැම තාප්පෙකම පෝසටර් අලෝල. අනුන්ගෙ තාප්පවල තමා පාප්ප උලල අලවන්නෙ. තමන්ගෙ ගෙදර තියෙන තාප්පෙ කිසිම පෝස්ටරක් නෑ. අල්ලපු වැටේ ඉදල තියෙන හැම තාප්පෙකම පොස්ටරේ අලෝනව. ඉතින් ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු වරුවක් විතර ඔට්ටුවෙලා ඒව අයින කරනව. අනිත් දවසෙ උදේ බලනකොට ආයෙත් අලෝල.

අනේ මන්ද මටනම් තේරෙන්නෙ නෑ මෙච්චර ඡන්ද ගොඩක් තියල ඉහේ කෙස් ගානට මැති ඇමතිවරු පත් කරගන්නෙ ඇයි කියල. ඔව්ව ගැන කතා කොරනත් ඉතින් ටිකක් අමාරුයි නෙව. ඔයාලටත් මොනව හරි හිතෙනව නම් කොමෙන්ටුවකුත් දාගෙන යන්න. මම කිසිම පැත්තක් අරගෙන නෙමේ මෙහෙම කීවෙ. ඔන්න පැත්තක් ගත්තයි කියල අවුරුදු උත්සවෙට මම ආවාම තඩිබාන්න එහෙම එපා හොදද .....:D

January 20, 2011

පායා ඇයි හිනහෙන්නේ

පායා ඇයි හිනහෙන්නේ
නිල් ගුවනේ තරු රාසී
නැතිවී නැතිවීනම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනහෙන්නේ

ඇ‍ගෙ වත මට නොපෙනේ නම්
පුන් සඳ ඇයි හිනහෙන්නේ.........//
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ.........//

වනයේ පිපි මල් ගොමුවේ
සමනළයනි ඇයි හැඩුවේ
නැතිවී නැතිවීනම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනහෙන්නේ

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී.........//
ඇගෙ කඳු ලැලි නැති විටදී
ඕනේ නෑ දියමන්තී.........//

පායා ඇයි හිනහෙන්නේ
නිල් ගුවනේ තරු රාසී
නැතිවී නැතිවීනම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනහෙන්නේ


ගායනය  :   H R ජෝතිපාල


කිරි අම්මා

ගොඩ දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනාන. පොඩි පොඩි ප්‍රෂ්ණ නිසයි එහෙම වුනේ.දැන්නම් දිග‍ටම ලියන්න පුළුවන් වේවි. නැවතත් මගෙ ලිපිත් එක්ක එකතු වෙන්න කියල මම ආරාධනා කරනව.

ළඟදි දවසක උදේ වෙච්ච සිද්දියක් මම කියන්න යන්නෙ. සුපුරුදු පරිදි මම උදේ වැඩට යන්න ලැහැත්ති වෙවී හිටියෙ. මම මූන හෝදන්න ලිඳ ළඟට ආව. අපේ ගෙවල් පැත්තෙ ඉන්න ආච්චි කෙනෙක් ආව ටවුම පැත්තට යන බස් එකකට ගොඩ වෙන්න. ලිඳ ළඟට ආච්චිව හොදට පේනව. ආච්චිගෙ වයස අවුරුදු 70 වකට වැඩි මිසක් අඩු නැහැ. ආච්චි ඉන්නෙ අපේ ගෙවල් ගාව ඉදල කිලෝමීටරයක් විතර ගම ඇතුලට වෙන්න. දුප්පත් කෙනෙක්.

ආච්චි මේ විදිහ‍ට උදේට එන්නෙ මාසෙකට විතර සැරයක්. ඒ ඉස්පිරිතාලෙ සායනේකට යන්න කියල දවසක් ආච්චි මට කීව. ආච්චිට අධි රුධිර පීඩනය කියන ලෙඩේ තියෙන්න.

ඉතින් වෙනද වගේම එදත් ආච්චි ආව පාරට. දැන් බස් එකක් එනකම් බලාගෙන ඉන්නව.

විනාඩි 10 කට විතර පස්සෙ බස් එකක් ආව. ආච්චිත් අත ඇල්ලුව. ඒත් බස් එක නතර කලේ නැහැ. පෞද්ගලික බස් එකක් ආවෙ. ආච්චි බොහොම අසරන විදිහට බස් එක යන දිහා බලාගෙන ඉන්නව. මෙතන ඉදල ටවුමට ටික දුරයි තියෙන්නෙ. ඒත් ආච්චිට පයින් යන්න අමාරුයි. එයා ගොඩක් වයසයිනෙ. අනික කිලෝමීටරක් විතර පයින් ඇවිත්නෙ ඉන්නෙ.


වයසක කෙනෙකුට මෙහෙ‍ම දෙයක් උනාම එයාල බොහොම අපහසුතාවයට පත් වෙනව. මොකද තරුණ කාලෙදි වගේ දුවල පැනල වැඩ කරන්න දැන් බැහැනෙ. බස් එකේ හිටිය රියදුරු මහත්තයටත් මොකක්හරි හදිස්සියක් තියෙන්න ඇති. එයත් ජීවන සටන ගෙනියන කෙනෙක්නෙ. වැඩිම වාර ගණනක් බස් එක පාරෙ ගෙනිච්චොත් තමා ගාන වැඩිපුර හම්බ වෙන්නෙ. නමුත් වයසක කෙනෙකුට මෙහෙම සලකන එක හරි නැහැනෙ.

මේව රජයවත් ඔය තියෙන සමිති සමාගම් වත් දකින්නෙ නැද්ද?. මගීන්ට ගුනාත්මක බස් සේවාවක් කවද ලැබෙයිද කියලට කාටද කියන්න පුළුවන්?. මේව දකින ඊළඟ පරම් පරාව වැඩිමහළු අයට කොහොම සලාකාවිද කියල මට හිතාගන්න බෑ. ඔයලටත් හිතෙන දේ Comment එකකින් සටහන් කරන්න. ඒක මට ගොඩක් වටිනව.


එහෙනම් කට්ටියම අවුරුදු උත්සවේට එනවනෙ... අපි එදාට හම්බ වෙමු.....