April 9, 2014

උසස්වීම.

කමල් ගාමන්ට් එකක වැඩට යන්නේ ඇයි කියලා අපිට හිතා ගන්න බැරි උනා. මිනිහා කියන විදියට බයෝ සයන්ස් කරලා හෙන පොරක් වෙච්ච මිනිහෙක්. අපිනම් දැනන් උන්නේ නෑ ඔය කියපු හෙන පොරත්වය මොන වගේද කියලා. අපිත් එක්ක එකට වැඩ කරනකොට දුන්නු පොර ටෝක් වල හැටියට ඉතිං මිනිහා ඔය කියපු හෙන පොරක් වගේ ඇති කියලා අපි හිතිං හිතා ගත්තා.

අපිට ලැබුණු රාජකාරිය අපි අකුරට කලා. ඒකත් ඉතිං අපිට අනුවනේ කියන්නේ. දන්නෝ දනිති ඒවත්. අපි ඒ විදියට වැඩ නොකලානම් ඔය කමලට අපිට වඩා ඉදරියට යන්න පුළුන් නොවෙන්නත් තිබ්බා. කොහොමින් කොහොමින් හරි මිනිහා අපේ ලොක්කා උනා කියමුකෝ. ඔන්න දැන් තමයි කථාව පටන් ගන්නේ.

ඔය අස්සේ එතෙන්ට පාත් උනා ඔය අතාක් පාතක් තියෙනවද දන්නෙත් නැති, නටන්න පුළුවන් වන්නම් සේරම නටා ගත්ත, මේලෝක වැඩක් හරියට කර ගන්න බැරි, හැබැයි එක වැඩක් හරියටම කර ගන්න පළුවන් ස්ත්‍රී පරානයක්. අපි ඉතිං නිලූකා කියමුකෝ එයාට. ආපු දවස් වල නම් බොහෝම හොදට උන්නා. ඒත් ඉතිං කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටනේ.

නිලූකට ඕන උනා කොහෙම හරි මෙතන වැඩ කරන අයගෙන් අඩුවෙන්ම වැඩ කරන පුද්ගලයා වීමට. මොකද මෙතන යන වැඩ පිළිවල එක්ක නිලූකට වැඩ කරන්න අමාරුයි. කරන්න තියෙන හොදම දේ තමා කොම හරි ලොක්කෙක් අල්ලගෙන මොන ගේමක් ගහලා හරි ඒකිගේ වැඩේ කර ගන්න එක. අන්තිමට ඉතිං අර හය හතර නොතේරෙන, බොහෝම උගත්, නැනවත්, ගුනවත්, සීලා චාර ඔහොම ඔහොම ගොඩක් ඒව තියන කමලව තමා දැලේ දා ගත්තේ.

දැන් තමයි සීන් කෝන් එකේ පටන් ගැම්ම. අපිට කමක් නෑ උන් මොන මංගල්ලයක් කර ගත්තත්. ඒක් ඉතිං වැඩ කරන වෙලාවට අපි කන්ඩායමක් විදියට වැඩ කලේ නැත්නම් එතැන වැඩ කරන්න අමාරුයි. නමුත් අර කියපු දැලේ දා ගැනිල්ලත් එක්ක කමල් ගේ පෙන්නන් උන්නු චරිතේ දිය වෙලා යන්න මහ ලොකු කාලයක් ගියේ නෑ. අනික මිනිහා දැන් අනිත් අයට වඩා උසස් හින්දත්, ලොක්කන්ට ගොට්ට අල්ලන් ඉන්න නිසාත් මිනිහාට ඕනම දෙයක් කරන්න හැකියාව තිබුණා. නමුත් මොන ටෝක් දීලා තිබ්බත් අන්තිමට මුළු ආයතනේම දැන ගත්තා සතාගේ හැටි.

ඔන්න ඕකයි කමල්ගේ සරලම කථාව. මිනිහා කියන විදියට මිනිහාට මෙහෙම ඉන්න ඕනේ මිනිහෙක් නෙමේ. මොකද හොදට ඉගෙන ගෙන තියනවා. අනික බයෝ සයන්ස් කරපු එකා. අනික් ඉතිං කියලා තිබුණු විදියට සමාජ අත්දැකීම් අතින් මිනිහා අපට වඩා හරි ඉදිරියෙන් උණ්නේ. ඒක කොච්චරද කියනවා නම් දවසක් ඔය ලොකු ලොක්කෝ ඉන්න තැනක පොඩි තේරවිල්ලක් ගැන ගැතාවක් ගිහින් තිබුණා. මිනිහාගෙන් තේරවිල්ල අහපුවාම ඇත්තටම ඉතිං මිනිහාගේ තියෙන මහා දැනුම් සම්භාරයේ ඒක තියෙන්න නැතිව ඇති. අන්තිමට මිනිහා බේරිලා තියෙන්නේ මම බයෝ සයන්ස් කරපු එකා. මම තේරවිලි ගැන දන්නේ නෑ කියලා. අනේ මන්දා ඒක නම්. බයෝ සයන්ස් කලාම එහෙම වෙනවාද කියලා දැන ගන්න අපි කොරපු එකක් යෑ ඕවා.

