August 17, 2010

අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ

අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ
වල්කොල අතුට නිදා බෝඩින් යහනේ
හොදටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ
පාළුයි සිහින විමානේ //

සූ සැට ශිල්ප කලා සල් පිලකට නෙගැනේ
හඳ එලියෙන් කිසිදා ලිප ගිණිදැල් නොනැගේ
සත් රුවණින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරුකල
කොම්පියුටර් නොදැනේ //

අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ .....

ඡන්දෙට පැල් රැක්කා ගිණි තැප්පට සරියේ
මවු පිය කඳුළු වැටී සහතිකපත් මැකුණේ
රණ් අකුරින් නම ලියවුනු රණ් කැටි පුතුනට පමණයි
සිංහාසන සැදුනේ //

අල්ලට ශිල්ප සිගා සරසවි පාරේ .....


ගායනය : ගුණදාස කපුගේ

මේ සිංදුව මට අහන්න හම්බ වුනේ අහන්බෙන් වගේ. මම ඉස්සර කපුගේ ශූරීන්ගෙ සුපුරුදු සිංදු ටික අහනව විතරයි කරන්නෙ. දවසක් ‍රේඩියෝ එකේ වැඩසටහනකට මේ සිංදුව දැම්මා. මාත් කපුගේගෙ ෆෝල්ඩරේ ඇදල බලපුවාම සින්දුව තියෙනව. ඊට පස්සෙ ලංකාවෙ තවත් එක් කේදවාචකයක් ගැන කියවෙන මේ ගීතය මගෙ හදවතේ නිතරම ලැගුම ගත්ත. සුපුරුදු පරිදි මේ ගීතය අහන්න මෙතනට කොටන්න වෙනව.

නියම comment එකක්

මම කලින් ලියපු ලිපියට නියම comment එකක් තිබුණ. මම ඒකට නියම කියල කියන්නෙ මම ලියන දේවල් වලට මෙච්චර කාලයක් comment ආවෙ මටනෙ. මේ comment එ‍කේ මාව වගේම මගෙ අම්මවත් මතක් කරල තිබුණ. හැබැයි මට පුතා කියල මගෙ අම්මට ඌට ලියන්න පුළුවන් මට ගියන්න බැරි වචනෙකින් තමා ආමණ්ත්‍රනය කරල තිබුණෙ. මගෙ අම්මව මතක් කරපු එකනම් හොඳා. නමුත් මතක් කරල තිබුණ විදිහෙ වැරැද්දක් තියෙනව. මොකද මගෙ මොකක් හරි වැරැද්දක් තියෙනව නම් අම්මට බැනල වැඩක් නැහැ. මෙතෙක් මට comment කරපු අය බොහොම පළපුරුදු අය. ඒ අය මගෙ වැරදි බොහොම නිහතමාණී විදිහට පෙන්නල දීපු වෙලාවල් තිබුණ. ඒ වගෙම මට සුභ පැතුව. ඒත් මේ comment එක දාපු වීරය මොන මානසික තත්ත්වෙක ඉදල comment කලාම කියල මට හිතාගන්න අමාරුයි. මට ඌත් එක්ක කිසිම තරහක් නෑ. නමුත් බෙහොම කලකිරීමක් අති වුනා. මොකද විශ්ව ගම්මානෙට අපි යන ගමනෙදි මේ වගේ ගෝතයො මෙනව කරයිද කියල මට හිතාගන්න අමාරුයි. මගෙ Blog එකේ කුණු ගොඩවල් තිහගන්න අකමැති නිසා මම ඒක අයින් කරල දැම්ම. හිතට සතුටක් දැනෙන‍්නෙ බහුතරය ඉන්නෙ හොඳ පැත්තෙ නිසා. මට comment කරන ‍ගොඩක් අය මම අදුනන්නෙ Blog ලියන්න ආවට පස්සෙ. මෙතෙක් මට හොඳ වචනෙන් comment කරපු සියළු දෙනාට මගෙ හදපිරි ස්තුතිය.

August 16, 2010

මමත් Domain එකක‍ට මාරු උනා

පොඩි පොඩි වෙනස් කම් කීපයක් එක්ක මමත් Domain එකක‍ට මාරු උනා.(shaminda.info) ඒක කරල දුන්නෙත් කණියම තමා. ඔය සම්බන්දයෙන් මම මුකුත්ම දැනගෙන හිටියෙ නෑ. ඒ හරිය මුල ඉදලම කියල දීපු කණියට මම ගොඩක් ස්තුති වන්ත වෙනව. මෙකද කණිය නිසා තමා අද මම මේ වගේ ගමනක් ආවෙ. යොහාන් මල්ලිත් මට සෑහෙන්න උදව් කරා. එයාටත් බොහොම ස්තුතියි. ලගදීම මම ලියන ගී පද වැල් වල ගීතත් මගෙ blog එකේ ඉදලම අහන්න සලස්සන්න කටයුතු කරන්නම්කො. මෙතෙක් මගෙ blog එක බලපු, comment කරපු, මට උදව් කරපු හැමෝටම නැවතත් බොහෝම ස්තුතියි.

