July 28, 2010

තවත් එක් සිදුවීමක්

පෝය දවසට අපි හැමෝම පන්සල් යනවනෙ. මාත් පන්සලට යන්න කියල හිතාගෙන පාරට ආව. ඇත්තට පන්සලට ගියාම අපේ මනසට කොච්චර සහනයක්ද. පෝය දවසට අවට පරිසරේ උනත් අමුතු එලියක් තියෙනවනෙ. උදේනම් උපාසක උපාසිකාවො සිල් සමාදන් වෙන්න පන්සලට යනව. හවසට අනිත් හැමෝම වගේ පන්සල් යනව. පාර බලන්න ලස්සනයි. ඔය අතරින් බීගත්ත මිනිහෙක් නෑදෑ පරම්පාරාවකටම බැන බැන ආවොත්. එහෙම දෙයක් එදා ඇසළ පෝය දවසෙ උනා. මිනිහෙකුට කියන්න පුළුවන් තුච්චම තුච්ච වචන වලින් බැන බැන පාරෙ යන්න ඔයාලට පුළුවන්ද ?. සුද්දො සිංහලයව නැති කරන්න දීල ගිය දෙයක්නෙ අරක්කු. මොකද සිංහලයො වගේ ජාතියක් ඉහළට ආවොත් උන්ට තියෙන තැන නැතිව යනව. ඒක නිසා සුද්දො ලංකාවෙන් යද්දි ඔය වගේ විශබීජ පැල කරල ගියෙ. බලාගෙන ඉද්දි ඒව පැතිරිලා යනව. වගකිවයුත්තො නිහඩයි. තවත් අය උඩගෙඩි දෙනව. නමුත් කල්පනා කරල බලන්න, අපි බුද්ධාගමත් එක්ක පෝෂණය වෙච්ච ජාතියක්. ගමයි පන්සලයි, වැවයි දාගැබයි කියන සංකල්පෙට තමා වැඩ ක‍ටයුතු කලේ. පුරාණෙ ලංකාවෙ හිටිය රජවරු ඒ විදිහට කටයුතු කලා. නමුත් දැන් එහෙම වෙනවද ?. අපි ජාතියක් විදිහට ඉදිරියට යන ගමනෙදි මේ වගේ දේවල් වෙද්දි අපි මොකද කරන්නෙ. සමහරක් බුද්ධාගමයි සිංහල කමයි රැකගන්න දගලන කො‍ට තවත් පිරිසක් කරන වැඩ තමයි මේව. අපේ රටේ නීති හදල තියෙන්නෙ මේ වගේ දේවල් වෙන්නද ?. අපි විශ්ව ගම්මානෙට යන්නෙ මේ වගේ දේවල් එක්කද ?. comment කරන්න. ඒක මට ගොඩක් වටිනව.


July 27, 2010

පොඩි වෙනසක්

මට ඊයෙ මහ කම්මැලි දවසක්. ඉතින් කම්මැලිකම යන්න සිංදුවකුත් අහගෙන පාඩුවෙ හිටිය. ඒ හරි යන්නෙත් නෑ. ‍මොනව කරන්නද කියල හිත හිත ඉන්නකොට කණියලගෙ මලය හම්බවෙන්න යන්න හිතුන. ඉතින් මම හිමීට පල්ලම් බැහැල ආව යොහාන් ඉන්නවද කි‍යල බලන්න. වදින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුන වගේ ඌ නෑ. මාත් ඉතින් ආපහු ගෙදරට එනව. එකපාරට පොඩි විසිල් පාරක් ඇහිල බලපුවාම යොහාන්. මල් හතයි. ඊට පස්සෙ දෙන්නත් එක්ක ගෙදරට ගිහිල්ල මලයගේ රාජකීය යන්තරෙත් දාගත්ත. ඊට පස්සෙ තමා ඔයාලට දැන් මේ පෙ‍්න විදිහට Blog එක වෙනසක් කලේ. හොදයි නේද?. සම්පූර්න ස්තුතිය යොහාන්ට. ඇත්තටම යොහාන් ගැන පොඩ්ඩක් කියන්න ඕන මේ වෙලාවෙ. අළුත් දෙයක් කරන්න හදන බොහොම නිර්මානශීලි තරැණයෙක්. ඉතින් මටත් ගොඩක් උදවු කරල තියෙන කොල්ලෙක්. එකෙන්ම ස්තුතිය යොහාන්ට.

July 26, 2010

වලා තීරයෙන් එහා

මේ සින්දුව අහනකොට මට මතක් වෙන්නෙ මගෙ හොදම මිතුරෙක්ව. ඒ තමා ක්‍රිස්ටිය. ඔයාලට මිනිහ ගැන දැන ගන්න කැමති නම් මෙතනට කොටල බලන්න. ගිරිඋල්ලෙ ඉන්න කාලෙ මගෙ වගේම අනිත් අපේ හිටිය යාළුයවො ඔක්කොගෙම ‍වගේ හොදම යාළුව උනෙ ක්‍රිස්ටිය තමා. දැන් ක්‍රිස්ටිය ලංකා‍වෙ නෑ. වැඩිදුර අධ්‍යාපනය ලබන්න විදේශ ගත වෙලා ඉන්නෙ. ඉතින් උගෙ හදවතේ නිතරම ලැගුම් ගත් ගීතය මම ඔයාලට දෙන්නම්.

