April 22, 2014

සයිබර් සිහින උළෙල 2014.

මුලින්ම කියන්න ඕනේ මං අවුරුදු උත්සවේට අවේ නෑ. නමුත් දසතින් ඇහුනු විස්තර කිරීම් හා බුකියේ සෙයාර් උන ෆොටෝ දිහා බලද්දී නම් අවුරුදු උත්සවේ ජයටම ගිය බවක් තමයි පෙනී යන්නේ. එන්න නොවිච්ච එක ගැන කනගාටුවත් හිතේ ති‍යාගෙනව ලියනවා පෝස්ට් එක.

දැන් ඉතිං මං ආපු නැති නිසා වැඩේට,කොයින්ද මට විස්තර. ගිය කිහිප දෙනෙක්ගෙන් අහලා දැන ගන්න හිතුනූ නිසා කිහිප දෙනෙක්ගෙන් අහලා බැළුවාම හැමෝගෙම පොදු මතේ තමා මේ පාර අවුරුදු උත්සවේ වෙනදාටත් වඩා බොහෝම සාර්තක විදියට කෙරී ඇති බව. ඒ ගැන නම් බොහෝම සංතෝසයි. මොකද මෙලෝ දෙයක් නොකෙරුවා උනත් පළවෙනිම අවුරුදු උත්සවේ සංවිදායක තුමෙක් තමා මාත්. ඒ වෙන කොට දැනුං තෝරුං නැති උනත් අනිත් උර දීල වැඩ කටයුතු කල අයියලා අක්කලා එක්ක මාත් උන්නා කියන සංතෝසේ හැමදාම මගේ හිතේ ‍තිබුනා. ඒ පටන් ගත්ත පටන් ගැනිල්ල හතර වෙනි වතාව වෙද්දි මේ වගේ තැනකට ගෙන ඒම ගැන සංවිදායක මන්ඩලේ සැට් එකට ස්තූති කරන්න ඕන.

දැන් ඉතිං ඔය වැඩේ යද්දී හැමදාමත් වගේ ඉල ඇදෙන සීන් කෝන් එහෙම වෙන්න ඇතිනේ. ෆොටෝ බලද්දිනම් ටිකක් ටිකක් ඒවා දැක්කා. අනේ ඉතිං දෑහිං බලන්න බැරි උනානේ. ඔය අතරේ සයිබර් උළෙලේ සිහින කුමරා වෙච්ච අපේ සිහින මලයලෑ ගෙවල් පැත්තේ ගියා අද. ගියේ ඉතිං හා හා පුරා කියලා ගත්තු මගේ අළුත්ම කැම් පැන්චා පාවිච්චි කරන විදිය ගැන කාරනා කාරනා දැන කියා ගන්න. අනේ ඉතිං ලෝබ කමක් නැතිව දන්න කියන සේරම මට කියලා දුන්න එකට සිහින මලේ උබට බොහෝම පිං. මෙන්න ඉතිං මගේ කැමරාවේ පොටෝව මුලින්ම.


ඒ වගේම කියන්න ඕනා මට මේ සදහා උදව් කල බොහෝ දෙනා මේ සයිබර් අවකාෂයෙන් මුන ගැසුනු අය. ඒ සියළු දෙනාටම බොහෝම ස්තූති. 

ඉතිං ඔහොම සිහින මලයාත් එක්ක කයියක් දා ගෙන ඉන්න වෙලාවේ නිකමට වගේ ඇහුවා " මලේ නැද්ද අවුරුදු උත්සවේ ෆොටෝ " කියලා. කියනකොටම දුන්නා හැටු හුට හමාරක් ෆොටෝ. දන්න කියන මූනු වගේම නොදන්න ගොඩක් අයත් මේ පාර සිහින උලෙලට ඇවිත් තිබුණා. ඉතිං ඒ අතරින් දන්න කියන අය ඉන්න පිංතූර කිහිපයක් දැක්කාම මටනම් ඉල ඇදෙන්න හිනා ගියා. මෙන්න පළවෙනි එක.


එහෙට හැරිලා මෙහෙට හැරිලා බැළුවා මොකාද බොලේ මේ මරු සිරා කියල. පස්සෙනී මීටරේට පත්තු උනේ මේ අපේ රණා අයියා ගොයියා කියා. හනේ ඉතිං ලණු අත අරින්න ගියාම මෙහෙමත් වෙනවා නෙවෙද ......... 