ඔන්න ඉතිං අපිත් එක්ක හොදින් උන්නු කාලේ මිනිහා ඔය යම් යම් දේවල් ගැන තර්ක විතර්ක කරනවා අපි. හරක් මස් කෑම ඒ වගේ එක මාර්තුකාවක්. මිනිහා මොන තරම් හරක් මස් කෑමට විරුද්ධද කියනවා නම් බුකියේ පවා යම් යම් දේ සෙයාර් කරමින් මහා කර්තව්‍ය පවා කරනවා. ඉතිං ඔය නිලූක ගේ ආගමික පරිසරය අරක මේක එක්ක හරක් මස් කෑම කරනවා. මිනිහා මුලින් මුලින් විරිද්ධ උනත් පස්සේ දැලේ පැටළුනාට පස්සේ මොනවා කරන්නද ?. අයේ හරක් මස් කෑම ගැන මිනිහාගේ කථා ගොන්නෙන් අයින් උනා. 

ඉතිං ‍කොහොමින් කොහොමින් හරි උගේ තියරි වලට වෙච්ච දෙයක් නැතිව ගියා. අගේට හිටිය කොළුවා. අනික‍ පොරට අනුව පොර මාර පොරක්නේ. අපිට මොකද මොන වෙඩිමක් නට ගත්තත් කියලා සද්ද නැතිව උන්නට අන්තිමට අපිටම තමා මිනිහා කෙල කරන්න ආවේ. මොකද නිලූකට වඩා සීනියර් මට්ටමේ 3න් දෙනෙක් උන්නා. ඒ 3න් දෙනා ඉන්න කල් නිලූකව ඉස්සරහට ගේන්න කමල්ට බෑ. ඔතන ඉදන් තමයි ප්‍රෂ්න ඇති‍ වෙන්න ගත්තේ. මොක මේ 3න් දෙනාට කමල් හිතා මතාම කෙනෙහිලි කම් කරන්න ගත්තා. ඒවාට විරුද්ධව කථා කිරීමත් එක්ක කමල් තවත් කෙනෙහිලි කම් කලා. අවාසන ප්‍රතිඵලය උනේ මේ තිදෙනාම ආයතනයෙන් ඉවත් වීමයි.

මම ඉතිං මේ කථාව කියා ගෙන ආවේ තමුන්ට ලැබෙන දේ මොන දේ උනත් හරියට කලමණා කරනය කර ගත්තේ නැත්නම් වෙන දේවල් ගැන. මිනිස්සු ඉදිරියට යන්න ඕනා. රැකියා මට්ටමෙන් හෝ වෙන යම් ඕනෙම දේකින්. නමුත් මුල අමතක කිරීමත් එක්ක ඒ ඉදිරියට යාම තුල කොතරම් කල් රදා පවතින්න පුළුවන් වෙයිද කියන එක කවුරුත් දන්නේ නෑ. අනිත් එක කමල් මේ වැඩ කලේ තමුන්ට විවාහ වීමට බොහෝම දිරිය වන්ත කාන්තාවක් සමග සම්බන්දයක් තියෙද්දිත්. ඒත් ඉතිං පොත්තේ සුදට සේරම යටයිනේ.

කාලෙකින් ආයේ පෝස්ට් එකක් බොහෝම අමාරුවෙන් ලියා ගත්තේ.
නම් ගම් මඃකල්පිතයි.

10 comments:

  1. Replies
    1. සෑහෙන කාලෙකට පසුවයි ............. :D

      Delete
  2. ඒ වුනාට ඉතිං අයින් වුන එකෙන් කමල්ටම තමයි දිනුම ලැබෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇති වෙලා තිබුණු වාතාවරනෙත් එක්ක බොරුවට වැරදි කාරයෙක් වෙලා එලි‍යට විසි වෙනවාට වඩා අයින් වෙන එක හොද කියල හිතුන ඉවසලා ඉවසලා බැරිම තැන.

      Delete
  3. බුල්ටෝ අර අයින් උනු 03 දෙනාගෙන් කෙනෙක්ද ?

    ReplyDelete
  4. අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපි වෙනස් උනොත් ලෝකෙත් වෙනස් වෙනව.. මොනා උනත් කමල් එල කොල්ලෙක් නේහ් :)

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක් ටික කාලෙකට. කෙහෙල් ගහටනේ දෙයියනේ කියලාම කෙටුවේ.

      Delete
  5. ඇති යාන්තං බ්ලොග මතක් උනා

    ReplyDelete
  6. හෙහ් හෙහ් හෙහ්.

    ReplyDelete