July 12, 2012

රෝමියෝ වූ ඇම්ඩා.

අද මම කියන්න යන කථාවට සම්බන්ද වෙන්නේ ඇම්ඩා. ඔය හැමෝම දන්න ඇම්ඩා නෙමේ. මගේ හොද යාළුවෙක් ඉන්නවා ඇම්ඩා කියලා. මීට ටික කාලෙකට කලින් අපි කස්ටිය සෙට් වෙලා ඉන්නකොට ඇම්ඩාගේ ලව් එක ගැන එයාම කියපු කථාව මේ.


අඩෝ මම රෝමියෝ උනා බං ඒකි ගාව. මම ඇත්තටම ඒකිට ලව් කලා පෙප්සියා. ඒකි උබලගේ පැත්තේ කෙල්ලෙක් බං. සමහර විට උබ දන්නවත් ඇති.

හරි හරි උබේ කථාව කියපංකෝ.

පෙප්සියා ගහපං යකෝ සොට් එකක්. මම කියනවාට ගහපං. උබ දන්නවද පෙප්සියා අඩෝ මම රෝමියෝ උනා යකෝ. ඒත් ඒකිට ඕනා ෆැන්ටසි ලෝකයක්. මට හෑන්ඩ් පෝන් එකක් නෑ. අදින්න ඩෙනිමක් නෑ. රූන් රූන් ගාලා යන්න ‍ඩිස්කවරියක් නෑ. හැබැයි මම ඒකිට ලව් කලා යකෝ. උබලගේ පැත්තේ කෙල්ලෙක් යකෝ.

හරි හරි කියපංකෝ විස්තරේ. අපි දන්නේ නෑනේ සීන් එක.

යකෝ උබ බොන්නේ නැද්ද බං. බීපිය. මට හරි දුකයි බං. මං මෙච්චර ලව් කරලත් ඒකි මට මේම කරපු එකට. ඒකි එච්චර ලස්සන නෑ පෙප්සියා. ඒ උනාට ඒකිගේ නියම ගමේ ගතිය තියෙනවා බං. නගරෙට ආවට ඒකිගේ ගමේ ගතිය වෙනස් කරන්න බෑ බං. සිහ්ක්. මතක්වෙද්දී දුකයි යකෝ. මාමේ මම ඒකිගෙන් මල් ගැනත් ඇහුවා. ඒකි කිව්වා ඒ පැත්තේ නියම බඩු තමා තියෙන්නේ කියලා.

හරි බං හරි අපි දන්නේ නෑනේ බං ඔය ලව් සීන් එක උබේ. කියපං යකෝ අපිටත් දැන ගන්නත් එක්ක.

හරි මම කියන්නං බං. මම උගන්නන ඉස්කෝලෙට ආවා බං උගන්වන්න ටීච කෙනෙක්. ඒකි ඔය පෙප්සියාලෑ පැත්තේ. සෙවනගල. මම ඒකිට ලව් කලා බං. මට ඒකි හිතාගෙන ඉන්න විදිහේ චරිතයක් වෙන්න බැරි උනා. ඒකි දවසක් මගෙන් ඇහුවා මම කළුයි කැතයි ඇයි ඔයා මට ඔය තරම් ආදරේ කරන්නේ කියලා. මම උත්තර දුන්නේ මෙන්න මේම මචං.

මම ගෙදරින් ඉද්ද පැලයක් අරන් ගිහින් මම උගන්නපු පන්තියේ කොල්ලෝ දෙන්නෙක් දම්මලා හිටෙව්වා. හැමදාම වතුර දැම්මා. ඒකේ මලක් පිපෙනකං බලාගෙන ඉදලා මම අරකිව එක්කන් ගියා එතෙන්ට. ගිහිල්ලා පෙන්නුවා මල. මම කිව්වා මේක ඔයාට කියලා. මේක ඔයාට එච්චර විශේෂයක් නැතිව ඇති. ඒක ඔයාට තවත් මලක් විතරයි. ඒත් මට තවත් එක මලක් නෙමේ ඒක. ඒ තමා මගේ මල. කියලා.

