July 12, 2012

රෝමියෝ වූ ඇම්ඩා.

අද මම කියන්න යන කථාවට සම්බන්ද වෙන්නේ ඇම්ඩා. ඔය හැමෝම දන්න ඇම්ඩා නෙමේ. මගේ හොද යාළුවෙක් ඉන්නවා ඇම්ඩා කියලා. මීට ටික කාලෙකට කලින් අපි කස්ටිය සෙට් වෙලා ඉන්නකොට ඇම්ඩාගේ ලව් එක ගැන එයාම කියපු කථාව මේ.


අඩෝ මම රෝමියෝ උනා බං ඒකි ගාව. මම ඇත්තටම ඒකිට ලව් කලා පෙප්සියා. ඒකි උබලගේ පැත්තේ කෙල්ලෙක් බං. සමහර විට උබ දන්නවත් ඇති.

හරි හරි උබේ කථාව කියපංකෝ.

පෙප්සියා ගහපං යකෝ සොට් එකක්. මම කියනවාට ගහපං. උබ දන්නවද පෙප්සියා අඩෝ මම රෝමියෝ උනා යකෝ. ඒත් ඒකිට ඕනා ෆැන්ටසි ලෝකයක්. මට හෑන්ඩ් පෝන් එකක් නෑ. අදින්න ඩෙනිමක් නෑ. රූන් රූන් ගාලා යන්න ‍ඩිස්කවරියක් නෑ. හැබැයි මම ඒකිට ලව් කලා යකෝ. උබලගේ පැත්තේ කෙල්ලෙක් යකෝ.

හරි හරි කියපංකෝ විස්තරේ. අපි දන්නේ නෑනේ සීන් එක.

යකෝ උබ බොන්නේ නැද්ද බං. බීපිය. මට හරි දුකයි බං. මං මෙච්චර ලව් කරලත් ඒකි මට මේම කරපු එකට. ඒකි එච්චර ලස්සන නෑ පෙප්සියා. ඒ උනාට ඒකිගේ නියම ගමේ ගතිය තියෙනවා බං. නගරෙට ආවට ඒකිගේ ගමේ ගතිය වෙනස් කරන්න බෑ බං. සිහ්ක්. මතක්වෙද්දී දුකයි යකෝ. මාමේ මම ඒකිගෙන් මල් ගැනත් ඇහුවා. ඒකි කිව්වා ඒ පැත්තේ නියම බඩු තමා තියෙන්නේ කියලා.

හරි බං හරි අපි දන්නේ නෑනේ බං ඔය ලව් සීන් එක උබේ. කියපං යකෝ අපිටත් දැන ගන්නත් එක්ක.

හරි මම කියන්නං බං. මම උගන්නන ඉස්කෝලෙට ආවා බං උගන්වන්න ටීච කෙනෙක්. ඒකි ඔය පෙප්සියාලෑ පැත්තේ. සෙවනගල. මම ඒකිට ලව් කලා බං. මට ඒකි හිතාගෙන ඉන්න විදිහේ චරිතයක් වෙන්න බැරි උනා. ඒකි දවසක් මගෙන් ඇහුවා මම කළුයි කැතයි ඇයි ඔයා මට ඔය තරම් ආදරේ කරන්නේ කියලා. මම උත්තර දුන්නේ මෙන්න මේම මචං.

මම ගෙදරින් ඉද්ද පැලයක් අරන් ගිහින් මම උගන්නපු පන්තියේ කොල්ලෝ දෙන්නෙක් දම්මලා හිටෙව්වා. හැමදාම වතුර දැම්මා. ඒකේ මලක් පිපෙනකං බලාගෙන ඉදලා මම අරකිව එක්කන් ගියා එතෙන්ට. ගිහිල්ලා පෙන්නුවා මල. මම කිව්වා මේක ඔයාට කියලා. මේක ඔයාට එච්චර විශේෂයක් නැතිව ඇති. ඒක ඔයාට තවත් මලක් විතරයි. ඒත් මට තවත් එක මලක් නෙමේ ඒක. ඒ තමා මගේ මල. කියලා.

වැඩක් නෑ බං. ඒක හිටියේ ෆැන්ටසි ලෝකෙක බං. ඒකි වැරදි නෑ පෙප්සියා. ඒකම අවුල මට ඒ ‍දේවල් නෑ. අවුලක් නෑ. කමු බොමු ප්‍රීති වෙමු. එච්චරයි. 


සුබ දවසක් බ්ලොග් මිතුරණි

අද බ්ලොග් සතියේ 6 වැනි දවස 

බ්ලෝග් සතියට නිර්මාණ හතක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම තරඟයට ඇතුලත් වීමට කිසි සේත්ම ගැටලුවක් නොවේ !

හැකිතාක් නිර්මාණ ඉදිරිපත් කිරීම වාසියක් වනු ඇත :D

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk 
බ්ලොග් සම්මාන මිතුරු පිටුවhttp://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/ 

4 comments:

  1. ඕකට කියන්නේ කෙල්ලන්ගේ රිච් ලයිෆ් එකලු :-)
    අකුරු ටිකක් පැහැදිලි මදි බං

    ReplyDelete
  2. බුල්ටා මොකද මන්දා බන් මටත් පොඩි ඇසේ අපහසුතාවයක් ආවා මේක කියෝගෙන යනකොට

    ReplyDelete
  3. ශාමින්දගේ බ්ලොග් එක කියෙව්වා.(සේරම නෙමේ තාම කියවමින් ඉන්නවා).මේක කියෙව්වම ජිවිතේ දිගයි කියලා හිතෙනවා. මේවගේ පුංචි පුංචි කතාන්දර එක්ක අපි කොච්චර දේ අත්විදිනවද අත්දකිනවාද කියලා හිතුනා.

    ReplyDelete