February 21, 2012

කිඹුලා

මේ ළගදී දවසක ඉතාම දුරුලභ අවස්තාවකට මට සහබාගි වෙන්න ලැබුණා. මෙච්චර කාලෙකට කිඹුල්ලු දැකලා තිබුණට කිසිම දවසක කථා කරලා නොතිබුණු නිසා පොඩි චකිතයක් නොතිබුණාම නෙමේ. මොනවා උනත් මූ එල කිඹුලෙක්. කිඹුලත් එක්ක කරපු කථා බහෙන් පස්සේ හිතුණා මේක ලිව්වොත් හොදා කියලා.

කිඹුලා යනු විකුර්තියේ ප්‍රතිමූර්තියකි. උපතින්ම සියළු සත්වයෝ විකුරුති වූවත් ඔවුන්නට ප්‍රකුර්තිය සොයා යා හැක. නමුත් කිඹුලා කිසිම විටක ප්‍රකුර්තිය සොයා යන්නෙකු නොව විකුර්තියට ආවඩන්නෙකි. එසේ පමනක් නොව හැකිනම් සියළු සත්වයෝ විකුර්තියේ ඉහලටම ඇදගෙන යාමට කිඹුලාට හැකිය.

කිඹුලා විකුරුතියක් බවට පත් වී ඇත්තේ ඔහුට දියෙහි මෙන්ම ගොඩ බිමේද දස්කම් දැක්වීමට හැකි නිසාය. ගොඩ හි පමනක් වැඩ කිඩ දාන සත්වයෙකුට හසු වූවොත් දියට හරි පැන යන්තම් හෝ පණ බේරා ගැනිමට හැකියාවක් ඇත. නමුත් ගොඩහිදී කිඹුලෙකුට හසු වූවොත් දියට පැන හෝ බේරීමට බැරිය. මන්ද කිඹුලා දියෙහිද හොද වැඩ කාරයෙකු බැවිණි.

කිඹුලා කිසිවිටක තමා කිඹුලෙකු බව නොපවසයි. කිඹුලන් පිළිබඳව වදනකුද නොපවසයි. කිඹුල් සමාජයම පිළිකුල් කරයි. නමුත් තමා කිඹුලෙකු බව ඔහු හොදින් දනී. එපමනක්ම නොව තමා කිඹුලෙකු වීම සම්බන්ඳයෙන් යටි හිතින් සතුටු වෙයි.

කිඹුලාට නිදහසේ ජීවත් විය නොහැක. ඔහුට නිතර දෙවේලේ කරදර, බාදක, හිරිහැර පැමිණේ. කුමක් සිදු වුවද කිඹුලා කිසි විටක සැලෙන්නේ නැත. එවිට කිඹුලා හීන් නූලෙන් එයින් ගැලවී යන්නේය. එසේ ගැලවී යාමට කිඹුලා උපන් හපනෙකි. මන්ද ඔහු උපතින්ම නූල් සූත්තර කාරයෙකි.

කිඹුලා හැම විටම අන් කිඹුලන්ට තර්ජනයකි. එමනිසා කිඹුලා සැම විටම අන් කිඹුලන් පිළබඳව දැඩි විමසිලකින් ජීවත් වෙන්නෙකි. කිඹුලාව ඇල්ලීමට විවිද අවස්තාවල දඩයක් කරුවන් පැමණ ඇත. ඒ හැම විටම කිඹුලා බේරී පලාගොස් ඇත. කිඹුලා පවසන අන්දමට කිඹුලාව ඇල්ලීමට නම් තමාට වඩා වැඩ කාරයින් පැමිණ සෑහෙන ගේමක් දිය යුතුය. නැතහොත් පිටු පසින් පැමිණ වෙඩි තිය යුතුය.

අවසාන වශයෙන් කිඹුලාගේ ආහාර වේල ගැන විමසූ විට ඔහු පැවසූයේ " අපි කන්නේ මැටි. ඒ අපේ හැටි කියාය. "