වැඩක් නෑ බං. ඒක හිටියේ ෆැන්ටසි ලෝකෙක බං. ඒකි වැරදි නෑ පෙප්සියා. ඒකම අවුල මට ඒ ‍දේවල් නෑ. අවුලක් නෑ. කමු බොමු ප්‍රීති වෙමු. එච්චරයි. 


සුබ දවසක් බ්ලොග් මිතුරණි

අද බ්ලොග් සතියේ 6 වැනි දවස 

බ්ලෝග් සතියට නිර්මාණ හතක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම තරඟයට ඇතුලත් වීමට කිසි සේත්ම ගැටලුවක් නොවේ !

හැකිතාක් නිර්මාණ ඉදිරිපත් කිරීම වාසියක් වනු ඇත :D

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk 
බ්ලොග් සම්මාන මිතුරු පිටුවhttp://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/ 

July 11, 2012

උණුදිය ඇල්ල.

මකුළුදැන් බැදිලා, දූවිලි වැදිලා තිබුණු මගේ බ්ලොග් එක මම මකුළුදුල් කඩා දාලා දූවිලි පිහලා ආයේ ලියන්න ගත්තා. මගේ කලින් ලිපි තුනට ප්‍රතිචාර දක්වපු මගේ හිතවත් පාඨකයින්ට ස්තූතිවන්ත වන ගමන් ඊයේ හදිස්සියේ යන්න වුණු පුංචි චාරිකාවක් ගැන විස්තර කරන්නයි යන්නේ.

මම ඊයේ තාත්තත් එක්ක පොඩි වැඩක් කරකර ඉන්කොට මගේ හිතාදර යාළුවෙක් වන අනුරුද්ධගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒ වන කොට මම හිටියේ ‍ගෙදරත් නෙවෙයි.

අනුරුද්ධ : මචං උබ කොහෙද ඉන්නේ.
මම : මම පොඩි වැඩක මචං ඉන්නේ. අවුල්ක් නෑ කියපං මොකද්ද කෙරෙන්න ඕනා.
අනුරුද්ධ : උණූදිය ඇල්ලට යන්ද බං.
මම: ම්ම්ම්ම්ම් හරි අවුලක් නෑ වරෙන්.

මේ යාළුවෝ ටික එන්නේ ටිකක් දුර ඉදලා නිසා එන්න වෙලා යන නිසාත් මම ඊට පැය බාගෙගට විතර පස්සේ ආයේ ‍කථා කරා.

මම : කොහෙද බං ඉන්නේ.
අනුරුද්ධ : ගේ ඉස්සරහා බං ඉන්නේ. උබ කොහෙද ඉන්නේ.
මම : හරි හරි පොඩ්ඩ් හිටයන් මම එනවා.

‍බොලේ මෙච්චර ඉක්මන්ට මුං ‍ටික ආවද කියලා කල්පනා කර කර මම ඉක්මනට ගෙදර ආවා. ඒත් කවුරුවත් පේන්න නෑ. මම ආයේ අනුරුද්ධට කෝල් කලා.

මම : කොහෙද බං දැන් ගේ ඉස්සරහා ඉන්නවා කීවට උබ නෑනේ.
අනුරුද්ධ : ඉතිං උබ ඇමුවේ කොහෙද ඉන්නේ කියලනේ. මම හිටියේ අපේ ගේ ඉස්සරහා. හිටහං තව ටිකකින් අපි එනවා.
මම : උබෙ ^#%@)#%)#^%)#%^)#^#)

කෝමහරි කස්ටිය ආවා. දැන් අපි යන්නේ උණුදිය ඇල්ල කියන තැනට. නම අහපුවාම නම් හිතෙන්නේ දිය ඇල්ලක් ගැන. නමුත් එතෙන එහෙම විශේෂයක් නෑ. නම නම් කොහොම හැදුනු ‍එකක්ද කියලා දන්නේ නෑ. පහල පිංතූර වල තියෙන්නේ ඒ තැන.