August 14, 2010

බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා........

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා

සරාගික වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ //
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදි වුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

බිඳුණු පෙම් හද ........

ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මන්සලේ //
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හම්වේවී
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නනේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්

බිඳුණු පෙම් හද ........


තවත් මගෙ හදවතේ රැදුනු ගීතයක් මම ඔයාලට ගෙනාව. මේක අහන්න එකෙන්ම. com එකට ගිහිල්ල පුළුවන්. අමතක නොකර comment එකකුත් දාන්න.

August 5, 2010

අපේ කිරී

අපේ ගේ පිටිපස්සසෙ කුස්සිය තියෙන හරියට නිතරම ලේනෙක් එන්න යන්න පටන් ගත්ත. ඉතින් අපේ අම්ම පලන්න කියල ගෙනත් දාල තිබුණු දර කොටයක් උඩට කෑම ටිකක් දාල බැළුව. ලේනත් ඒව කාල ගියා. පළවෙනි දවස් වල බොහොම බයෙන් තමයි ලේන ආවෙ ගියෙ. පස්සෙ පස්සෙ ලේන අපිට සෑහෙන්න හීලැ උනා. අම්ම ලේන‍ට කිරී කියල කතා කරන්න ගත්ත. ඊට පස්සෙ තාත්ත බිත්තියෙ ලෑලි කෑල්ලක් ගහල ඒකට කෑම දාන්න පටන් ගත්ත. එතකොට ලෙන්නු ගොඩක් එන්න යන්න පටන් ගත්ත. ඒත් කිරි තරම් අපි‍ට හීලැ උනේ නෑ.

දවසක් වහලෙ උඩ කිරී මහ හයියෙන් කෑ ගහනව. අපි එලියට ඇවිල්ල බැළුව මොකද කියල. පාරෙ යන බල්ලෙක් වත්ත‍ට ඇවිල්ල. ඊට පස්සෙ බල්ලව පන්නල කිරී‍ට කතා කලාම කෑ ගහන එක නැවැත්තුව. උදේ‍ට කෑම දාන්න පරක්කු උනොත් කිරී ගේ ඇතුලට ඇවිල්ල කෑ ගහනව. හැබැයි අනිත් ලේන්නු එහෙම නෑ. අපේ අම්ම සාලෙ ජනේලයක් ගාවින් පුටුවක් තියාගෙන හිටියොත් කිරිත් එතනට ඇවිල්ල ඉන්නව. අම්ම උදේට රේඩියෝ එකේ බණ අහනව. එතකොටත් කිරි ඇවිල්ල බණ ඉවර වෙනකන් ඉදල යනව. අම්ම පේන්න හිටියෙ නැත්නම් කිරි කොහොම හරි අම්ම ඉන්න තැනට හොයාගෙන යනව.

අපේ කුස්සිය පිටි පස්සෙ තිබුන පරණ තේ කොල පෙට්ටියක්. ඒක ඇතුලෙ පරණ බෝතල් යකඩ කෑලි දාලයි තිබුනෙ. කිරී ඕක ඇතුලෙ කූඩුවක් හදන්න ගත්ත. ‍ටික දවසකින් කිරි එන්නෙ නැතිව ගියා. අනිත් ලේන්නු එනව. ඒත් කිරී කියල කතා කලාම වෙනද එන ලේනා නෑ. ඔය අතරෙ අපේ තාත්ත තේ කොල පෙට්ටිය ඇදල බැලුව. තේ කොල පෙට්ටියෙ අතුලෙ තිබුනු යකඩ දැලක හිර වෙලා කිරී මැරිල හිටිය. ඒ ගාවම කිරී බාගෙට හදපු කූඩුවත් තිබුණ.

තාමත් අපේ ලෑල්ලට කෑම කන්න ලේන්නු එනව. ඒත් කිරී තරම් අපිත් එක්ක මිත්‍රශීලී නෑ. ම‍ට තාමත් හිතාගන්න බැරි කිරී අපිත් එක්ක හීලැ උනේ අපි කෑම දාපු නිසාද ?. නැත්නම් වෙන මොකක් හරි හේතුවකටද කියල.