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙම් පැතුම් බිගුම්
අපේම ලෝකයක් //

තරංගයක් ලෙසින් නදී
බිදී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්

වලා තීරයෙන් එහා ......

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්

වලා තීරයෙන් එහා ......

ගායනය : T.M ජයරත්න

හදවතේ රිද්මය සොයා යන සිංහල ගීතයේ තනුව, හදවතේ ලැගුම් ගත් ගීතය සමග එක් වෙන්න. මේ ගීතය අහන්න කැමති අය මෙතනට කොටන්න. ඒ වගෙම ඔයාල කැමති සින්දුවල පදමාලා මගෙන් ඉල්ලන්න. මම ඔයාලට ඒව දෙන්නම්. ගීතය අහන්න එකෙන්ම. com එකට ගොඩ වෙන්න.

July 23, 2010

හදවතේ ලැගුම් ගත් ගීතය

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑනනේ //
රාත්‍රිය උදා උනා

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑනනේ
රාත්‍රිය උදා උනා

ඔබ අව්දින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැව්ල් මවා ලයි
පුරා රැය නෙතින්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑනනේ
රාත්‍රිය උදා උනා

ගායනය: T.M ජයරත්න

හදවතේ රිද්මය සොයා යන සිංහල ගීතයේ තනුව, හදවතේ ලැගුම් ගත් ගීතය සමග එක් වෙන්න. මෙම ගීතය ඇසීමට මෙතන කොටන්න.

ජය ශ්‍රී

මගෙ පළවෙනි ලිපි දෙක බලල මාව සයිබර් අවකාශ පිළිගත්ත, මාව දිරිමත් කරපු, මගේ වැරදි පෙන්නල දීල නිවැරදි කරපු හැමෝටම ස්තුතියි. සුද්දො හදපු යන්තර වලින් අපේ කොල්ලො කෙල්ලෝ දාන වැඩ දැක්කාම මටත් මාර අභිමනයක් හිතට එනව. ඒ මොකද මාත් සිංහලයෙක් නිසා. ජාතියක් විදිහට ඉදිරියට යන ගමනෙදි ඒ වෙනුවෙන් වැඩ කරන්න මාත් ඉන්නව. අපි හැමෝම එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ. හැමෝටම ජය ශ්‍රී.

July 20, 2010

මගේ විස්තරේ

හොදයි එහෙමනම් මම ගැන පොඩි විස්තරයක් කරන්නම්කො. මගෙ සමපූර්ණ නම තමා විජේසුන්දර ඒකනායක මුදලිගේ ශාමින්ද ඒකනායක. මගෙ උපන්දිනේ 1987/06/04. අම්ම මනෝහරි රණසිංහ. තාත්ත විමල් දයානන්ද ඒකනායක. මට සහෝදර සහෝදරියො නැ. මට ආදර වන්තියක් ඉන්නව. මම ඉපදුනේ මීරිගම. ඉස්කෝලෙ ගියෙ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට. අපි වැඩි කාලයක් හිටියෙ ගිරඋල්ලෙ. A/L කරල ඉවර උනාට පස්සෙ අපිට මීරිගමට එන්න වුනා. මම ගොඩක්ම කැමති සිංදු අහන්න. තව පොත් කියවන්නත් කැමතියි. අපේ රටේ හැමතැනම ඇවිදින්න යන්න කැමතියි. වොලිබෝල් ගහන්නත් කැමති. මම හැමෝම එක්ක විහිළුවක් කරල බොහොම සතුටින් ඉන්න කැමතියි. මේ දවස් වල තාත්ත එක්ක එකතු වෙලා වත්තෙ වගාවක් කරගෙන යනව. ඒ ගැන පස්සෙ කියන්නම්කො. මෙච්චරයි ඉතින් මම ගැන කියන්න තියෙන්නෙ.

July 18, 2010

පලමු සටහන..

ජිවි‍‍තෙ පළවෙනි වතාවට තමා මෙහෙම දෙයක් ලියනනෙ. මුලින්ම මෙහෙම දේකට මම දැක්කෙ අපේ කණියගෙ Blog එක. ඊටපස්සෙ මටත් පොඩි ආසාවක් ආව Blog එකක් ලියන්න. හැරි හැරි හිටියෙ නෑ. කෙලිනම ගියෙ කණියලගෙ ගෙදර. යනකොට මිනිහ බරටම වැඩ. කියල වැඩක් නැ උගෙ වැඩේ පැත්තකින් තියල මුල සිට සරළව කියල දුන්න. ඊට පස්සෙ ඔක්කොම වැඩ කරල දුන්නෙ කණිය තමා. මොනවද එකෙන්ම ස්තුතිය කණියට තමා.පරිඝණක වැඩ කටයුතු වලදි කණිය වගේම ඉගාෂ් වත් මට සෑහෙන්න සහය වෙලා තියෙනව. මගෙ computer එකට Windows7 ඔබල දුන්නෙ ඉගාෂ් තමා. මෙ වෙලාවෙ ඌව වගේම කණියගෙ මල්ලිවත් මතක් කරන්නව. එයත් මට සෑහෙන්න සහය දිල තියෙනව. හරි කටටියම මතක් කලා. මම ගැන විස්තර පස්සෙ කියන්නම්කො. එහෙනම් පස්සෙ හම්බ වෙමු. නැවතත් කණියට ස්තුතිය.