දෙවනියට තියෙන පිංතූරෙන් පේන ගල් දෙක මැද්දෙන් තමයි ඉහල ඉදලා එන වතුර මෙතෙන්ට වැටෙන්නේ. නමේ තේරුමට නම් ගැනපෙනවාද මන්දා. වතුරත් සීතලයි. නමුත් හොදින් පීනන්න විනෝද වෙන්න පුළුවන්. මේ පිංතූරේ තියෙන වතුර ප්‍රමාණය අඩියේ ඉදලා අඩි 5ක් පමනයි. නමුත් වතුර වැඩි කාලෙට නම් උය වතුර ඇවිත් වැටෙන හරියේ ඊට වඩා ‍ටිකක් ගැඹුරු වෙනවා. නමුත් ආරක්ෂිතව නාන්න පුළුවන්.

දැන් අපේ සූදානම මේ ඇල මාර්ගය දිගේ ඉහළට ගමන් කිරීම. ලොකු කුඩා ගල්කුළු අතරින් අපි දැන් ඉදරිය‍ට ඇදෙන්න ගත්තා. අවට පරිසරයේ සුන්දරත්වයත් සිසිලත් නිසා විඩාවනම් අපිට ටිකක්වත් දැනුනේ නෑ. මෙන්න අපි පසු කරගෙන ගිය තැන් සමහරක්.






මෙවා පසුකරගෙන මීටර 100 විතර ඉහලට ගිය අපි නැවතුනේ මෙන්න මෙතන.


මේ ඉන්නේ මගෙත් එක්ක ගිය මගේ යාළුවෝ ටික.




මෙතෙන්ට තව දෙන්නෙක් අඩුයි. ඒදෙන්නා වැඩිය පිංතූරවල‍ට ඉන්න කැමැත්තකි තිබුනේ නෑ. ඔය ඉස්සරයින්ම කළුපාට ටී ෂර්ට් එක ඇදන්න ඉන්න කෙනානනම් දන්නවා ඇතිනේ.

මෙතන් එහාට කස්ටියට යන් බෑ කියපු නිසා අපි මෙතන නතර උණා. ඒ උනාට මායි  අනුරුද්ධයි තවත් ඉහලට ගමන් කලා. මේ තියෙන්නේ අපිට හමු වන තැන් කිහිපයක්.












අපි ඉහළට ගිහින් එනකොට අපේ යාළුවෙකුට නම් නිමත තැනක් හම්බවෙලා හොදට හාන්සි වෙලා ඉන්න.



මේ වගේ තැන් මෙතන හැම තනකම වගේ තියෙනවා. කොච්චර සුන්දර උනත් මේ තැන විනාස කරලා ගිය අයගේ ඉතිරි උණු දේවල් තැන් තැන්වල නැතුවාම නොවේ. මෙතෙන්ට බලන්න විනෝද වෙන්න එන අය යම් විනයක් යටතේ සිටිය යුතුයි වගේම පරිසරය විනාශ කිරීමෙන්ද වැලකී සිටිය යුතුයි. නැත්නම් කෑ කෝ ගසමින් දගලන්න ගියොත් ප්‍රදේශවාසීන් ගෙන් විරෝදතා ඇතිවීමට පිළිවන්. ඒනිසා එන අය හැකිතාක් සංවර වෙන්න.

මෙහෙමයි වෙතෙන්ට යන්නේ. මීරිගමට පැමිණ වරකාපොළ මීරිගම 429 මාර්ගයේ ගොස් බොතලේ හන්දියට ගොස් එතනින් දකුණට හැරී කීලෝමීටර දෙකක් පමන ගිය තැන නැවත වමට හැරී ගමන් කිරීමෙන් ලගා විය හැකී. ප්‍රදේශ වාසින්ගෙන් යන පාර අසා දැන ගන්නත් පුළුවන්.