මෙව්වනම් මහ අසාධාරණ වැඩ. අර අගේ ඇති නළාවක් පිබ පිබ ඉදලා ඕනේ අයියා ඒක ටිකක් පිබින්න ඉල්ලුවාම ඒක නොදී වෙන මොකද්ද අට මගලක් දීලා.ඒක පිබ ගන්න බැරිව බලාපල්ලාකේ මූනත් එක්ක පරල වෙලා තියෙන හැටි. අර නලාව ඕනේ අයියාටත් ටිකක් පිබින්න දුන්නානම් ගෙවෙනවද කියහල්ලකෝ. ඒක හොදට පිබලා, ඕනේ අයියාට නොදී මේ යෝදයා හිනා වෙන කැත විතරක්. අනෙ අප්පේ ....................


කවුද බොලේ මේ අපේ හීන මලයට පිපිරෙන්නේ නැති බැළුමක් දුන්නේ. බලහල්ලකෝ අච්චර ලොකු වෙන්ඩ මේ යෝදයා කොහේ තියෙන හුලං ඒකට පිම්බද මන්දා. තව ටික වෙලාවක් පිම්බානම් හීන මලයා බැළුම ඇතුලේ. නැත්නම් හකු පැනලා. අර බෙල්ලේ එල්ලං ඉන්න විසිල් එක පිබ පිබ ඉන්නේ නැතිව මොන අහවල් එකකට මේ බැරි එව්වට පිබින්න ගියාද මන්දා ...................


අහන්ඩ බැරි එක වෙනම කථාවක්. ඒ උනාට වටිනවද අතේ තියෙන රබාන උදුරන් ගිහින් ප්ලාස්ටික් බේසං වල මූඩි අතට දෙන එක. මේ රටේ හැකියාවටත් තැනක් නෑ. හැකියාවක් ඇති කර ගන්නත් තැනක් නෑ. අමාරුවෙන් හරි රබං පද දෙක තුනක් ගැට ගහන්න දගලපු බනියා මලයට ඊගාව පාර මංම රබානක් ගෙනැල්ලා දෙන්නම්කෝ. ආයේ එක එකාලයේ අනම් මනම් නැතුව උබ ඒක පැත්තකට වෙලා පැළුවත් කමක් නෑ.


යකඩෝ මේ මේකද්ද හීන මලයාට කොරන්න හදලා තියෙන අපරාදේ. එක්කොත් මේක ගැන නොදන්න නිසා මුකුත්ම නොකියාම ඉන්නම්කෝ.

ප:ලි. හුදෙක් විනෝදය සදහා මෙම ඡායාරූප බාවිතා කල අතර යම් අපහසුතාවයක් යම් අයෙකු භාජනය වන්නේ නම් සමාව භාජනයේ ඇත.

6 comments:

  1. කොහෙංද බං මේ ෆොටෝ හොයාගත්තේ?
    ෂික්...
    විලි ලැජ්ජාවේ බැහැ...

    ReplyDelete
    Replies
    1. සිහින පුතාගේ කැමරාවේ තිබ්බ ඒවා තමා ඉතිං.

      Delete
  2. //කිහිප දෙනෙක්ගෙන් අහලා බැළුවාම හැමෝගෙම පොදු මතේ තමා මේ පාර අවුරුදු උත්සවේ වෙනදාටත් වඩා බොහෝම සාර්තක විදියට කෙරී ඇති බව. //

    සංවිදායක මණ්ඩලේ කොනක හෝ එල්ලී සිටීමට ලැබීම පට්ටම සතුටකි

    ඒ වගේම
    අලුත් කැමරා පැන්චාට සහ උඹේ අලුත් වැඩේට මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  3. මන් හිටියට මොකෝ , සැහෙන්න මිස් උනා මටත් ,

    ReplyDelete
  4. අර අන්තිමට තියන පොටෝ එක තමයි Invisible Chair කියන අවස්ථාව. තරඟය විනිශ්චය කරපු අය කිවුව නොපෙනෙන පුටුවක වාඩි වෙන්න කියල.. ඉතිං මං ඉඳගෙන උන්න.. බලන්න හැකියාව කෝමද කියල. :D

    සුබ පැතුම් ඈ අලුත් කැමරාවට. ඕකට වටේ එල්ලගන්න අඩුම කුඩුම ටිකත් වැඩි කල් නොගොස්ම ගන්න ලැබේවා !!

    ReplyDelete
  5. සුභ සුභ වේවා

    ReplyDelete