වරකාපොළ ඉදලා එනවා නම් වරකාපොළ මීරිගම 429 මාර්ගයේ ගොස් බොතලේ හන්දියට ගොස් එතනින් වමට හැරී බෝතලේ ඉහළගම පාරේ කලින් විස්තරයේ ඇති පරදි ලගා වෙන්න පුළුවන්.

මතක ඇතිව අනිවාර්යයෙන්ම පරිසරය දූශනය කිරීමෙන් වලකින්න.




සුබ දවසක් බ්ලොග් මිතුරණි

අද බ්ලොග් සතියේ 5 වැනි දවස 

බ්ලෝග් සතියට නිර්මාණ හතක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම තරඟයට ඇතුලත් වීමට කිසි සේත්ම ගැටලුවක් නොවේ !
හැකිතාක් නිර්මාණ ඉදිරිපත් කිරීම වාසියක් වනු ඇත :D

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk 
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/

July 10, 2012

මගේ නවාතැන.


මම මම දිහාම බැළුවා. මගේ සපත්තු දෙක සෑහෙන්න ගෙවිලා. තැන් තැන්වල මැහුම් ලෙහිලා. දුර්වර්ණ වෙලා. තව බොහොම සුළු දුරයි දාගෙන යන්න පුළුවන්. අදුමත් පරණ වෙලා. මේ සීතලට කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නෑ. මීදුමයි පින්නයි නිසා අවට පරිසරේ හරිම සීතලයි. ඒ සිතල මගේ ඇදුමෙන් මාව බේර ගන්න සමත් උනේ නෑ. සමට කා වදින සීතල ඇට මිදුළු දක්වා ගමන් කරන්න ගත්තා.

මට මහන්සියි, බඩගිනියි, නිදිමතයි, හරිම වෙහෙසයි. මම පාර අයිනේ පොඩ්ඩක් නතර උනා. ආපුහු හැරිලා බැළුවා මම ආපු පාර දිහා.

තත්ත්පර, විනාඩි, පැය, දින, සති, මාස, අවුරුදු පහු කරගෙන මම මේ පාරේ ඇවිලිලා. අව්ව, වැස්ස, රැය, දාවාල මේවා යටින් මම ඇවිල්ලා. කදු හෙලි තරනය කරලා. සමහර තැන්වල පය පැටලිලා වැටිලා තුවල උන තැන් තාමත් රිදෙනවා. නමුත් මොන බාදකේ තිබ්බත් මම මෙතෙන්ට ඇවිල්ලා.

අතරමගිදී නවාතැන් හමු උනා. සමහර ඒවට මම ගියා. ගොඩක් ඒවා ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම මාව පන්න ගත්තා. සමහර ඒවට ගිය පයින්ම ආයේ එන්න උනා. සමහර ඒවායේ ලස්සන විතරයි. හැමතැනින්ම මට යන්න උන එක විතරයි උනේ. මම මගේ ගමන ගියා. බොහෝ දේවල් මම පසු කරන් ආවා.

දිගටම ගමන් කලා. මට තේරුම් යන්න ගත්තා මම බලාපොරොත්තු වන නවා තැන මොන වගේද කියලා.

ආපසු හැරී හිටිය මම ඉදරිය බැළුවා. ඈතින් නවාතැනක සේයාවක් පේනවා. පාරත් යන්නේ එතෙන්ට.
මම නැවත ගමන් ඇරබුවා. ටිකෙන් ටික ලං උනා. මීදුම නිසා ඈතට පේනවා අඩුයි. මට පුදුම හිතුනා. ටිකෙන් ටික ලං වත්ම මටම පුදුම හිතුනා. මෙච්චර කාලයක් මා බලාපොරොත්තු උන නවාතැන. මම ගේට්ටුව ගාව නතර උනා. මම බලාගෙන හිටියා. මොනතරම් සංතෝසයක්ද ?.

විපරම් කරලා බැළුවා.පොඩ්ඩක් වටේ ඇවිදලා බැළුවා. හැම කෝනෙකින්ම බැළුවා. හරියටම හරි. සුළු සුළු වැරදි තිබුණත් මම බලා පොරොත්තු වෙච්ච දේ දැන් මගේ දෑස් ඉදිරියෙන්ම. මට බඩගිනියි, සීතලයි, මහන්සියි. මට උණුසුම් ආහාරවේලක්, අළුත් ඇදුමක්, සුවබර නින්දන් අවශ්‍යයි. තාම දොරගුළු දාලා. කථා කරන්න බයයි. මාව ඇතුලට ගත්තේ නැත්නම් මට වෙන යන්න තැනක් නෑ. මම තාමත් දොරකඩට වෙලා නවාතැන දිහා බලාන ඉන්නවා. ඒත් මට කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි. මම හොයපු දේ හම්බ උනා.




අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.


--
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk


බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

July 7, 2012

ආදරියේ !

දිනයක හමු වෙමි සිතුවිලි විමසමි 
           මට හිමි නැති මගේ දිවියම අයැදිමි
එනමුත් නොදනිමි ඒ දින කෙදිනද 
සිත සිර කර ගමි, තනිකම විද ගමි

සේයාරුවකින් මම ඔබ විද ගමි
හැබැහින් එන දිනයක් ගැන විමසමි
ආදරියේ මගෙ ඉරණම නොදනිමි
ඒ ඔබ යැයි මම තනිවම සිතනෙමි

කෙදිනක සිට සිත බැදුනිද නොදනිමි
මේ වන තුරු සිහිනෙන් මම ඇවිදිමි
හදවත උතුරන සෙනෙහස සඟවමි
ඔබ නැති මොහොතක් මගෙ ලොව නැතුවැති

කවි නොම දත් මම කවියෙකු වූ වෙමි
නුඹ මගෙ පන්හිද හැඩ කල කවියකි
සිතුවිලි සන්සුන් නැති තැන විදවමි
ආදරියේ මගෙ සැනසුම අයදිමි

කොයි සිට නුඹ ආවාදැයි නොදනිමි
හිත් ආකරයෙම පැළපදියම් උනි
කලබල මගෙ ලොව නිහඩව තනිවෙමි
නුබ ගැන සිතුවිලි රහසින් විදිනෙමි

විදවන සිතකට පිළියම් හැදිනිමි
ආදරයේ ඔසුපැන් මම අයදිමි
සිතුවිලි පන නැති මොහොතක විදවමි
සෙනෙහස් ඔසු දිය ඔය සුරතින් බොමි



July 3, 2012

දෙ‍වනි ගමනට සූදානම්ව.

හැම දෙයක්ම ඉවරයි කියලා හිතුවට මට ඉතිරි වෙච්ච දේවළුත් නැතුවා නොවේ. ඒක තේරුම ගන්න ටික කාලයක් ඉන්න උනා. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා. ඒ වෙනස වෙනකම් මොනවා වෙයිද කියලා කවුද දන්නේ.

මොහොතකදි ලැබිලා මොහොතකදී නැති වෙලා යන දේවල් හින්දා දුක වැඩී. අවුරුදු ගානක දේවල් පුංචි විනාඩි කිහිපයකින් නැතිවෙලා යන කොට දැනෙන දුක ඊටත් වැඩී. නමුත් අපිට තාම සියළු දේ අනිත්‍යයි කියලා හිත හදා ගන්න පුළුවන්ද ?.

බහුතරය නැති උනා. යම් දෙයක් ඉතිරි උනා. ආපු ගමන අවසාන උනා. 

දැන් ඉතිං ඊගාව ගමන පටන්න ගන්න තියෙන්නේ. මගේ දෙවනි ගමන මම පටන් ගන්නවා. නමුත් මට කාලය ඕන. මගේ දෙවනි ගමන පටන්න ගන්න දවස කාලය විසින් තීරනය කරාවි.